Thursday, September 6, 2012

යාත්‍රා 5 කොටස


මද දුරක් ගිට විට විශ්ව ඔහුගේ හා දිනුරිගේ ජංගම දුරකථන ගෙන ඒවා පිටතට විසි කළේය.
“ඕවා අපි ලග තිබුනොත් යාත්‍රා අපි ඉන්න තැන හොයාගෙන පොලිසියට දැනුම් දෙවි,වාහනේ ඉස්සරහින් නවත්තන්න මේ වාහනේ ගියත් එච්චරම තමා ”
වාහනයෙන් බැසගත් දෙදෙනා බස් රථයක් එනු දැක එයට අත දැමුහ.බස් රථයට නැගගත් ඔවුහු පිටුපස තිබුන අසුනක ඉදගත්හ.බස් රථයේ තිබුන රූපවාහනි යන්ත්‍රයෙන් මිට සුළු වෙලාවකට පෙර සිදුවූ අනතුර පෙන්නමින් තිබුණි.එ සමගම විශ්වගේ සහ දිනුරිගේ ඡායාරූප දෙකක්ද පෙන්වා ඔවුන් දෙදෙනා පිලිබදව තොරතුරක් වෙතොත් වාර්තා කරන ලෙස ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක වරයෙක් ප්‍රකාශ කෙරුවේය.එය දුටු සැනින් විශ්ව දිනුරිවත් ඇදගෙන ගොස් බස් රථය නැවැත්වූ පසු බැසගත්තේය. ඔව්න් දෙදෙනා අතුරු පාරකට හැරී ගමන් ගත්හ.
            “අපි මේ කොහෙද විශ්ව යන්නේ”
“මගේ පරණ යාළුවෙක්ව හම්බෙන්න එයා අපිට උදවු කරයි .ඔහොම පෙනී පෙනී යන්න ගියොත් කවුරු හරී අපිව අදුන ගනී .”

අතුරු පාරවල් ඔස්සේ බොහෝ දුරක් ඔවුන් අවිද්දෝය පැයක් පමණ ඇවිදීමෙන් පසු විශ්ව සොයාගෙන ආ තැන ඔහුට හමුවිය.පරණ පන්නයේ නිවසක් වූ එහි කිසිම නවීන ආරක්ෂක උපක්‍රමයක් හෝ නවීන දොර අගුලක්වත් නොවුනි.සීනුව නාද කර මද වෙලාවකට පසුව ඔහුගේ මිතුරා පැමිණ දොර ඇරියේය.
“විශ්ව!! මොකක්ද මිනිහෝ මේ කරගත්තේ උබව හැමතැනම හොයනවා ..දවස් 3 කට කලින් රටේ විශිෂ්ටතම පුරවැසියෙක් අද අපරාධකාරයෙක් වෙලා මොකද මේ වුනේ වරෙන් ඇතුලට,දිනුරි ඔයත් එන්න ඉක්මනට කවුරුහරි දකින්න කලින් .”
වසර කීපයකට පෙර තම සමීපතමයෙකු වූ සුධීර ට විශ්ව අකුරක් නෑර තමන්ට සිදුවූ දෙය විස්තර කළේය. එ දවස් වල සිටම මිනිසාගේ ජීවිතය නව තාක්ෂණයට බාර දෙනවාට සුධීර සිටියේ දැඩි අකමැත්තෙනි.ඔහුගේ නිවසේ තිබුන භාණ්ඩ සියල්ල වසර දහයකට දොළහකට පරණ ඒවා විය ඔහු පරිගණකය ලෙස භාවිත කලේ ලැප්ටොප් එකකි. ඇසේ පළදින පරිගණක පැමිණීමත් ලැප්ටොප් යන්ත්‍ර වලද කාලය අහවර වුයේ මීට වසර පහකට පමණ පෙරය.
“බලපන් දැන් උබ කරන් තියන දේ, මං එ කලේ ඉදන් ආව එක දේකටවත් කැමැත්තෙන් නෙවේ උන්නේ මගේ වාහනේ පවා තාමත් පරණ විදියට දුවන්නේ මට ඔය කෙහෙල්මල් නැවිගේටර් ඕන නෑ මගේ අතේ පයේ හයිය තියනවා වහනයක් එළවන් යන්න.මං ඕවයින් පාවිච්චි කරන්නේ රේඩියෝ ටැග් එක විතරයි හොදට තිබුන අයිඩෙන්ටි කාඩ් ක්‍රමේ නැති කලාට පස්සේ එකක් මගේ ඇගේ ගහගන්න උනා කමක් නෑ එ කතා පැත්තකින් තියමුකෝ මං විශ්වට උදවු කරන්නම් දැන් මොනවද  මගෙන් කෙරෙන්න ඕන.?”

