Saturday, August 11, 2012

තණ්හා ආශා....


මේක බැලුවම ගොඩක් අයට හිතෙයි ගයියට පිස්සු කියලා.කොහොමත් ටිකක් පිස්සුනේ.ඉතින් කවද හරි හිතිලා තියනවද මේ ලෝකේ ඉන්නේ මම විතරයි නම් කියල.දැන් සමහරුන්ට හිතෙයි පට්ටයිනේ මට ඕන දෙයක් කරගෙන ඕන විදියකට උන්නහැකි කවුරුත් උදලු දාන්න එන් නැනේ කියල.ටිකක් හිතන්න මොකක් හරි සිදුවීමකින් ඒක පුද්ගලයෙක් විතරක් මේ ලෝකේ ඉතුරු වෙනවා කියල. මුළු ලෝකෙටම ඉන්න එකම මනුස්සය ඒ පුද්ගලයා වුනොත්.?ලෝකේ තියන හැම භෞතික දෙකටම අයිතිය ඒ මනුස්සයට ලැබෙනවා.එහෙම වෙලා වැඩක් තියනවද?. ඒ මනුස්සය ආස කරපු හැම භෞතික දෙයක්ම ලබාගන්න පුළුවන් වුනත් වැඩක් තියනවද.ඒ මනුස්සය තනි වුනාම ලෝකේ තියන ඕනෑම සම්පතක් පාවිච්චි කරන්න පුළුවන් එයාට විතරයිනේ.වැඩක් නැනේද එහෙම.කාට පේන්නද කරන්නේ.
මිනිස්සුන්ට මොකක් හරි භෞතික දෙකට ආසාවක් ඇති වෙන්නේ තවත් මනුස්සයෙක්ට සාපේක්ෂව ඒ කියන්නේ.අපි ලස්සනට අදින්නේ  පලදින්නේ අනිත් අයත් එහෙම කරන නිසා.අපි වාහනයක් ගන්න උත්සහ කරන්නේ තවත් අයට වාහන තියන නිසා.අපි ඒ හැම මගුලටම අස කරන්නේ අපි වටේට ඉන්න එවුන්ටත් එහෙම දේවල් තියන හන්ද(භෞතික දේවල් හොදේ).අපි මැරීගෙන විභාග වලට ලියන්නේ ඇයි??.අපිට හොද ජොබක් කරන්න ඕන නිසානේ.එහම කරන්න හිතෙන්නේ ජීවත්වෙන්න ඕන නිසානේ.හැමෝම ලොකු තැනකට යන්න හදන්නේ ජිවත් වෙන්න ඕන නිසාද????.නෑ නේ.....අනිත් හැමෝම වගේ ඒක කරන හන්දනේ.මේ ලෝකේ හැම දේකටම තරගයක් තියනවා.මේ හැම දේටම තන්හාවක් ඇතිවෙන්නේ තමුන්ට නැතුව අනිත් අයටත්  ඒ දේවල් තිබුනොත් නේ...තමන්ට විතරක් තියාගෙන තණ්හාවෙන් ඉන්න අයත් ඉන්නවා ඉතින්.ලෝකයේ සිටින්නේ තමන් විතරයි නම මෙලෝ රහක් නෑනේද??? කාත් එක්කද තරග කරන්නේ.ආශාව ,ලෝබකම, තන්හාව කියන හැම  දේම සාපේක්ෂයි නෙවේද අපිට ඒක ඇති වෙන්නේ තවත් පුද්ගලයෙක් හන්ද නෙවේද?
මෙහෙම හිතමුකෝ උදාහරණයක්
මා ලග තියනවා දියමන්ති උරයක්(ඇත්තට නෑ නැත්නම් තොපි මහ රෑට අපේ ගේ කඩයි)
 දැන් මට හම්බෙනව වර   2  ක්(කොහෙන්ද අහන් එපා කොහෙන් හරි ) හැබැයි මට ඒ 2 න් එකයි පාවිච්චි කරන්න පුළුවන්  මෙන්න මෙව්වා තමයි ඔය 2
1.ලෝකේ තියන හැම ගලක්ම දියමන්තියක් කිරීම.
2.ලෝකේ තියන හැම දියමන්තියම ගල් කැටයක් කිරීම.(මා ලග තියන එව්වා හැර).


