Tuesday, November 27, 2012

මගෝඩිසෝ දුවපන් පන බේරාගෙන මෙන්න ලෝක විනාසේ....


මේ ටිකේම පාටි ගොඩයි පෙරේදා අපේ සනා බෝයි හැට්‍රික් එකක් දැම්ම නොවැ  ඒකට ගිහින් ආව විතරයි, මාත් එක්ක ලී බිස්නස් කරන සෝමේ අයියගේ කෙලිගේ මගුලට එන්නයි කියලා කෝල් එකක් ආව.දැන් මේ එකට ගොහින් ආව විතරයි .මංගල්ලේ නම් ජයට තිබුන කෙලීට අවුරුදු 20ක් ඇති මයේ හිතේ මනමාල මහත්තය නම් අවුරුදු 18ක විතර කෙලි පොඩ්ඩක් ඉන්නවලු .එත් මොකෝ ඌට කොටි ගණන් සල්ලි තියනවා නොවැ.
ගැලපෙනවා නේ ...
ගෙදර එනකොට 12.00 පහුවෙලා හයිවේ එක තිබුන හන්දා හොදා ඉතින් පැය බාගයක්වත් ගියේ නෑ මගේ හිතේ ගාල්ලේ ඉදන් ගෙදෙට්ට එන්ඩ ...අපේ පුතණ්ඩිය නොවැ වාහනේ එළවන් ආවේ..කිසි ප්‍රශ්නයක් නැතුව 200 ට විතර ආව..කොහෙද ඉතින් අපි යන වාහන  නවත්තන්න කවුරුත් නෑ නොවැ ...දන්නේ නැතුවම නින්ද ගියා විජේ අයියට ටෙන්ඩරේ අරන් දුන්නයි කියල මට තෑගි කොරපු කළුවර කවිච්චිය උඩ. මයෙ හිතේ පැය බාගයක්වත් නිදාගන්න නැතුව ඇති මහා කාලගෝට්ටියක් පාරේ මමත් ටක් ගාල බොඩිගාඩ්ට කතා කළා බොඩිගාඩ් කීවට ඌ මේ මගෙත් එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනල පොකට් ගහපු එකා අට පාස් වෙන්න ඔන්න මෙන්න තියනකොට මාවත් එක්කම ඒකාවත් ඉස්කෝලෙන් දොට්ට දැම්මේ අරව මේවා

Monday, November 12, 2012

මනුස්සකම හා උදවු කිරීම ............


ඔන්න ගොඩ කාලෙකට පස්සේ ගයියා ආයෙත් ලියනවා .....අනේ මන්ද මේ ටිකේ ලියන්න දේවල් තිබුනත් ලියන්න හිතුනේ නෑනේ ..බ්ලොග් එක නවත්තල දාන්නත් හිතුනා ඒ වගේ ජාතික අපරාදයක් කරන්නේ කොහොමද ඉතින් ඔන්න ඉතින් නැකත් බල බල උන්නේ නෑ ආයෙත් ලියන්න ගත්තා මොන මොනවා හරි පිස්සු ටිකක් ....ඒ වුනාට මොනවා ලියන්නද කියන එක තම ප්‍රශ්නේ ලියන්න දේවල් ගොඩයි ඒ වුනාට ඒ ලියන දේවල් මට සෙට් වුනාට සෙට් නොවෙන කොටසකුත් ඉන්නවනේ එක ඉතින් ලෝක සොබාවෙනේ කැමති අය බලපුවාවේ කියල ලියන්නම්කො කමෙන්ට් නම් නැතුවත් කමක් නෑ ...කමෙන්ට් එකක් දැම්මම පොඩි කික් එකක් එනවා තමයි ඒ වුනාට කියෝන එකම මදැයි නේද ...කැමති කට්ටිය කමෙන්ට් එකක් දාලා ගියත් කමක් නෑ ඉතින් මාසෙකට විතර කලින් ලියන්න උන්න එකක් තමයි මේ.ඔන්න ඉතින් මගේ යාලුවෙක් කියපු කතාවක් තම මේක යාලුවෙක් කිවේ අර අර කිලෝ ගානක් බර කැමරාවක් තියන කෙනා ...අර කතරගම කතාවේ උන්නේ අන්න එයා තමා කිවේ....

Friday, September 28, 2012

කොන්දාගේ කොන්දේ තරම (කව්ද වැරදි ..?)


