වසරකට වරක් පැවැත්වෙන අප පාසලේ ක්‍රීඩා උත්සවය
ඊයේ පවත්වන ලදී .අපේ සෙට් එක සෙට් වෙන්නේ ඕකෙදි තමාය.මම මියා සමග ඉස්කෝලෙට
සම්පරාප්ත වුයේ තව දෙතුන් දෙනෙකුද සමගය...අපේ එනවයි කීව එවුන්ටත් එක්කම හොද තැනක්
බලා ඉදගතිමු..චොකා (වෙඩික්කරු)පෙට්‍රෝලියම් එකේ මලකඩ හුරනාවය ඒ නිසා ඌ එන්නේ හවස්
වෙලාය ..වැලයා ඒ කිවේ අපේ තනිවුන ගවේශකයා එනවා කීවට පලාතෙවත් නැත .හත් අට වතාවක්
කෝල් කරත් මු උස්සන්නේ නෑ මොන මගුලක්ද මේ යක්කු නොකා නොබී ගෑස්ටික් හදාගෙන සල්ලි
එකතු කරලා ෆොන් ගන්නවා කෝල් කරාම උස්සන්නෙත් නෑ කියා සිතුනි මුගේ බෙල්ලේ ලංකාබෙල්
එකක් එල්ලුවත් ඔය සේතේම තමාය ... යන්තම්
ජන්නා ගත් විට මු ඉස්සුවේය......
“හලෝ.....”(නිදිමත කට හඬකි )
“කොහෙද යකෝ ඉන්නේ තෝ එන්නේ නැත්ද ...”(ජන්නා හෙන
තරහ කාරයෙකි.ජිම් එකේ ජීවිතය ගෙවන්නේය ඌ බොන්නේ 12000ක් වටිනා පිටි එකක්ය ඒ මහත්
වෙන්නටය.කාටත් වඩා හොදට කිරිකට් ගැසීමට සහ වාහන එළවීමට දස්සයෙකි ඌට තද වෙලාය..)
“ආ.. මේ මන් යන්න හදන්නේ .....”(කිව්වේ එහෙමය
අපිට තෙරුන් නැත්තේය )
සුළු මොහොතකින් මගේ ජංගම දු.ක ද හඬන්නට ගත්තේය
රජා කලින් දා රෑ මගේ නොම්බරේ ඉල්ලගත්තේ පරණ
යහළුවන්ගේ නොම්බර ඌ මකා දමා ඇත කබ්බන් රජ වූ විට ඔහොම තමාය මුල මතක නැත ...
“හලෝ ....”
“ආ .. උබල කොහෙද බං ඉන්නේ ....”(රජාගේ කටහඬය )
“වරෙන් සයන්ස් එක ලගට අපි එතන ......”
“එල එල ....”
“මේ එක නෙවේ උබ කවුද බං... (මන් එහෙම ඇහුවේ මා
ලගත් මුගේ නොම්බරේ නැති නිසාය ...)
“මේ මන් බං හර්ෂණ ..”(පුහ්... යකෝ මු තව අලුත්
නමක් දාගෙන අපි කවදද මුට එහෙම කතා කලේ )
මද වෙලාවකින් රජා ආවේය අහෝ දුකක්ය අපි ඉදන් උන්නේ
අඩි 8ක් 9ක් උස පඩියක් උඩය... රජාගේ අධික තාර බර නිසා නගින්නට අමාරුය ...කතාව නම්
ගමකට ගහන්නටය නමුත් නගින්නට බැරිය .දුක තමාය රජ්ජුරුවෝ උඩයි උඩයි නෙවේය රජ්ජුරුවෝ මුණ ඇඹුල් කරගෙන බිමයි
බිමයි ය.
රජා ගේ පිටේ එල්ලන් ආවේ උටත් වඩා ලොකු බෑගයකි..එවන් දෙයක් දුටු විට අපි
අත නොහරින බවට ප්‍රතිඥා දී ඇති නිසා බෑගය
රජා ගේ කැරලි කෝලහාල මධ්‍යයේ විවර විය ....