ඕක මීට අවුරුදු 4 කට විතර කලින් මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයක්. එවෙලේ නම මම දීපු උත්තරේ තමයි පලවෙනි එක.ඒත් දැන් මට තේරෙනවා හරි උත්තරේ 2 වෙනි එක කියලා.
ලෝකේ තියන හැම ගලම දියමන්තියක් කලොත් ඒවායේ වටිනාකම නැතුව යනවනේ.ඒ වුනාට මා ලග තියන ටික තියාගෙන අනිත් දියමන්ති ටික ගල් කැට කලොත් එතකොට මා ලග විතරයිනේ එව්වා තියෙන්නේ එතකොට වටිනාකම වැඩි වෙනවනේ.මගේ ගොන් මොලේට ඕක ඒ දවස්‌ වල තෙරුන් නෑනේ.ඒ කියන්නේ අපි ලග නැති දෙයක් අනිත් කා ලග හරි තියනවා නම්.ඒ ගැන ආසාවක් තියන අයට එක වටිනවනේ.එතකොට ඉතින් වටිනාකම කියන්නෙත් සාපේක්ෂ දෙයක් නෙවේද??මොකක් හරි  භෞතික දෙකට වටිනාකමක් ලැබෙන්නෙත් ඒකට ආස කරන පුද්ගලයෝ මතනේ.
ඕන තරම් සල්ලි තියන කෙනාට කිසිම දේක වටිනාකමක් නෑ.වාහනේ හැප්පුනොත් අලුත් එකක් ගන්නවා.ඒත් දුප්පතාට එහෙම නෑනේ.ඒ මනුස්සයට එයාගේ කෑලි හැලෙන පුටාර් කට්ට ගොඩක් වටිනවනේ.
අපි හැමෝම වගේ හම්බ කරන්නෙත් කන්න බොන්න ජිවත් වෙන්න විතරක් නෙවේනේ.අපිට අවශ්‍ය කරන අනිත් දේවලුත් ලබාගන්න ඕන හන්දනේ.දැන් මෙහෙම හිතමුකෝ භාණ්ඩ හුවමාරුවෙන් විතරක් ගනුදෙනු කරන පලාතක් තියනවා. ඒ පලාතට අලුතෙන් එනවා හොද සල්ලි කාරයෙක් හැබැයි මිනිහ අරන් එන්නේ සල්ලි විතරයි

.ඒ ගමේ මිනිස්සු සල්ලි ගණන් ගන් නැත්නම් අර සල්ලිකාරය නිකන්ම හිගන්නෙක් වෙනවා නේ.


මට හිතුන දේ මම ලියුවෙමි.ඔබට හිතෙන දේ ඔබත් ලියන්න .මේක වැරදි නම් එකත් කියන්න .



   
Comments
13 Comments
Facebook Comments by Blogger Widgets

13 අදහස්:

  1. අපි ගොඩක් වෙලාවට තව කෙනෙක් ලග තියනවට වඩා හොඳ වටිනා දෙයක් ලබාගන්නනේ උත්සහ කරන්නේ. ඒ දේ ලබා ගන්න කල් විතරයි එකේ වටිනාකම තමන්ට දැනෙන්නේ. ඊට පස්සේ අගයක් නැති වෙනවා.

    ReplyDelete
  2. වර වර ලඟ කැන්දා :D

    ReplyDelete
  3. හ්ම්ම්ම්... මම නම් කොහොමත් මුලින් ම හිතුවේ දෙවෙනි එක.. තණ්හාව නිසා නෙවෙයි... අර ඔයා කියපු හේතුව නිසාම.. ඒත් මෙහෙම දෙයක් තියෙනවා.. මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දේවල් එක සමානව තියෙනවා නම් ඔය දුප්පත් පෝසත් භේද මුකුත් නැ.. ඒත් එහෙම වෙන්නෙත් නැනේ.. ඕක ගැන හොඳට In Time ෆිල්ම් එකේ පෙන්නනවා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. අහ් මමත් ඒ ෆිල්ම් එක බලල තියනවා පට්ට ෆිල්ම් එක

      Delete
  4. Anonymous11/8/12 20:34

    හ්ම්ම්..පිස්සුවක් නෙවෙයි.මම ඔබට එකඟයි :)

    ReplyDelete
  5. Replies
    1. ලීව වෙලාවේ මටත් ඔහොම හිතුනා බං

      Delete
  6. එකඟ වෙමි ය..:)

    ReplyDelete
  7. එක ඉතින් ලෝකේ මුල ඉදන් ම හැඩ ගැසිලා තියන විදිය.

    ReplyDelete
  8. කෙනෙකුට ඇති තරම් දේපල තියෙනවා එත් නැති කෙනාට දෙන්නෙ නෑ ඒ තන්හාව නිසනේ තියෙන ටිකෙන් චුට්ටක් හරි දෙන්නෙ හිතෙන්නේ හිත හොද අයට එයාලට ස්වභාවධර්මයෙන්ම ලබෙනවා

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...