වෙලාව සවස 7.00 ට පමණ විය.මාර්ග අංක 143 කඩුවෙල -පිටකොටුව බස්රථයක් කඩුවෙල දෙසට ගමන් ගනිමින් තිබුණි. බස් රථයේ 20 දෙනෙකුට වැඩ වැඩි පිරිසක් නොසිටියහ මද දුරක් යන විට වයස 70 ක හෝ ඊට වැඩි යයි සිතිය හැකි මනුස්සයෙක් එයට ගොඩවිය.යම් දුරක් ගිය පසු ඔහු කොන්දා ලගට ගොස් කතා කළේය
“පුතා මගේ 100 ඉතුරු සල්ලි ,මං ඉස්සරහ බහිනවා.....”
“මොන 100 ද ඔයා මට 100ක් දුන්නේ නැහැනේ ...”
“නෑ නෑ මම දුන්න ...”
“අනේ අන්කල් මේ බොරු කියන්න ඕන නෑ සල්ලි නැත්නම් සල්ලි නෑ කියන්න මෙතන ඉතුරු සල්ලි ඉල්ලන්න එන එපා “
“අයිසේ මං දුන්න 100 ක් රු 12 ටිකට් එක මට මට ඉතුරු දෙනවා....”
කොන්දා සැර අඩු කළේය .මේ මිනිහා සල්ලි දෙන්න ඇති කියා සිතන්නට ඇත .
“මේ මගේ ඉතුරු සල්ලි දෙනවා හලෝ මගේ උඩ සාක්කුවේ රු.100 මයි තිබුනේ ....”

Tuesday, September 25, 2012

තිස්ස වැවෙන් හිස්තැනක් නාපු කස්ටිය ....


ගෙදෙට්ටම වෙලා ඉදල එපා වෙනවා අප්පා  ...ඔන්න ඉතිං ගිය සතියේ කතරගම යන්න චාන්ස් එකක් හම්බුනා..අපරාදේ කියන්න බෑ 12ක් විතර යන්න පුළුවන් වහනෙක 17ක් විතර හොද සැප පහසුව ඇතුව තමයි ගියේ පැය ගානක ගමනකින් පස්සේ තිස්සමහාරාමෙට කිට්ටු කළා තිස්ස වැව ලගින්නේ යන්නේ ඉතිං දැන් කට්ටියට මහන්සිත් එක්ක
            “මල්ලි ෂෝක් වතුර ටිකනේ නාලම යන්.....”


 කියල  අර කුඩා පරිමානේ ලොරිය අයිනකට කරලා නැවැත්තුවා වාහන පෝලිමට නවත්තල කට්ටිය නානවා මටත් ඉතිං නන්නමයි හිතුනේ...වැඩේ කියන්නේ අපේ අම්ම මව ට්‍රිප් එක එව්වේ නාන ඒකට වාරණ නියෝගයක් දාල ....
            “ගියාට කමක් නෑ මැණික් ගඟෙන් නාන්නේ එහෙම නෑ....”

Friday, September 14, 2012

Google සිංහල Transliterator ඕෆ්ලයින් ඉන්ස්ටෝල් කරමු -install Google SinhalaTransliterator offline

Google Sinhala transilerator ගැන වැඩියේ විස්තර කියන්න ඕන නැහැනේ..ගොඩක් ය අතර ජනප්‍රිය මෘදුකාංගයක් තමයි මේක.....මේක ඇවිල්ල නෙට් කනේච්ෂන් එක තියෙද්දීනේ ඉන්ස්ටෝල් වෙන්නේ ඔන්න අද දෙන්න යන්නේ ඉන්ටනෙට් නැතුව මේක බාගන්න ලින්ක් එකක් ඒ කියන්නේ මේක ඕෆ්ලයින් ඉන්ස්ටෝලර් එක හි හි....ඉන්ටනෙට් නැතව සේව් කරලා තියල ඕන වෙලාවක ඉන්ස්ටෝල් කලෑකි  අන්තර්ජාල සබදතාව නැති පරිගනකයක වුනත් .

Wednesday, September 12, 2012

යාත්‍රා 6 කොටස \ අවසානය


“මොකක් වුනත් මේ වෙන්න යන්නේ ගොඩක් නරක දෙයක් යාත්‍රා තියන ගොඩනැගිල්ලට කාටවත් ඇතුල් වෙන්නත් බැහැලු ඒ ගොඩනැගිල්ලේ තියන ස්වයං ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා.අනේ මන්ද බං මේ වැඩේ කවුද කරන්නේ ඇයි උබේ ගිණුමට මේ සල්ලි දාන්න කියන්නේ..”
සුධීර දිනුරි සමග එකතු වී පරීක්ෂණාගාරයේ පරිගණක ක්‍රියා කරවමින් කිවේය.
“මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්,වෙළද මධ්‍යස්ථානයේ සිරවී සිටින සියලුම දෙනාගේ ජිවිත බේරා ගැනීම තමන් සතු වගකීමක් බැවින් විශ්ව පැවසු ලෙසට ඔහුගේ ගිණුමට මුදල් බැර කිරීමට තීරණයක් ගත් බව   ආරක්ෂක කවුන්සලයේ සභාපති දිසානායක මහතා ප්‍රකාශ කළේය.”
“මොකක්ද ඒ පර වෙන්න යන්නේ මගේ ගිණුමට සල්ලි දැම්මම ඒ  මිනිස්සු බේරෙන්නේ කොහොමද ලෝක ප්‍රශ්නයක්  මේක නම් මේ යක්ෂයව හැදුවට වඩා හොදයි....මේක මගේ වරද මං හන්ද දහස් ගානක් ජිවිත අනතුරේ ....”
“විශ්ව කවුන්සිලෙන් ප්‍රකාශයක් කරලා තියනවා තව පැය කාලක් ඇතුලත ඔයාගේ ගිණුමට සල්ලි දානවා කියල..”
“විශ්ව අපිට යාත්‍රා වලට ඇතුල් වෙලා එකේ පද්ධතිය අවුල් කලොත් මේ ප්‍රශ්නේ විසදගන්න පුළුවන් යාත්‍රා ගේ පද්ධතිය වෙනස් කරපු කෙනාවත් අපිට හොයාගන්න පුළුවන් වෙයි.”

