Tuesday, November 27, 2012

මගෝඩිසෝ දුවපන් පන බේරාගෙන මෙන්න ලෝක විනාසේ....


මේ ටිකේම පාටි ගොඩයි පෙරේදා අපේ සනා බෝයි හැට්‍රික් එකක් දැම්ම නොවැ  ඒකට ගිහින් ආව විතරයි, මාත් එක්ක ලී බිස්නස් කරන සෝමේ අයියගේ කෙලිගේ මගුලට එන්නයි කියලා කෝල් එකක් ආව.දැන් මේ එකට ගොහින් ආව විතරයි .මංගල්ලේ නම් ජයට තිබුන කෙලීට අවුරුදු 20ක් ඇති මයේ හිතේ මනමාල මහත්තය නම් අවුරුදු 18ක විතර කෙලි පොඩ්ඩක් ඉන්නවලු .එත් මොකෝ ඌට කොටි ගණන් සල්ලි තියනවා නොවැ.
ගැලපෙනවා නේ ...
ගෙදර එනකොට 12.00 පහුවෙලා හයිවේ එක තිබුන හන්දා හොදා ඉතින් පැය බාගයක්වත් ගියේ නෑ මගේ හිතේ ගාල්ලේ ඉදන් ගෙදෙට්ට එන්ඩ ...අපේ පුතණ්ඩිය නොවැ වාහනේ එළවන් ආවේ..කිසි ප්‍රශ්නයක් නැතුව 200 ට විතර ආව..කොහෙද ඉතින් අපි යන වාහන  නවත්තන්න කවුරුත් නෑ නොවැ ...දන්නේ නැතුවම නින්ද ගියා විජේ අයියට ටෙන්ඩරේ අරන් දුන්නයි කියල මට තෑගි කොරපු කළුවර කවිච්චිය උඩ. මයෙ හිතේ පැය බාගයක්වත් නිදාගන්න නැතුව ඇති මහා කාලගෝට්ටියක් පාරේ මමත් ටක් ගාල බොඩිගාඩ්ට කතා කළා බොඩිගාඩ් කීවට ඌ මේ මගෙත් එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනල පොකට් ගහපු එකා අට පාස් වෙන්න ඔන්න මෙන්න තියනකොට මාවත් එක්කම ඒකාවත් ඉස්කෝලෙන් දොට්ට දැම්මේ අරව මේවා

Monday, November 12, 2012

මනුස්සකම හා උදවු කිරීම ............


ඔන්න ගොඩ කාලෙකට පස්සේ ගයියා ආයෙත් ලියනවා .....අනේ මන්ද මේ ටිකේ ලියන්න දේවල් තිබුනත් ලියන්න හිතුනේ නෑනේ ..බ්ලොග් එක නවත්තල දාන්නත් හිතුනා ඒ වගේ ජාතික අපරාදයක් කරන්නේ කොහොමද ඉතින් ඔන්න ඉතින් නැකත් බල බල උන්නේ නෑ ආයෙත් ලියන්න ගත්තා මොන මොනවා හරි පිස්සු ටිකක් ....ඒ වුනාට මොනවා ලියන්නද කියන එක තම ප්‍රශ්නේ ලියන්න දේවල් ගොඩයි ඒ වුනාට ඒ ලියන දේවල් මට සෙට් වුනාට සෙට් නොවෙන කොටසකුත් ඉන්නවනේ එක ඉතින් ලෝක සොබාවෙනේ කැමති අය බලපුවාවේ කියල ලියන්නම්කො කමෙන්ට් නම් නැතුවත් කමක් නෑ ...කමෙන්ට් එකක් දැම්මම පොඩි කික් එකක් එනවා තමයි ඒ වුනාට කියෝන එකම මදැයි නේද ...කැමති කට්ටිය කමෙන්ට් එකක් දාලා ගියත් කමක් නෑ ඉතින් මාසෙකට විතර කලින් ලියන්න උන්න එකක් තමයි මේ.ඔන්න ඉතින් මගේ යාලුවෙක් කියපු කතාවක් තම මේක යාලුවෙක් කිවේ අර අර කිලෝ ගානක් බර කැමරාවක් තියන කෙනා ...අර කතරගම කතාවේ උන්නේ අන්න එයා තමා කිවේ....

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...