Sunday, June 24, 2012

කැට්ටුමන්ට උම්මා දීම (පොඩි එවුන් ඉන්න වැඩිහිටියන්ට විශේෂයි )..

චමල් දෙක වසරේ. එයා කාටුන් ගොඩක් බලනවා.එයාගෙන් ඇහුවොත් හවස තියෙන කාටුන් ඔක්කොම ටික පිළිවෙලට කියාගෙන යයි. මෙයාගේ ලොකු අයියා දවසක් ඉංග්‍රීසි ෆිල්ම් එකක් බල බල හිටියා. චමල් ඇවිත් එයා ලඟින් ඉදගත්තා. ඒ පාර ලොකු අයිය කිව
“මල්ලි, මේවා ඔයාට බලන්න හොද නෑනේ. හොද ළමය වගේ ගිහින් දැන් සෙල්ලම් කරන්නකෝ. කාටුන් තියෙනකොට මං ඔයාට කතා කරන්නම්කෝ.... හොදද.”
චමල් එයාගේ මූනත් බෙරි කරන් එයාගේ අම්ම ලගට ගියා. ඊටපස්සේ මෙයා අම්මට කිවා.
 “අම්මේ ලුකු අයිය මාව එලෙවුවේ ඇයි? ඇන්ටි කෙනෙක් අන්කල් කෙනෙක්ට උම්ම එකක් දෙනවා බැලුවම මොකද වෙන්නෙ.අර බැට් මෑන් කැට්ටුමන්ටත් උම්ම දෙන්නෙ”

Add caption



චමල්ගේ අම්මට කරගන්න දෙයක් නැති වුණා.මොකද මෙයා තවම දෙක වසරෙනේ.
          පුංචි සිත් මල් වගේය.එවමුකුත් තේරෙන්නේ නැත .අපිත් පැන්චෝ කාලේ කාර්ටුන් බලන්නට ආසය.දැනුත් ඒ වගේය.අපි පැන්චෝ කාලේ තිබුනේ ටින් ටින්,සුර වීර සෑම්,දොස්තර හොද හිත දඟයා,පැංචා වගේ ඒවාය දැනුත් හවස 4 ත් 6 ත් අතර භූත පෙට්ටිය දැම්මොත් කාර්ටුන් ඕන තරම් බැලිය හැකිය.
එක නාලිකාවක කාර්ටුන් එකක් ගියේය දන නම් යන්නේ නැත.ඒක බවුවෝ දෙන්නෙකුගේ කතාවකි ලොකු බවුවා තාත්තය පොඩි බවුවා පුතාය.මුන් දෙන්නා හෙන හෙන වැඩ කරති න්ගොදක්ම කරන්නේ නරියෙක් පස්සේ පන්නන එකය.ඒ කර්ටුනය නම් මමත් බලන්න ආසය.එකේ යන දෙබස් පට්ට ෂෝක් ය.ඒ වුනාට ඒවා පොඩි උනුත් පුරුදු උනාමඒ ටිකක් අවුලය පොඩ්ඩෝ ඔය කාර්ටුන් වල යන දෙපිට කැපෙන කතා(ඒ කියන්නේ double  meaning එවුවා) ඒවා  කියන්න පුරුදු වෙති .ඒවා ඇත්තේ ලොකු එවුන්ට බලන්නදෝ මන්දය.



          මොකක් හරි කාර්ටුන් චරිතයක් වික පොඩ්ඩෝ අතර ප්‍රසිද්ධ  වූ විට ඒ චරිතය  විකුණන්  මරාගෙනම කයි. පොඩි එකාගේ බෑග්,කලිසම් ,කමිස,පැන්සල් අරව මෙව්වා ඔක්කොම වගේ ඒ නම සහිතව වෙළද පොලට එයි(උදා:බෙන්10,ස්පයිඩර් මෑන්..) අන්තිමට  කවුරු හරි එක ළමයෙක් ඒ ජාතියේ එකක් ගෙන ආ විට අනිත් හැමෝටමත් එකක් ඕන වෙන්නේය එම දඩය වැටෙන්නේ දෙමවුපියන්ගේ කර පිටය.




සමහර කාර්ටුන් වල වෙඩි තබා ගනිති රණ්ඩු කරන ඒවා පෙන්නති පොඩි එවුන්ට ඕව තේරෙන්නේ නැත අම්මා බලන්න දෙන්නේ කාර්ටුන් පමනි(හැම අම්මලාම නෙවේ සමහර පොඩි අය මෙගා හිටන් බලනවා බලනවා නෙවේ දකිනවා අම්මලානේ බලන්නේ ) ඒ නිසා ඒවායේ හොදක් නරකක් තේරෙන්නේ නැත ඔහේ බලති සෙල්ලමට වගේ ඒවායේ තියන ඒවත් කරලා බලති .ප්ර්ප්‍රතිපලය හොද හෝ නරක හෝ විය හැකිය.කව්ද මන්ද කොලුවෙක් ගැන කියන කතාවක් යනවනේ මේ දවස් වල  ඒකෙ යන්නෙම වෙඩි තියාගන්න ඒවානේ අනේ මන්ද ඒකත් ඉතින් හොදද මන්ද.