Thursday, September 6, 2012

යාත්‍රා 5 කොටස


මද දුරක් ගිට විට විශ්ව ඔහුගේ හා දිනුරිගේ ජංගම දුරකථන ගෙන ඒවා පිටතට විසි කළේය.
“ඕවා අපි ලග තිබුනොත් යාත්‍රා අපි ඉන්න තැන හොයාගෙන පොලිසියට දැනුම් දෙවි,වාහනේ ඉස්සරහින් නවත්තන්න මේ වාහනේ ගියත් එච්චරම තමා ”
වාහනයෙන් බැසගත් දෙදෙනා බස් රථයක් එනු දැක එයට අත දැමුහ.බස් රථයට නැගගත් ඔවුහු පිටුපස තිබුන අසුනක ඉදගත්හ.බස් රථයේ තිබුන රූපවාහනි යන්ත්‍රයෙන් මිට සුළු වෙලාවකට පෙර සිදුවූ අනතුර පෙන්නමින් තිබුණි.එ සමගම විශ්වගේ සහ දිනුරිගේ ඡායාරූප දෙකක්ද පෙන්වා ඔවුන් දෙදෙනා පිලිබදව තොරතුරක් වෙතොත් වාර්තා කරන ලෙස ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක වරයෙක් ප්‍රකාශ කෙරුවේය.එය දුටු සැනින් විශ්ව දිනුරිවත් ඇදගෙන ගොස් බස් රථය නැවැත්වූ පසු බැසගත්තේය. ඔව්න් දෙදෙනා අතුරු පාරකට හැරී ගමන් ගත්හ.
            “අපි මේ කොහෙද විශ්ව යන්නේ”
“මගේ පරණ යාළුවෙක්ව හම්බෙන්න එයා අපිට උදවු කරයි .ඔහොම පෙනී පෙනී යන්න ගියොත් කවුරු හරී අපිව අදුන ගනී .”

Wednesday, September 5, 2012

නැනෝ තාක්ෂනේ ගැන චුට්ටක් දැනගමු....(updated)


ඔන්න අද කියන්න හදන්නේ නැනෝ තාක්ෂනේ ගැන හොදේ.නැනෝ තාක්ෂනේ කියන්නේ මොකක්ද කියල බලමුකෝ මුලින්ම..නැනෝ තාක්ෂනේ කියන්නේ තාක්ෂනයක්නේ.ඒක ඔය පල්ලෙහා තියන ක්ෂේත්‍ර හැම එකටම වගේ සම්බන්දයි 
  • ·         භෞතික විද්‍යාව
  • ·         රසායන විද්‍යාව
  • ·         ද්‍රව්‍ය විද්‍යාව
  • ·         ජීව විද්‍යාව
  • ·         ඉංජිනේරු විද්‍යාව

Sunday, September 2, 2012

ඔන්න තමුසෙගෙ අතේ ජරාව ගැවිල...


පොඩි කාලේ අම්මල අපිට හොද සිරිත් පුරුදු කරයි.ඒ අතරින් මොනා හරි ජරාවක් අතේ ගෑවුනම සොදගනිමද හොද පුරුද්දකි.සොදගත්තේ නැතිනම් හෙනම අවුලය එවිට ගුටි කෑ යුතුය ,ගුටි කෑ  යුතුය යනු අත සෝදා නොගැනීම වරදකි.එනම් අත සෝදා ගැනීම හොද පුරුද්දකි.දැන් කාලයේ හැටියට නම් අත සොදාගන්නේ වැරදි වහගන්නටය එසේත් නැත්නම් වරද තව එකෙකුට පටවන්නටය.එසේ අත සෝදා නොගෙන වරද පිළිගන්න එකා මහා වරද කරුවෙකි මෝඩයෙකි පිස්සෙකි යයි අත සොදාගන්නන් විසින් හදුන්වයි.තමුන් මිනීමැරුමක් කර පික් පොකට් කාරයෙක්ට ඇගිල්ල දික් කර ‘අන්න අපරාධකාරයෙක්’ යයි කීම සාධාරණද ??අපේ සිහින ලන්තයේ නම් සාධාරණද මන්දය.