රජා නංගියා එක්ක යන විට දමන හෙල්මටය බෑග්
එකේය..හෙල්මට් එක හීරෙන හන්ද මු එක බෑග් එකේ දාන් යන්නේය රජ මොලයක්ය ඒ වුනාට
හෙල්මට් එක හැම තැනම සීරිලාය....ඊට හපන් හෙල්මටේ පුදුම ගදක්ය මු නාන්නේ නැති නිසා
පුදුම වෙන්නට අවශ්‍ය නැත ..
ඈතින් දැකලා පුරුදු මූනක් පෙනුනි ඒ වැලයාය(තනිවුන එකා/මු වැලයා
කියා ප්‍රසිද්දියේ කියනවා ට කැමති නැත එම නිසා කියවන විට වැලයා වෙනුවට කැමති නමක්
දමා කියවන්න (වැලයා යන නම සෑදීමේ ද ඇත්තේ විශිෂ්ට කතා වස්තුවකි එය උබලා හිතන කතාව
නෙවේය ..මු තනිවූ ගවේශකයා කියා නම දාගත්තේ සියල්ල තනියම කරන නිසාය එමෙන්ම හැම
දේකින්ම තනි එක බැගින් තිබෙන නිසාය..මගේ A/L project එක උස්සන් ගිහින් මේකා පොස්ට්
හතරක් පහක් පිරිමහ ගත්තේය..).මු එන්නේ කැද නෑ වගේ දැක්කම දුක හිතෙනවාය ...කලින්
දැක්කට වඩා සෑහෙන්න කෙට්ටු වී ඇත .හේතුව සිතාගත හැක.මේ ලගකදී 500 GB හාර්ඩ් එක
පිරුනා කියා මට කිව්වා මතකය.ඒ වුනාට අපරාදේය මේකා WINDOWS8 දමා FB එකටත් ස්ටේටස්
දැම්මාය..8 වල මොකක්ද එකක් ප්ලේ වෙන් නෑ කියා ආයේ මැසිම ෆෝමැට් කළේය.. ප්ලේ වුන්
නැත්තේ එකක් නෙවේය එකට දෙකක් එහා පැත්තේ ඇති එකක්ය...වැලයා ද බොහොම අමාරුවෙන් අපේ පොට්
එකට බඩ ගාගෙන ආවේය. කට්ටිය ආගිය තොරතුරු කයියට
ගතිමු..හැම කතාවම ඉවර වුනේ අපේ පොඩ්ඩේ(එහෙම කිව්වම දන් නෑනේ ඒ කිවේ අපේ වල්
රජා)ගේ 63000 ක පඩිය ගැනය ..කට්ටියටම අසාමාන්‍ය
බඩගින්නක් ආවේය එතන හිටියේ 10 දෙනෙක් පමණි රටක් පෝෂණය කරන රජාට 10 ක් පෝෂණය
කිරීම කජ්ජක් නොවේය..එක එක ඉල්ලීම්ය රජාව ඇදගෙන කැන්ටිමට ගියේය ...මු දැන් අපිට
බනිනවා ඇත මුනට නෙවේය හිතින්ය හිතින් බනිනවා ඇත්තේ සුද්ධ සිංහලෙන් විය යුතුය.සුද්ධ
සිංහල කියන විට මතක් වෙන්නේ ලෝනි වය උට
එහෙම කියන්නේ ලෝනි ගේ ත්‍රිකෝණමිතිය පොත කටපාඩම් නිසාය..ලෝනි ගේ පළමු කුනුහබ්බය මට
තාම මතකය ඒ “වල් බල්ලා” ය .
ලෝනි කැම්පස් ගිය පසු ලෝනිගේ පොත තරන්ම කුණුහබ්බ
පොතක්ද ලිවුවේය දැන් කොල්ල දියුණු වෙලාය...කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වුනාම
ඔහොම තමාය..රජා අපිට පෙප්සි අරන් දුන්නේය.රජා බිවුවේ කරීම් සෝඩා ය..