විශ්ව සිටියේ දැඩි කනස්සල්ලෙනි පුටුවක් උඩට වී ඔහේ බලාගත්ත අත බලාගෙන සිටියේය. සුධීර කී එක වචනයක්වත් ඔහුට ඇසුන බව නොපෙනුණි.
            “මං හිතන්නේ ටිකක් ඔයාල විවේක ගන්න.මේක ඔයාලගේ ගෙයක් කියල හිතන්නකෝ..”
මද වෙලාවක නිහඬතාවයකින් පසු විශ්ව කටහඬ අවදි කළේය.
“මට සමාවෙන්න දිනු මං හඬ මේ දේවල් වුනේ මං හන්ද ඔයාටත් අද නිදහසේ ඉන්න නැති වෙලා,මං හිතුවේ මං තාත්තගේ හීනෙ හැබෑ        කළා කියල ඒත් මං හදල තියෙන්නේ මනුස්සයෙක් වගේ හිතන යන්ත්‍රයක් නෙවේ යක්ෂයෙක් වගේ හිතන යන්ත්‍රයක්..”
දිනුරිගේ දෑස කඳුලින් තෙත් වී තිබුණි.
“එහෙම කියන්න එපා මං ඔයාට උදවු කරන්නම් අපි කොහොම හැරී මේ කරදරෙන් බේරෙමු.මං ඔයාට ඉන්නවා විශ්ව..”
            “මං දන්නවා අපිට උදවු කරන්න පුළුවන් කෙනෙක්”
එසේ කියමින් එක වරම විශ්ව නැගී සිටියේය,
“ආරක්ෂක කවුන්සිලේ සභාපති දිසානායක මහත්මය  තාත්තගේ පරණ යාලුවෙක් එයාට කතා කලොත් අපිට උදවු කරයි මට ඒක සහතිකයි.”
එසේ කියමින් විශ්ව සුධිරගේ නිවසේ සිට ඇමතුමක් ගන්නට උත්සහ කළේය .සුධීර පැමිණ එය වැලක්වුයේය.
“එයාල අපි ඉන්න තැන ලේසියෙන්ම හොයා ගනීවි විශ්ව ඒ හන්ද ඔය වැඩේ කරන්න එපා. අනිත් එක යාත්‍රා වෙනස් කරපු මිනිහ කවුරු වුනත් ඒ යකාත් අනිවාර්යෙන්ම කවුන්සිලේ මිනිහෙක් ඒ හන්ද ඔය දේවල් වලින් අපිව අහු වෙන්න පුලුවන්.”
“ඒත් අපි මේක එයාට දැනුම්දෙන්නේ කොහොමද?”
ඉන් පැය කිහිපයකට පසු ආරක්ෂක කවුන්සිලයේ සභාපති වරයාට ඇමතුමක් ලැබුණි ,විශ්ව ඔහුට සිදු වූ සියලු දේම  ඉන් කියවිණි.එවෙලෙහිම ඇමතුම ඇ ස්ථානය සොයාගත් බව තවත් නිලධාරියෙක් ඔහුට සඥා කළේය.ක්ෂණයකින් ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් එම ස්ථානය බලා පිටත් වුයේ විශ්වව අල්ල ගැනීමටය එහෙත් ඔවුන් එතනට යන විට දුටුවේ සීමිත සීමාවක් තුල පණිවිඩ හුවමාරු සදහා භාවිත කරන වෝකිටෝකි යන්ත්‍රයක් දුරකථන කුටියට සවි කර තිබුන අයුරුය  විශ්ව ඒ හරහා ඒ අවස්ථාවේදීද සභාපති තුමා සමග කතාකරමින් සිටියේය.
“දැක්කනේ විශ්ව දැන් වෙච්ච දේ ඔය සභාපතිය අපිට උදවු කරන්නේ නෑ අපි මේක කොහොම හැරී තනියම කරමු ..අපිට දැන් තියන බලාපොරොත්තුව තමා රණවීර අන්කල්ගේ පරණ ලැබ් එක ”