Saturday, September 1, 2012

යාත්‍රා 4 කොටස

ඔහුව විශාල උගුලකට හසුවී ඇති බව විශ්වට වැටහී ගියේය.ඔවුන් විනාඩි කිහිපයකට පසු ආරක්ෂක මුලස්ථානයට ලඟා විය.නිලධාරියෙක් විශ්වව ප්‍රශ්න කිරීමේ කුටියට රැගෙන ගියේය.ඔහුව ප්‍රශ්න කිරීම් කිහිපයකට ලක්කළ උපුල් මදකට පිටතට ගියේය.මාර්ග සඥා පද්ධතිය අඩපන කර අනතුරු ඇතිකිරීමගැන උපුල් ඔහුව සැක කරන බවට ප්‍රශ්න කිරීම් වලදී විශ්වට පැහැදිලි වී තිබුණි..
“මේ සේරම කරලා තියෙන්නේ යාත්‍රා කොහොමද මේක කලේ කවුරු හරි යාත්‍රා ට වැරදි උපදෙස් දීල තියනවා.”
උපුල් නැවත පැමිණි විට විශ්ව ඔහුට සියලුම සිදුවීම් අකුරක් නෑර විස්තර කළේය.
“යාත්‍රා කියන්නේ හැම දෙයක්ම තනිවම උගනගන්න යන්ත්‍රයක් උපුල්,අවට පරිසරේ සුදුවෙන සිදුවීම් වලට අනුව ඒකට තනිවම හිතල පියවර ගන්න පුළුවන්,කවුරු හරි යාත්‍රා ට නරක දේවල් ඉගැන්නුවොත් ඒ දේවල් යාත්‍රා කරාවි”
“කවුරු හරි ? කවුරු හරි වෙන්නේ කොහොමද විශ්ව ඒක හැදුවේ ඔයා මිසක් වෙන කවුරුවත් නෙවේනේ කොහොම උනත් ඔබව සිර භාරයට ගන්න සිද්ධ වෙනවා.”

Monday, August 27, 2012

යාත්‍රා 3


විශ්ව ඔහු සිටි  තැනින් නැගිට්ටේය.සිය වාහනය වෙත ගිය ඔහු තම පරීක්ෂණාගාරය වෙත ගමන ආරම්භ කළේය.වහනය ස්වයංක්‍රීය ධාවනයට යෙදවූ ඔහු ජංගම දුරකථනය අතට ගෙන කෙටිපනිවිඩය පිලිබදව කල්පනා කළේය.
                “කවුද මේ වගේ වැඩක් කරන්න ඉන්නේ .....”
ඔහුට යන මගෙහි යම් වෙනසක් පෙනුනි.රථය ගමන් කරමින් තිබුනේ වෙනදා යන මගෙහි නොවිය.ඔහු නැවත මාර්ගය සකස් කිරීමට තැත් කලත් එය සාර්ථක නොවිය.වාහනය ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලය ලග නතර විය.යාත්‍රා හි ප්‍රධාන පරිගණකය පිහිටුවා තිබුනේ මෙම ගොඩනැගිල්ලෙහිය. ආරක්ෂක කවුන්සිලයේ රාත්‍රී සේවයේ යෙදෙන ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වාහනය දැක එය දෙසට ආවෝය.රියදුරු අසුන දෙස බැලු එක නිලධාරියෙක් විශ්වව හදුනාගත්තේය.

මේ කවුරු කියලද හිතන්නේ........






Description: Click here to join nidokidos


මේ කවුද කියලා දන්නවද ...... 

.
.
.
,
,
,
,
,
,

Monday, August 20, 2012

යාත්‍රා 2 කොටස


         විශ්වට අමුත්තක් දැනුනි.අංකයක් නොමැතිව කෙටි පණිවිඩයක් එවීම ඒ තරම් දෙයක් නොවුවත් ඔහු එයින් කලබල වී තිබුණි.
            “විශ්ව ඇයි මේ ,ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද?”
විශ්ව එක වරම වෙනස්වනු දුටු දිනුරි ඔහුගෙන් විමසුවාය.
            “අනේ මන්ද දිනු, මේක ටිකක් බලන්න.”
විශ්ව ඔහුට ආ කෙටිපනිවිඩය දිනුරිට පෙන්නුවේය .
            “අයියෝ,මේක කාගේ හරි විහිළුවක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හිතන්න එපා..”
  උත්සවය නිමා විය.පැමිණ සිටි සියලු දෙනාම පිට වෙමින් සිටියහ.ඒ අතර ශාලාවේ සවිකර තිබුණු ආරක්ෂක කැමරාවක් දෙස විශ්වගේ ඇස ගියේය.එය ඔහු වෙතට යොමුවී තිබුණි.ඔහු එය ඒ තරම් ගණන නොගත් නමුත්  තවත් කැමරාවක් ඔහු දෙස බලා සිටින බව දුටු විට ඔහු සවිකරතිබු සියලු කැමරා දෙස බැලුවේය.
            “දිනූ මේකේ තියන හැම කැමරාවම අපි දිහා බලන් ඉන්නේ,මේක අද හරි අමුතුයි.”
“කෝ විශ්ව මට නම එහෙම දෙයක් පේන්න නෑනේ”
ඔහු නැවතත් බලන විට සියලු කැමරාවන් එක එක අතට හැරවි තිබුණි.

