Thursday, July 26, 2012

අපේ Z එක.....


පොඩි කාලේ අපි හැමෝටම හීන තියනවා අපිට ඒවා හැබෑ කරගන්න අපේ දෙමවුපියොත් උදවු කරනවා අපි ගොඩ දෙනෙකුගේ තියන හීනයක් තමයි කැම්පස් එකකට යන එක.එහෙම වෙන්න නිකන් බැනේ ඒ හංදා අපි හොදට ඉගන ගන්නවා ඒ කැම්පස් එකකට ගිහින් අපේ හීනෙ හැබෑ කරගන්න ඕන හන්ද.පලවෙනි පාර කරලා බැරි උනත් තව දෙපාරක්ම තියන හන්ද කොහොම හරි හොද උත්සහයක් දාල ගොඩ යන එක තමයි හැමෝගෙම හිතේ තියෙන්නේ.
ඒත් දැන් එන්න එන්න උසස් පෙළ ගැන තියන විශ්වාසය විහිළුවක් වේගෙන යනවා.හැම දේම අවුල් ජාලයක් වෙලා.කිසිම ක්‍රම වේදයක් නැති වෙලා අඩුම ගැනේ ඉහල පුටු වල ඉන්න අය වත් ඒ ගැන ගානකට ගන්නේ නෑ. ඒ හැමෝටම මේක සෙල්ලමක් වෙලා.හැමෝම හදන්නේ තමුන්ගේ අත හෝදගෙන පැත්තකට වෙලා බලං ඉන්න.අඩුමගානේ මේ Z අගය ගැන හරි වැටහීමක් වත් මේවයේ උඩ ඉන්න ඇත්තන්ට තේරුමක් නෑ දැන් 2011 උසස් පෙළ විභාගේ තියල අවුරුද්දකට කිට්ටුයි ඒත් තවම මේ ප්‍රශ්න වලට විසදුමක් නෑ .ලංකාවේ කොයි තරම් හොද නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබුනත් වැඩක් නෑනේ අන්තිමට තමුන්ට හරි විදියට හදපු නැති Z එකක් RANK එකක් නැතුව තමුන්ට තියන සාමාර්ථ 3 ලග තියාගෙන පොල් ගාන්නද?.අනික තමුන් දිස්ත්‍රික්කේ හොද RANK ඇතුලේ ඉන්නව කි‍යල හෙන සතුටෙන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ දන්නවා තමුන් එතැනට එන්න කොච්චර මහන්සි වුනාද කියල.මාස ගානක් ඒ රිසල්ට් ඒක තිබිලා ඒක පාර ඒක නැති වෙලා ගියාම කොයි තරම් දුකද.අනික තමුන් දන්නවා තමුන්ට තියෙන්න ඕන තැන අපිට ඒක නැති උනාම දුකක් වගේම තරහක් ඇති වෙනවා .තමන් ගත්ත ප්‍රතිපලේ වටින්නේ අනිත් කාටත් වඩා තමන්ටමයි.එක තමුන් කරපු කැප කිරීම් ගොඩක ප්‍රතිපලයක් ඒක අපට විතර නෙවෙයි අපේ ගෙවල් වල ඉන්න අම්මල තත්තලටත් ලොකු දුකක් . අනික අවුරුදු 3 ක් 4 ක් නැත්නම් 5 ක් තිස්සේ දුක් විදගෙන මහන්සි වෙලා පාඩම් කරලා කැම්පස් යන්න බලන උන්න අපේ සහෝදර සහෝදරියන්ට  මේ වගේ දෙයක් උනාම කොයි තරං මානසිකව වැටෙනවද කවුරු උනත් තමුන් ඉගනගන්න ගත්ත මහන්සිය තමුන් විතරයි දන්නේ.පලවෙනි පර රිසල්ට් ඒකට වැඩ හොද රිසල්ට් එකක් දෙවෙනි පාර දාල පලවෙනි පාර  RANK  ඒකට වඩා දෙවෙනි පාර RANK එක අඩු උනාම කලකිරෙනවා. 



එහෙම කට්ටක් කාල තමුන්ට හොද කැම්පස් එකකට යන ලැබේවි කියල හිතාගෙන උන්න අයට එක පාරම හෙන ගැහැවුව වගේ මේ වගේ දෙයක් උනාම ඒ දිහා බලල හිනා වෙන්න කි දෙනෙක් ඉන්නවද ?.තමුන්ගේ රිසල්ට් එක ගැන අනිත් අය වපර ඇහැකින් බලනකොට මොකද හිතෙන්නේ. අනිත් එක සති ගාණක් ඇතුලත ලෑස්ති වෙලා විභාගේ ලියන්න තරම් මීටර් නම් අපි දෙවෙනි පාර එහෙම නැත්නම් තුන් වෙනි පාර කරන්නේ නෑනේ අවුරුදු ගානක් මහන්සි උනාට 2011 දී විභාගේ ලියන කොට තිබුන මානසිකත්වෙයි දැනුමයි අපි කාටවත් මේ වෙනකොට නෑ .අනික එහෙමයි කියල ආයේ විභාගේ ලියන්න අවුරුද්දක් බලන ඉන්න වුනොත් ඒකත් ලොකු අසාධාරනයක් ඒ අසාධාරණේ වෙන්නෙත් කොහෙවත් ඉන්න කෙනෙක්ගේ වරදින් මිසක් තමුන්ගේ වරදින් නෙවේ. අනිත් ඒක නියැදි දෙකක තියන දත්ත වලින් Z අගයන් 2 ක් හදල ඒවා ඒකට පෙළ ගස්සන ඒක කොයි තරම් ගොන් වැඩක්ද කියල ඕනෑම මෝඩයෙක්ට තේරෙනවා.සමහරුන්ට ඒක තේරෙන නැත්තේ එයාල උසස් පෙළ කරන කාලේ සති ගානක් ඇතුලත පාඩම් කරලා ලෑස්ති වෙලා විභාගේ ලියපු හන්ද වෙන්න ඇති.      
Comments
2 Comments
Facebook Comments by Blogger Widgets

2 අදහස්:

  1. Anonymous26/7/12 11:57

    අනේ මන්ද......මට මෙහෙම උනා නම් දුක උහුලගන්න පුළුවන් වෙයිද මන්ද සහෝ.. :(

    ReplyDelete
  2. මට වගේ එහෙම උනානං මං මොනා කරයිද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...