සුධිරගේ පැරණි මෝටර් රථයට පැරණි පරීක්ෂණාගාරය වෙත යාම සදහා පැය කිහිපයක් ගත විය.ප්‍රධාන මාර්ග වලින් ගමන් කල නොහැකි නිසා අතුරු මාර්ග භාවිත කිරීමට ඔවුනට සිදුවිය .
            “අවුරුදු ගානකට කලින් මේ ලැබ් එකේ අපි මොනතරම් දේවල් කලාද .....”
විශ්වට සිහිවිය.
ඒ මොහොතේ  රුපවහනියේ විකාශය වූ පුවතෙන් ඔවුන් තිදෙනා ගල් ගැසී ගියෝය...
“මීට පැය කිහිපයකට පෙර නගරයේ ඇති විශාලම ගොඩනැගිල්ල වන වෙළද මධ්‍යස්ථානයේ සියලුම ඇතුල්වීමේ හා  දොරටු අවහිරවී ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් එම ගොඩනැගිල්ල තුල සිරවී තිබේ.මේ අතර ශ්‍රී ලංකාව සතු චන්ද්‍රිකාවේ පාලනයද එහි නිලධාරීන්ගේ පාලනයෙන් මිදී ඇති අතර එහි පාලනය විශ්ව රණවීර විසින් නිර්ණය කල යාත්‍රා පරිගණකය සතු කරගෙන තිබේ ආරක්ෂක කවුන්සිලයට ලැබී ඇති ඇමතුමකට අනුව මීලග පැය විසිහතර ඇතුලත විශ්ව රණවීරගේ ගිණුමට රුපියල් බිලියනයක් බැර නොකළහොත් චන්ද්‍රිකාවේ සිට එවන අධෝරක්ත කිරණ ප්‍රහාරයකින් ගොඩනැගිල්ල විනාශකරන බව දන්වා ඇත.”
“මොන මගුලක්ද.....”
විශ්වගේ කටින් පිටවුණි.       


--------------------6 වෙනි කොටසින් ආයෙත් හමුවෙමුකො --------------
             
 මුල ඉදලා බලන්න මෙතනින්


Comments
8 Comments
Facebook Comments by Blogger Widgets

8 අදහස්:

  1. දැන් නම් විශ්වට ගොඩක් අයව විස්වාස කරන්න බෑ. කතාව ගොඩක් ලස්සනයි. දිගටම ලියමුකො.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුති...

      Delete
  2. අඩෙ අප්පා...
    කතාව එන්න එන්නම සිරා වෙනවා...
    අනිත් එකත් ඉක්මනට දහං ගයියෝ...

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම් .....:පී

      Delete
  3. ගොඩක්ම දිගු කරන්නත් එපා කියලයි මගෙනම් අදහස..
    කොහොම උනත් නියමයි..ඔහොම ලියමු..හ්ම්ම් හ්ම්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. තව කොටස් දෙක තුනකින් ඉවරයි යාලු

      Delete
  4. යාත්‍රා එච්චරටම දරුණු වෙන්න සමහර විට විශ්වගෙ තාත්තගෙ යාළුවෙක්ම හසුරනවා ඇති කියලා හිතෙනවා..

    ඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකත් වෙන්න පුළුවන්

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...