ඕනෑම සයිට් එකක් offline browse කරමු


ඔන්න අද පලවෙනි වතාවට දුම් කවුළුවෙන් ගොඩක් අයට වැදගත් වෙන මෘදුකාංගයක් දෙන්න තමයි හදන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ හැම තිස්සෙම නෙට් යන්න බැරි අයට..අපි හිතමුකෝ මොනවා හරි lesson ටිකක් තියන සයිට් එකක් තියනවා කියල...එහෙම තියන සයිට් එකකට නෙට් නැති කට හරි නිතරම ගිහින් බලන්න බෑනේ.. මේක ඒකට හොද විසදුමක්,මේකේ නම WinHTTrack Website Copier මේකෙන් පුළුවන් අපිට අවශ්‍ය අඩවියක් එහෙම පිටින්ම අපේ දෘඩ තැටියේ සේවේ කරගන්න,කරගෙන පස්සේ වෙලාවක offline browse කළහැකි. කරන්න තියෙන්නේ අදාළ අඩවියේ ලින්කුව ඇතුල් කරන ඒක විතරයි.මේක Internet Download Manager වල තියන Site Grabber එකටවඩා හොදයි මං හිතන විදියට.

Thursday, August 16, 2012

යාත්‍රා -1 කොටස


ඒ 2021 වසරේ මැද භාගයයි.මිනිසාගේ සියලු කටයුතු නව තාක්ෂණයට භාර වී තිබුණි.උදේ අවදි වූ මොහොතේ පටන් තම කටයුතු පහසු කරගැනීම සදහාද,නින්දට යන තෙක්ද, නින්දේදී මනස පාලනය කිරීම සදහාද පරිගණක තාක්ෂණය යොදා ගැනුනි.පසුගිය වසර දහය තුලදී තාක්ෂනය කොතරම් දියුණු වුවේද යත් පරිගණකයේ සියලු කටයුතු රැහැන් රහිත තාක්ෂනය මගින් සිදු වූ අතර පුද්ගලික පරිගණක වලට තිරයක් තිබුනේ නැත.තිබුනේ උපැස් යුවලක් වැනි උපාංගයකි.තම සාක්කුවේ ඇති කුඩා මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක කර උපැස් යුවල පැළදු විට පරිගණක තිරය ඒ ඔස්සේ දර්ශනය විය දත්ත ඒ තුලට ඇතුල් කිරිමට හා වෙනස්කම් කිරීමට අවශ්‍ය වුයේ සිතුවිලි පමණි.වාහනයක් පණගැන්වීමට යතුර වන්නේ අයිතිකරුගේ අගිලි සලකුණ හා ඔහු සතු රේඩියෝ ටැගයකි  වසර ගණනකට පෙර මෙන් ආරක්ෂාව පිළිබද ගැටළුද මතු නොවුනි.ආරක්ෂාව පිළිබද කටයුතුද පරිගණකකරණය වී තිබුණි.කිසිවෙකුටවත් හැදුනුම්පත් නොවීය.ඒ වෙනුවට ඇත්තේ ඔවුන්ගේ සිරුරට සම්බන්ධ කල රේඩියෝ ටැගයකි.එහි එම පුද්ගලයාගේ ලේ වර්ගය,පවුලේ තොරතුරු පවා සදහන් විය.සොරකම් ද සිදු වුයේ ඉතා අඩුවෙනි.මිනි මැරුම් සිදු නොවූ තරම්ය.සාමකාමිව සියලු දෙනා ජිවත් වුනි.මාර්ග සංඥා පවා ක්‍රියාත්මක වුයේ පරිගණක මගින් වන අතර  මාර්ග අනතුරුද සිදු නොවුනි. මිනිස් මොලය හා පරිගණකය අතර සෘජුවම සම්බන්දකම් පැවැත්විය හැකි ආකාරයේ උපකරණයක් නිර්මාණය කිරීමට පුරෝගාමිත්වය ගත්තේ මහාචාර්ය එස්.රණවීර ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමයි.ඔහුගේ පුතා වන මහාචාර්ය විශ්ව රණවීර ට කණ්ඩායමේ දෙවන තැන හිමිවී තිබුණි.  