![]() |
බෝතලේ අතේ තියන්ඉන්නේ වැලයාය |
හේතුව නම් අපි
දන්නේ නැත ඒකත් රජ හේතුවක් වන්නට ඇත.ඕක බිබී ඉද්දි මියා ට කෝල් එකක් ආවේය.ඒ ක්ලාස්
එකකටය.බිම එක මට දී ෆොනේ එකත් අරන් දිවුවේ අපි ඉද්දි ඇහෙන් නැති නිසාය.ඒ මියාට
ඇත්තේ මි කන් හන්දය. මියා පොඩියට උන්නාට මීරිගම නම ගිය අපරාධ කාරයෙකි එනම් මු
සාමාන්‍ය පෙළ ගණිතය ඉගැන්වීමට නිවසක් නිවසක් ගානේ බඩගායි.ක්ලාස් කරන්නේ මුදලට නොවේය දවසට බිත්තර 25 කි..ඒ බිත්තර 25
දවස් 3න් කා දැමීමට මියා හපනාය.එත් තවමත් මීයාගේ රෙකෝඩ් එක එහෙමමය ඒ තවමත් කිලෝ 20
පැන්නවිමට නොහැකි වීමය. 20 කීවට 20 නෙවේය 20x2 ය.මියා බීම එක දා දිව ගියාට පසු
සුදු අලියා(සුදු කියන්නේ සුදු නිසාය තවත් අය කියන පරිදි සුද්දෙක් නිසාය ) එතනට කඩා
පත් විය.මියා ගේ බීමකොටය අන්තරස්දහන විය මියා පවුය. අපේ හිත උණු විය කැන්ටිමේ
බාගෙට බී ඉතුරු වුන පෙප්සි කොට හා සෙවනප් කොට තැනින් තැනය.ඒ සියල්ල මීයාගේ බෝතලයට
දැම්මේ අපේ ඇති සහෝදර ප්‍රේමය නිසාය නැතුව බලු කමකට නොවේය.දැන් මියා ඉතුරු කර
ගියාටත් වඩා උගේ බෝතලයේ බීම ඇත අපිට හද පිරි ස්තුතිය පුද කරනු ඇත කමන් නැත ඒ ෆිට්
එකටය .. මියා කෝල් එක ඉවර කර ආවේය.බෝතලය ගත්තේය ගුඩුස් ගුඩුස් ගෑවේය...ටිකකින්
![]() |
මියා රස කරමින් බීවේය |
“නොදකින් @#$#@**#” ගෑවේය ඒ ෆිට් එක වැඩි වූ
නිසාය......
සුදු
අලියා දැන් ප්‍රෝග්‍රෑම් හදන්නේය ඒ මුදලට නොවේය හෙන බිස්නස් එකක්ය මුගේ ඇප් ගන්න
එකාට මු සල්ලි දෙන්නේය..ලගදී හැදු ඇප් එකක් නිසා ෆෝන් එකකට කෙල විය..ප්‍රෝග්‍රෑම්
කඩේ බංකොලොත් විය.අලියා නැවතත් සුපුරුදු රස්සාවට බැස්සේය..එක ගැන දන්නෝ දනිති මෙතන
කියන්න ඕනා නැත ඒ අසම්මත දේවල් ප්‍රකාශ කිරීම හොද නැති නිසාය.මොනා වුනත් අලියා
සුදුය ඒ නිසා ඌව කළු කරන්න මට දුකය.අලියා අලුත්ම අලුත් සපත්තු දෙකක් අරගෙනය ඒ
කොහෙන්ද මන්දය ආරංචි විදියට නම් ස්වීඩන් එකක්ය මු ලග තියන හැම එකම එක එක රට වල් වල
ඒවාය.... සුදු පාටට තිබුන සපත්තු දෙක මොහොතින් දුබුරු වී ගියේ අපේ සහෝදර ප්‍රේමය
නිසාය
![]() |
පෙර |
![]() |
පසු |
.අලියා මගේ දුප්පත් කකුල පෑගුවේද ඒ දේ නිසාම මිස තරහකට නොවේය ..ටික වෙලාවක්
යන විට මෙන්න චොකා(වෙඩි තියන එකා ) එන්නේය මු ලග ටිනර් ගදක් එන්නේය ඒ පට්රොලියම්
එකේ ලොකු බට වල මලකඩ හුරන නිසාය.උගේ හෙන ඒවා අහන්න බැරි නිසා අපි එතනින් සේප් වී
ආවෙමු .ශේප් වුනේ ඌ බව අපට වැටහුනේ පසුවය.එනම් දැන් මු ලග පෙට්‍රෝලියම් පඩි සල්ලි
ඇති නිසාවෙනි.