 කාර්ටුන් චරිත වලට අදාළ චිත්‍රපටිත් හැදෙනවනේ  ඒවායේ වෙන්නෙත් කාර්ටුන් වල වෙන දේවල් නෙවේනේ(මම පොඩි පැංචා කාලේ අපේ අයිය ගේනවා spider man film එක) ඕකේ උම්මා එකක් දෙන කෑල්ලක් තිබිලා අපේ අම්මා මාව එතනින් එලෙව්වේය .මට අදටත් වැඩිහිටි කෙනෙක් ඉන්න තැන උම්මා තියා ලවු කතාවක් බලනකොටත් මොකක්ද වගේය(තාම ඉතින් ගෙදරට පොඩි එකානේ ) 



එකටත් එක්ක අද සමහර අම්මල ලමයව ලග තියාගෙනම මෙගා කචල් බලති බොළද ලවු කතා බලති.ඒවායේ වෙන දේවල් පොඩි උන්ට තේරෙන්නේ නැත ඒ වුනාට ඒවා පොඩි අය හිතට ගන්නවනේ එක හොද දෙයක් නෙවේ නේද??(කරුමෙට හරි අම්මේ අර මොකද අර දෙන්නා කරන්නේ කියල ඇහුවොත් මොකද කියන්නේ  )


විචාරයට  ඉඩ ඇත මම ලියු දේවල් වල වැරදි තිබේ නම් කොමෙන්ටුවක් දමා වරද හදන මෙන් ඉල්ලා සිටිමි.(ඔය චමල්ගේ කතාවේ අයිතිය අරයා සතුයි.)
Comments
13 Comments
Facebook Comments by Blogger Widgets

13 අදහස්:

  1. //මට අදටත් වැඩිහිටි කෙනෙක් ඉන්න තැන උම්මා තියා ලවු කතාවක් බලනකොටත් මොකක්ද වගේය(තාම ඉතින් ගෙදරට පොඩි එකානේ ) //

    හික්ස්ස්.. මටත් මෙහෙමයි ඉතින්... ලැජ්ජ බයට හැදුනු ලමයි එහෙමයිනෙ..;) හිතුවක්කාර වුනාට එව්වා තියෙන්වා..:D

    අදමයි මෙහාට අඅවෙ.. ආයෙත් එන්නම්කෝ>.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා

      Delete
  2. Anonymous24/6/12 22:05

    මටත් දරැවො ඉන්න නිසා මම දන්නවා ඔය ගැන හොදට.

    මම ඔයත් එක්ක 1000%ක් එකගයි.

    මම දැන් මරැ වැඩක් කරලා තියෙන්නේ.

    tv එක ටියුන් කරලා නැ.

    සිරස tv එක පේන්නැති පැත්තට ඇන්ටනාව කරකවලා තිබ්බා.

    පේන්නේ අල වාහිනියයි ,පච වාහිනියයි වීතරයි , හැබැයි අම්බානක ඩොට් තියනවා

    අපැහැදිලි නිසා බලන්න කැමති නැ

    දැන් අපි tv එකක් අළුතින් ගම්මුකෝ තාත්තේ කියලා නිකන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ නම හොදයි ඒ වුනාට ඔය පේන 2 ත් ඊට හපන් නේ

      Delete
  3. රූප පෙට්ටිය හූනියම් පෙට්ටියක් කරගන්න නම් හොඳ nAhA

    ReplyDelete
    Replies
    1. අපේ කමෙන්ට්ස් කලුද ???

      Delete
    2. ඒක ටික දවසක් වෙනකොට නිකන්ම හුනියමක් වෙනවා බං

      Delete
  4. උඹට කියන්න අපේ අම්මා තාමත් ඕවට උදැල්ල දානවා බං....

    උඹට - සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
    (මේක උඹට ඈ... සමහරුන්ට මේක ඇලජික්.. මල ගෙදරක් උනත් සුභ වේවා කියනවද අහනවා නේ)

    ReplyDelete
    Replies
    1. උබ බලන ඒවායේ හැටියට ඉතින් නොදා බෑනේ........

      Delete
  5. ඔබේ ලිපියේ අන්තර්ගතය 100% හරි ...

    ReplyDelete
  6. මේ දවස් වල ඔයා වහ වැටිලා ඉන්නේ කවුද boy නේද........? මාත් හරි ආසයි කාටුන් බලන්න. ඒ වුනත් ඉතින් කාටුන් වැඩියෙන් බලන්නේ පොඩ්ඩොනේ.මං ඕක බලද්දී බැරි වෙලාවත් අපේ අම්මා එහෙම ලග හිටිය නම් ඒ මන කාටුන් බලන අවසාන දවස වෙන්න තිබුණා. ඔයාගේ කතාව නම් මසුරන් වටිනවා. ඇත්තමයි.

    ReplyDelete
    Replies
    1. මම අදුනන සමහරුත් ඉන්නවා පොඩි බබාලා වගේ කාර්ටුන් කිවොට්‌ කෙල හලනවා garfild බලන්න හම්බුන් නැත්නම් මුණ ඇබුල් වෙන අයත් ඉන්නවා....

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...