Saturday, August 11, 2012

තණ්හා ආශා....


මේක බැලුවම ගොඩක් අයට හිතෙයි ගයියට පිස්සු කියලා.කොහොමත් ටිකක් පිස්සුනේ.ඉතින් කවද හරි හිතිලා තියනවද මේ ලෝකේ ඉන්නේ මම විතරයි නම් කියල.දැන් සමහරුන්ට හිතෙයි පට්ටයිනේ මට ඕන දෙයක් කරගෙන ඕන විදියකට උන්නහැකි කවුරුත් උදලු දාන්න එන් නැනේ කියල.ටිකක් හිතන්න මොකක් හරි සිදුවීමකින් ඒක පුද්ගලයෙක් විතරක් මේ ලෝකේ ඉතුරු වෙනවා කියල. මුළු ලෝකෙටම ඉන්න එකම මනුස්සය ඒ පුද්ගලයා වුනොත්.?ලෝකේ තියන හැම භෞතික දෙකටම අයිතිය ඒ මනුස්සයට ලැබෙනවා.එහෙම වෙලා වැඩක් තියනවද?. ඒ මනුස්සය ආස කරපු හැම භෞතික දෙයක්ම ලබාගන්න පුළුවන් වුනත් වැඩක් තියනවද.ඒ මනුස්සය තනි වුනාම ලෝකේ තියන ඕනෑම සම්පතක් පාවිච්චි කරන්න පුළුවන් එයාට විතරයිනේ.වැඩක් නැනේද එහෙම.කාට පේන්නද කරන්නේ.

Friday, August 10, 2012

ඇහැද?? කණ(න) ද??

අපේ ඇහැයි කණයි තියන තැන් මාරු වුනොත් අපි මොන වගේ ඉදීවිද .අනේ මන්ද නේද?පිටසක්වලයෙක් වගේ ඉදී. බොහොම පරික්ෂා කාරීව වැඩ කරන අපේ රටේ සිද්ද වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ. තව මේ වගේ සිද්ධි ලංකාව පුර ඕන තරම් වෙනවා ඇති .මේක ගම්පහට ලග පලාතක වෙච්චි දෙයක් හරියටම කියනවා නම් වෙදික්කරය ඉන්න කැලෑව පැත්තේ ඊටත් ටිකක් එහායින් තමයි වෙලා තියෙනේ.ඒ පැත්තේ තියනවලු ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් තිබුනලු.තවමත් තියනවලු.

Friday, August 3, 2012

ගමේ ළමයිගේ විභාගේ...

සිහින පුරවරේ වෙච්චි කතාවක් තමයි මේ කියන්න යන්නේ  මේකේ වෙච්ච කතා දෙකක් වෙඩික්කරුයි සැමා අයියයි දාල තිබුන.මේකත් ඒ ගමේ වෙච්චි සිද්දියක්ම තමයි.ඕන දැන් ග්‍රාමසේවකගේ ගමේ වැඩ බලන්න එක එක අංශයට එක එක්කෙනා ගානේ යාලුවන්ට බාර දීලලු තිබුනේ.සමහර යාලුවෝ හොද සල්ලිකාර මුදලාලිලලු.යාලුවෝ කට්ටිය ඔක්කොම බර තොගයක් ඉන්නවලු .කොටින්ම කිවොත් ගමේ වැසිකිළි ගැන බලන්නත් එකෙක්ට බාර දීලලු තිබුනේ පාරවල් ගැන බලන්නත් කෙනෙක් උන්නලු කොයි තරම් කට්ටිය උන්නත් හරියට ඒවා ගැන බැලුවේ නෑලු.

Wednesday, August 1, 2012

Tuesday, July 31, 2012

සෙල්ලම 2-winter_solitaire

නිකන් ඉන්න එකේ සෙල්ලම් කරමුද සෙල්ලම 1-mario miner

ඔන්න අද ඉදන් ගහන්න ඔන්ලයින් ගේම් ටිකක් හි හී.....

බල්ලොත් නොකන සල්ලි යුද්ධ කරන්න වියදම් කරන හැටි

මෙම පොස්ටුව එලකිරියෙන් ගත් පොස්ටුවක් බවත් මෙම විෂයට ඇති මල පෙරේත කම නිසා බ්ලොගියේ දමන බවත් කරුණාවෙන් සලකන්න

ලෝක ඉතිහාසය තුල මෙතෙක් යුධ සහ ආරක්ෂක වියදම් සදහා ලොව වැඩිම මුදලක් වැයකරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුව බවට අපි හැමෝම දන්නවා,, අධි තාක්ෂණික යුධ උපකරණ නිෂ්පාදනය කිරීම සදහා මොවුන් තරම් මුදල් වැය කරන ජාතියක් ලොව තවත් නොමැත..නමුත් මේ වියදම් කරන මුදල කොපමණද,වියදම් කරන්නේ කුමක් සදහාද කියා ගොඩදෙනෙක් දන්නේනැහැ..