මන් නිකමට මෙන් රජා දිහා බැලුවෙමි මු යන්නේ අමුතු
විදියකටය...අත් දෙකෙන් වහගෙනය මක් වෙලාද දන් නැතිය..රජ එකා ඉරිලාවත්ද කියා මට සැක
සිතුනි
.
.
ඇහැලයාද භාර්යාව සමග අතින් එනවා පෙනුනි කෙල්ල
එක්ක ඉද්දි මු නිකන් මි පැටියා වගේය හ්ම් කියන්නෙවත් නැත..ඇහැලයා හෙන ගායකයෙකි
ගෙදර ඉදන් සින්දු රෙකෝඩ් කරති.ගේ දෙක වෙනකම් සින්දුත් කියති.ගිටාර් එකක් ද ඇත.
මුනටම කියනවා නම් පට්ටය. ඒ වුනාට වැඩක් නැත එකට හේතුව අපි එක්ක කෑම්ප් ගිය එවුන්
දනිති..
ගොන් ඇහැලයා අවා විතරය. හෙන ගහමින් වහින්නට
ගත්තේය.අයියෝ සපෝර්ට් මීට් කියා සිතුනි. අපි මුල්ලක් අල්ලන් ඔලුව නොතෙමා
සිටියෙමු.ඇහැලයාගේ රෝස පාට කුඩේ නිසා තව ටිකක් තෙමෙන එක අඩු වුනි. ඇහැලයා උබට පින්
ය.තෙමුනා නම් අම්ම බනින්නේය. උබ නිසා බැනුම් අහන නැතුව හිටිය හැක.ඊට පස්සේ මේ ගොන්
නරියා කුඩේ අරන් වෙන තැනකට ගියේ භාර්යාව කතා කල නිසා නොවේය.ඒ උගේ තිබුන ස්ත්‍රී
භක්තිය වෙන්නැතිය.අම්මගෙන් බැනුම් අහන්නත් වෙන්නේ අහලයාට පින් සිද්ද වෙන්නටය.මාව තෙමුනේය. වැස්ස
පැයුවේය..
හරි ශෝක්ය.හැමතැනම දුබුරු පාට ස්විමිං පූල් ය.කලින්
අපේ ඉක්කොලේට තිබුනේ පුල් එකකි දැන් ගොඩක් ඇත්තේය.
පරණ එවුන් එක දිගට හම්බෙන්නේය ඒ පාර හම්බුනේ
සමරයාවය ඒ සුදු වීමට මුනේ ගොම ගා ගත් කොල්ලෙකි..දැන් කොල්ලා කස්ටම් එකේ
වැඩය.රැවුලත් මුණ පුරා වවාගෙනය.රැවුල නිකන් ඉම්පොර්ටඩ් වගේය .ඊස්ටර්න් එක ගහල
ඉවරවෙද්දීම අපේ ගොන් රජා ට බඩගිනි හැදුනේය.කන්නම ඕනේ කියා මරලතෝනි දුන්නේ රාජ
උදහසට ලක් වී වන්නට ඇත.
අපි පෝලිමට more & more එක ලගට ගියෙමු..එතන
අපේ කෑම තිප්පොලය.
එතනත් බඩු ඉවරය..තිබුනේ බීම පමණි.ලෝනියා 500 කොලයක් දික් කරේය.
උබල කීය කීය හරි දාපල්ලකෝ මන් ගන්නම් කිවේය. අපිත් ඉතින් දැම්මේය මුළු පිරිවැය 360
කි මු අපෙන් 450ක් විතර කැඩුවේය සල්ලි පෙන්නා මාටියා ගැසීමද මු පුරුදු වී ඇත හරිම
නරකයෙකි .රජාගේ නංගියා එනම් බයික් රාජයා එතනය එක බයික් රාජයෙක් කීවට ඉස්කුටර්
රාජයෙකි.රජා එකේ ඇසුවට විතර යනවා ලූ ය..මීටරේ 40 ඉස්සරහින් මු x2 මවාගනවා ඇත රජා
පවුය.ඉස්කෝලේ යනවිට තිබුන පුංචි හිත තවමත් ඒ වගේය..ප්‍රථම ප්‍රේමය පරාජ වූ පසු රජා
කොල්ලෙක් විය. පුංචි හිත යටපත් විය එලියට ආවේ වල් හිතකි.ඉස්සර අපේ පිසික්ස් මිස්
හැමදාම හොදයි කිව කොල්ලා මේ රජා පමණි. මිස් පවු ය. දැන් මු ඉන්න හැටි දැක්ක නම් ඒ
මනුස්සයා වහ බොනවය.රජාගේ වෙනස් වීමට අර මෝහිනී ට බය වුන එකත් බලපාන්නට ඇත.අර මුගේ
මෝහිනී කතාවේ ඒ බය වුන අහිංසක කොලුවා මූය. බට නලා ගහන්නට පුළුවන් කියා හිතාගෙන
උන්නට මුට පුළුවන් ගැහිල්ලක් නැත.ඒ මොහිනිට බය වූ පාර අතේ බැන්ද නුල තාමත් එහෙමය එදා
මෙදා තුර රජා සතු එකම නුලේ පින්තුරයක් ද අමාරුවෙන් ගතිමි.
මදි කොල්ලා ගැන කියන්නට අමතක වුනි මදි කොල්ලාත්
එක පාර කොහේදෝ සිට මතුවුයේය මුට ඒ දවස් වල සිටම හැම දේම මදිය.හොදට තියන සෝනි
එරික්සන් ෆෝන් වල ජාතකේ වෙනස් කිරීම අපේ එවුන්ට බෝ කලේ මදි කොලුවා විසිනි .මදි
කොලුවාගේ හිත හොදය ඒ පිටට පේන විදිහය මට උට විරුද්ධව මුකුත් ලියන්නට හිතෙන්නේ
නැත..
![]() |
with රජා |
චොකා තවමත් හෙන එක දෙමින් දුවන්නේය අනේ මන්දය මුට
පිස්සුය අපිව පේන්නෙත් නැත ඔහොම තමා ලොකු ලොකු තැන වල රස්සාවල් හම්බුනාම කියා මට
සිතුනි (ඇයි තෙල් ටැංකි ලොකුයිනේ ) අපේ රජාගේ කැමරා රාජයා එලියට පැන්නේය අකුණු
ගහන්නට පටන් ගත්තේය අපිත් එක එක විදියට ඉන්නොය. ලස්සන ෆොටෝ එකක් ගන්නට සැරසෙද්දී
කොහේදෝ සිට චොකා (වෙඩි තියන එකා) මැදට
පැන්නේය.(අනුන්ගේ පොටෝ වලට පයින එක මුගේ හැටිය ) ඌ එතනට ආව ගමන් පට්ට හඬු ගදක් ආවේය. අපි සියල්ලම
නහය වහගතිමු.චොකා පවුය. ඌ මුණ වහගත්තේය.පොටෝ වලින් ගද එන්නේ නැත්තේ හොද වෙලාවටය.