Monday, July 30, 2012

මෙහෙමත් හිගන වැඩ....

කවුරු හරි මනුස්සයෙක් අන්ත අසරණ වෙලා කරගන්නම දෙයක් නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව එදා වේල හොයාගන්න විදිහක් නැති වුනාම ඒ මනුස්සයට ජිවත් වෙන්න උදවුවක් දෙන්න කවුරුත් නැති වුනාම (කොහොමත් කරදරේ වැටුනම අද කාලේ හුගක් නෑදැයෝ අපෙන් ඇත් වෙනවනේ ) ඒ මනුස්සයට අන්තිමට පාරටම බහින්න සිද්ද වුනොත් කාට කාට හරි දුක කියල අත පාන්න සිද්ද වෙනවා.කෙටියෙන් කිවොත් හිගන්නෙක් වෙනවා.යාචකයෙක් කියල දැම්මේ නැත්තේ මගේ ශබ්දකෝෂයට එක සභ්‍ය වැඩි වගේ ඒකයි.නැතුව ඒ මිනිස්සුන්ට අපහාසයක් කරන්න නම් නෙවේ.කන්න අදින්න නැති අසරණ මනුස්සයෙක්ට උදවු කරන එක ලොකු පිනක් මග තොටදී මේ වගේ පුද්ගලයෙක් දැක්කොත් තමුන්ට පුළුවන් විදියට ඒ මනුස්සයට කියක් හරි දෙන්න අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා

Thursday, July 26, 2012

අපේ Z එක.....


පොඩි කාලේ අපි හැමෝටම හීන තියනවා අපිට ඒවා හැබෑ කරගන්න අපේ දෙමවුපියොත් උදවු කරනවා අපි ගොඩ දෙනෙකුගේ තියන හීනයක් තමයි කැම්පස් එකකට යන එක.එහෙම වෙන්න නිකන් බැනේ ඒ හංදා අපි හොදට ඉගන ගන්නවා ඒ කැම්පස් එකකට ගිහින් අපේ හීනෙ හැබෑ කරගන්න ඕන හන්ද.පලවෙනි පාර කරලා බැරි උනත් තව දෙපාරක්ම තියන හන්ද කොහොම හරි හොද උත්සහයක් දාල ගොඩ යන එක තමයි හැමෝගෙම හිතේ තියෙන්නේ.

Thursday, July 19, 2012

පොලිසිය...

         ඔන්න ඉතින් මාසෙකින් විතර පොස්ට්ටුවක් දාන්නම බැරි වුනාලු.ඒක ඒක වැඩලු වෙලාවක් තිබුනේ නෑලු.ඔන්න දැන් දාන්නලු යන්නේ පරණ යාලුවෝ කස්ටියක් ගැන දුර ඈත අතීතයේ අපේ යාලුවෝ කට්ටියකට වුන කතාවක් මතක වුනා.දුර කීවට දුරම නෙවේ අවුරුදු 3 කට විතර කලින්.

Sunday, June 24, 2012

කැට්ටුමන්ට උම්මා දීම (පොඩි එවුන් ඉන්න වැඩිහිටියන්ට විශේෂයි )..

චමල් දෙක වසරේ. එයා කාටුන් ගොඩක් බලනවා.එයාගෙන් ඇහුවොත් හවස තියෙන කාටුන් ඔක්කොම ටික පිළිවෙලට කියාගෙන යයි. මෙයාගේ ලොකු අයියා දවසක් ඉංග්‍රීසි ෆිල්ම් එකක් බල බල හිටියා. චමල් ඇවිත් එයා ලඟින් ඉදගත්තා. ඒ පාර ලොකු අයිය කිව
“මල්ලි, මේවා ඔයාට බලන්න හොද නෑනේ. හොද ළමය වගේ ගිහින් දැන් සෙල්ලම් කරන්නකෝ. කාටුන් තියෙනකොට මං ඔයාට කතා කරන්නම්කෝ.... හොදද.”
චමල් එයාගේ මූනත් බෙරි කරන් එයාගේ අම්ම ලගට ගියා. ඊටපස්සේ මෙයා අම්මට කිවා.
 “අම්මේ ලුකු අයිය මාව එලෙවුවේ ඇයි? ඇන්ටි කෙනෙක් අන්කල් කෙනෙක්ට උම්ම එකක් දෙනවා බැලුවම මොකද වෙන්නෙ.අර බැට් මෑන් කැට්ටුමන්ටත් උම්ම දෙන්නෙ”

Monday, June 18, 2012

පෙට්ටිය සීල් කිරීම...

               ලංකාවේ අංක එක යයි කියා ගන්නා(අපි කියන එකක් නෙවේ එයාලමයි කියන්නේ.) නාලිකාවක මාස ගානක් තිස්සේ දුවන ටෙලි නාට්ටේක (ලොකු එකක් ) ප්‍රධාන වගේ ඉන්න නිලියෙකුට

Monday, June 11, 2012

පන්ඩිත මියාට කෙල වෙයි

මෙන්න පන්ඩිත මියෙක් කෙල කර ගන්නවා.........              

Sunday, June 10, 2012

කාඩ්ඩට කඩේ ගියෙමි ..

මම කලින් පොස්ට් එකක දැම්මනේ ලොකු මෙව්වා එකක කඩ්ඩ පන්ති ගියයි කියලා.. අන්න ඒකෙ 65 වෙනි මොකක්ද මන්ද එකක් කියලා හෙනම හෙන උත්සවයක් තිබ්බලු...

Saturday, June 9, 2012

මම ආසයි මොකෙක් වෙන්න......

අපි චුටි කාලේ එක එක්කෙනා ඇවිත් අහනවනේ "බබා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියලා......"

Tuesday, June 5, 2012

උසස්පෙළ සමග වල බැසීම.



මේ ලගදි දවසක ගොඩ කාලෙකට පස්සේ මගේ පරණ යාළුවෙක්ව හම්බුනා ...
මම-   මොකද බන් උබ දැන් කරන්නේ???

Monday, May 28, 2012

කඩ්ඩ සහ අපි


               ඉගනගෙන ඉවර උනාම අපි කව්රුත් බලාපොරොත්තු වන්නේ හොද ජොබ් එකක් කිරීමටය තමන් ඉගන ගෙන ඇති මට්ටමට අනුව ජොබ් එකේ මට්ටමද ගොඩ දා ගැනීමට නම් කඩ්ඩ පොලිෂ් වී තිබිය යුතුය. නැත්නම් වන්නේ තමන්ට වඩා අඩු අද්යාපන මට්ටමක ඇති අය ඉහල පුටු වල ඉදගෙන කඩ්ඩෙන් කොටන විට අසරණව බලා  හිදිමය.

Friday, May 25, 2012

පුලුවන්න්නම් හොයාගන්න

මේක මේ මට යාළුවෙක්ගෙන් හම්බුනා ෆොටෝ 1 ක්
හොදට බලන්ටලකෝ මේ පින්තුර වල අපි එක පාර බැලුවම පේනවට වඩා දේවල් තියනවා නේද ???

උණ බම්බු ආතල් එක

මේක නම් අපේ සෙට් එකට වෙච්ච දෙයක්.වෙසක් 1 ට කූඩු වගයක් හදන්න සෙට් උනා(කූඩු50ක් විතර) කූඩු හදන්න ඉතින් උණ බට එපායැ ඔන් දැන් උණ බට හොයද්දි පල්ලෙවෙල පැත්තේ ඉන්නවා අපේ එකෙක් එහෙ බඩු තියනවයි කියලා අපි එහෙ යන්න සෙට් වුන

අමුතු ජාතියේ අනතුරු ඇගවීමක්


අපි එක එක තැන වලදී එක එක ජාතියේ අනතුරු ඇගවීම් දැකල තියනවනේ

Tuesday, May 22, 2012

පුදුම සම්මුඛ සාකඡ්චාව

සම්මුඛ පරීක්‍ෂකවරයා: ගුවන් යානයක ගඩොල් කැට 50ක් ඇත.ඔබ ඉන් ඒකක් පිටතට විසික් කළොත් කොපමණ ප්‍රමාණයක් ඉතුරු වි තිබේද?

සිරිපාල

Interviewer: මොකක්ද ඔයාගේ උපන් දිනය?
සිරිපාල : ඔක්තෝම්බර් 13.....
Interviewer

සිහින පලාපල

කට්ටිය හීන දැකල බය වෙනවනේ ඔන්න හීන ගැන එකක් දැම්ම (ලංකාවේ ප්‍රසිද්ද site එකකින් ගත්තේ හොදේ )


සුබ සිහින

සදුන් ගස් හොරු :)


                           මේක sms එකක් නම් නෙවේ හොදේ  sms හොයනවා කියල මම කොහෙන්ද හත්ඉලව්වේ ඔය ටරං හොයන්නේ ඒ හඬ ඕපදුපයක් දාන්න හිතුනා.කමක් නැනේ කට්ටිය කැමති ඇතිනේ අනුන්ගේ සිනි කිරන්න.:)

Monday, May 21, 2012

කලර් TV


වරක් උඩුරාවණ TV එකක් මිලදී ගන්නට ගියේය.කොල්ලුපිටියේ අබාන්ස් සාප්පුවට ගිය ඔහු එහි සිටි සේවකයාගෙන් මෙසේ ඇසිය

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...