අපි පැත්තකට වී ඔහේ කයියක් දාගෙන උන්නෙමු මට
එවෙලේ මීයාගේ බත්කොල කතාව ඇදලා ගන්නට අමතක වුනි.අයියෝ අපරාදේය. මට එක මතක් වුනේ
ගෙදර අවාමය..අර රජා ගේ කුණුහබ්බ දමා සෙනග ගෙන්වා ගත් අඩවිය ගැනද කතාවක්. ආවත් එකත්
වචනෙන් දෙකෙන් නැති වුයේ එකෙක් කැමරාවක් ඇදගෙන පොටෝ අල්ලන්නට ගත් නිසාය..අපේ එවුන්
අපායට ගියත් කරන්නේ කටු ඉඹුලේ පොටෝ එකක් ගෙන FB දැමීමය.එකත් හොදය රජා වගේ එවුන් ට
ඉස්සරහට යන්න ඉන්න තැන ගැන දැනගත හැකිය... ටිකෙන් ටික කළුවර වෙන්නට ගත් නිසා වල් රජා යන්නට
සැරසුණි. ඒ රජා ඉන්නේ ඩොටේ නිසාය..හවස හයෙන් පසු අලි කොටි වලස්සු පාරට එන නිසා රජා
දිවුවේය.මට යනවා කියා කීවෙත් නැත. එකත් කියවා ගත්තේ බලෙනි. බෑන්ඩ් එකෙන් පපරේ
ගසන්නට පටන් ගත්තේය. එකෙනෙහිම කලින් අතුරුදන් වූ ඇහැලයා මතු වුයේය. ඔහු ට්‍රාන්ස්පෝට්
සර්විස් එකක් කිරීමට ගිහින්ය. නැතුව බැරිය ඇහැලයාට නැත්නම් ගුටි කන්නට වන්නේය..
කතාව ඉවරය.මෙය කියවීම නිසා මාගේ ආදරණිය
සහෝදරයින්ට යම් කිසි සිත් රිදවීමක් සිදු
වුනි නම් මා ඒ පිළිබද කිසිසේත්ම සමාව ඉල්ලන්නේ නැත...ඇති තරම් බැනපල්ලාය.කවදා හරි
අපිට ඉතුරු වෙන්නේ මේවා තමාය. මට උබලා ගැන ලියන්නට මීටත් වඩා සභ්‍ය විදියක් නම්
නැත රජා මෙන් කුණු හබ්බ ලිවීමටද මට හිතෙන්නේ නැත. මෙතෙක් ලියපු පොස්ටු වලින් දිගම
එක ලිවුවේ උබලා වෙනුවෙන්ය උබලා කැමති නැති උනත් ඒක මට ආතල්ය.සමහර පොටෝ ඉස්සුවේ රජාගේ ඇල්බම් එකෙනි
දැන් ඉතින් බලා ඉන් නැතුව බැනලා හරි කොමෙන්ට් එකක් දාලා පලයල්ලා
යකෝ.... නැත්නම් මන් පවු..
තෝ හතර වටේටම පෝන් එක කරකෝ කරකෝ හිටියේ ඕකට තමා..... වස්සා!!
ReplyDeleteතෝව මම කනවා හෝතඹුවා!!!
මොනවා උනත් ඔක්කොම ලෙසටම ලියලා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇඩේ මෙන්න වලියක්... හු ඇ.. :P
Deleteඅනේ පල යන්න ගොන් රජා තෝව තව කනවා ඉදපියකෝ.... වමාරනවා
Deleteඔච්චර බොරු කියන්න එපා බන්ග් :පී
ReplyDeleteඑල එල සුපිරි :)
-(Janna)
කවුද ඩො බොරු කියන්නේ අමුලික පිරිසිදු මඩ මේවා
Deleteලෙසටම රජා මරලා තියනවා! එලම තමා!!!!
ReplyDeleteරජා පැන්නීමට අද සිට කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි........
Deleteමෙහි මඩ වැදී නැත්තේ මේක ලියූ එකාට පමණි. ඒ භාරදූර කාර්යය අපේ අඩවි රජාට භාර කරමි.
ReplyDelete(jitha)
මම දැන් හොද ළමෙක්නේ :)
Deleteඑසේ කිරීම සභ්‍යත්වයෙන් එපිටට ගිය දෙයක් බව මම ප්‍රකාශ කරමි
Deleteආ.......පෝ....... මේ බලමිකෝ වැඩක්. රාජ උදහසට ලක් වෙයිද මන්ද. හී හී.......
ReplyDeleteරජා මගේ මිතුරාය මද කෑමට ඌ ආසාවක් දක්වන්නේය
Deleteඒ රජා ගෑවුන තැන ගූද බං??????
ReplyDeleteහී හී
Deleteහැක හැක හැක හොඳ වැඩේ හු හු
ReplyDelete:පී කාටත් සතුටුයි වගේ රජා මඩ කනවට
Deleteමාර වැඩ තාමා කරලා තියෙන්නේ.. හි හි
ReplyDeleteනෑ නෑ මාර නෑ
Deleteඋඹලගේ ආතල් පට්ට ඈ.පව් බන් හර්ෂනයා! ඇයි උඹලා ඌවම බයිට් කරලා තියෙන්නේ?
ReplyDeleteරජා ගේ විනෝදාංශය බයිට් වීමය....
Deleteනසරානි සැට් එක දවසකට හරි සෙට් වෙලා ආපහු නේ... උඹලගෙන් කොටම එකා රජාද ?
ReplyDeleteකොටම අග්ලිම කුජිතම එකා මු තමා
Deleteරජාගේ සළු පාවේ .......
ReplyDeleteමුට එහෙම උනත් ලජ්ජා නැත
Deleteරජාට මඩක් වැදිලා කියලා ආරංචි උනගමන් මාත් දුවගෙන ආවා බලන්න.. එදා ගෙට්ටුවෙදි කට්ටිය කිව්වෙම මූ හෙන අහිංසකයා කියලානේ....
ReplyDeleteඅහිංසක කම බල්ලට ගොහින් පී
Deleteපොඩි දරුවො වගේ බොලා.... :)
ReplyDeleteඑහෙම තමා අනේ අපි
Deleteයසයි , ගහපන් ඔය වල් රජාට තව
ReplyDeleteමොකෝ යාලු රජා එක්ක තරහයිද
Deleteරජාට මඩ ගහනකොට මිනිස්සුන්ට තියෙන ආසාවක්......හික් :D
ReplyDeleteරජා ගේ කුරිරු අවලම් පාලනය ජනතාවට ඇති වෙලා
Deleteඅනේ ඉතින් උබ ගැන මොකට කියනවද නේද බන් රජෝ ... මූ එතන bite වුන හැටි දන්නේ අපිනේ .... potoshop edit කරන්න ගිහින් මාට්ටු වුනේ කව්ද කියල කව්රුත් දන්නවනේ .. ඔන්න potoshop වලින් edit කරනවා නම් ගයියා තමයි .. අපිට හොයන්න පුළුවන් වෙන්න ඌට හොයන බැරිවෙන්න edit කරනවා සුපිරියට :P
ReplyDeleteහා හා මම බයිට් වුනා හොදේ
Deleteඋඹත් රජාගේ යාලුවෙක් ද?
ReplyDeleteරජා සමග ඒ දවස් වල තරගෙට ජිල් ගසා ඇත්තෙමි එත් මු ඒ කලෙත් හොර කරේය
Deleteමම කිවුවා කියලා හිතාගනින්.... උබ වගේ උන් එක්ක පෑහෙන්න බෑ බං, ඒකයි වෙන පැත්තකට වෙලා හිටියේ...
ReplyDeleteහා හා ඔහොම තමා හරි ගියාම
Deletegayan malli oya dematagodada?
ReplyDeleteනැත අයියන්ඩි
Delete