Saturday, November 30, 2013

අස්වැන්න....මාස නවයකට පසු..





මා අනිත් එවුන් සමග වපුරන්නට පටන් ගතිමි...
දිනපතා වතුරද පොහොරද හොදින් දැම්මෙමි.....
කන්නයේ මැදදී වගාවේ අස්වැන්න සරු බව හඟවන ලකුණු පහල විය...
දිනෙන් දින සතියෙන් සතිය මාසයෙන් මාසය ගතවිය.....

Tuesday, February 19, 2013

චංගුමී මාර්කට් එක....


සුජාත දියණි ඉවරෝ ය. ඒ වෙනුවට අලුත් දියනියෙක් ඇවිත් සිටින්නීය.ඒ අභීත දියණියන් ය .සුජාත දියණි අපේ රටේ 90% ක්ම බැලුවාලු ය. ඒ කතාව ඇත්තය .එකට වග කිව යුත්තේ අපේ රටේ සිටින ධන ලෝභී ටෙලි නාට්‍ය නිෂ්පාදක වරු සහ අධ්‍යක්ෂක වරුය.එවුන්ගේ පිහිටෙන් මෙලෝ රහක් ඇති, ජනතාව වැලද ගන්නා කතාවක් මෑතකදී නිර්මාණය නොවුවේය.එම නිසා කොරියන් කතා මාකට් වෙන්නට ගත්තේය කොරියන් කතා වෙළදාම පටන් ගත්තේ පච වාහිනියෙන්ය.වසරකට පමණ පෙර එහි එක දිගට සෙනසුරාදා දවස් වල සවසට කොරියන් කතා දෙකක් ගියේය.ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ දෙකත් අද ලංකාවේ හැදෙන ටෙලි නාට්‍ය වලට වඩා තේරුමක් ඇති එව්වය.එත් සුජාත දියණි තරම් සාර්ථක වුනේ නැත.එම නාලිකාවේ ස්වයන් ජාත ට පසුව හරි හමන් කතාවක් මම නම් දැක්කේ නැත.මෙගා බෝ කලේ මහා රජා ය ඒ ඉන්දියාවේ කතා ටිකක් මෙහෙ දිග ඇරලාය.ඒ දවස් වල සමහර කෙල්ලෝ ප්‍රවීනා අඩනකොට ඉකි ගස ගස අඩනවාය.අපේ රටේ හැටිය පිට රට දෙයක් ගෙන ආ විට මල් පහන් දෝතින් පුජා කරන්නෝය.වරද ඇත්තේ එතනය.පිටරට දේවල් උඩින්ම ගන්නා නිසා අපේ දෙයක් හදන්නට කාටවත් අවශ්‍යතාවයක් නැත්තේය එම නිසා දෙකයි පනහේ ටෙලිනාට්‍ය ඕන තරම් ඇත.

Tuesday, February 12, 2013

මට හැපිය..10,000 ක් ආවෝය






බ්ලොග් එකට දහ දාහක් ආවෝය පට්ටය... පොඩියට උන්නු දුම් කවුළුව දැන් ලොකුයි කියා හිතෙන්නේය .මට හෙන හැපි එකක් දැනෙන්නේය බ්ලොග් එකේ කතාව හෙන දිග කතාවක්ය.ලිවුවේ පාළුව තනිකම මකා ගන්නටය .මුලින් ම පටන් ගත්තේ හිනා යන SMS වගයක් පොස්ට් කිරීමෙනි.. එවකට බ්ලොග් එකේ නම  SMS Lanka වුයේය..ඒවා බැලුවේ වැරදිලා අව එවුන් නිසා මට එපා විය ඒවා අයින් කෙරුවෙමි.ඉන්පසු මුලින්ම දැම්මේ කලර් ටී.වී ය එක ටිකක් සෙට් වුනි.... එකත් මන් ලියපු එකක් නොවීය.කොල්ලා වැඩට බැස්සෙමි..2012/05/22 වෙනිදා දැම්මේ හෙනම ඕපා දුපයකි(දැම්ම ගමන් සිතුනේ එහෙමය ඒ දවස් වල ගයියා පොදිය දැන් ඊට වැඩ වැඩිමල් නිසා ඒ පොස්ට් එක අනේ මන්දා ය)ඒ ඕපා දුපය ගහක් හොරකම් කරන්නට ආ පිරිසක් ගැනය (සඳුන් ගස් හොරු ).එකටත් කොමෙන්ටු වැටි තිබුණි ...එත් ගයියා ආධුනිකයෙක් නිසා (තවමත් එහෙමය ) රිප්ලයි දාන්නට තරම් හිතුනේ නැත්තෙමි..ඔහොම කාලය ගෙවී ගියේය මෙලෝ රහක් නැති පොස්ටු සමග පට්ට පොස්ටුද ගයියා පොස්ට් කළේය..ඒවා මට පට්ට වුනාට ගොඩක් එවුන්ට මෙලෝ රහක් නැති වුනේය..

Friday, February 8, 2013

මෙය හුදෙක් මඩක් පමණි...මගේ සහෝදරයිනි ඔබට උපහාරය



වසරකට වරක් පැවැත්වෙන අප පාසලේ ක්‍රීඩා උත්සවය ඊයේ පවත්වන ලදී .අපේ සෙට් එක සෙට් වෙන්නේ ඕකෙදි තමාය.මම මියා සමග ඉස්කෝලෙට සම්පරාප්ත වුයේ තව දෙතුන් දෙනෙකුද සමගය...අපේ එනවයි කීව එවුන්ටත් එක්කම හොද තැනක් බලා ඉදගතිමු..චොකා (වෙඩික්කරු)පෙට්‍රෝලියම් එකේ මලකඩ හුරනාවය ඒ නිසා ඌ එන්නේ හවස් වෙලාය ..වැලයා ඒ කිවේ අපේ තනිවුන ගවේශකයා එනවා කීවට පලාතෙවත් නැත .හත් අට වතාවක් කෝල් කරත් මු උස්සන්නේ නෑ මොන මගුලක්ද මේ යක්කු නොකා නොබී ගෑස්ටික් හදාගෙන සල්ලි එකතු කරලා ෆොන් ගන්නවා කෝල් කරාම උස්සන්නෙත් නෑ කියා සිතුනි මුගේ බෙල්ලේ ලංකාබෙල් එකක් එල්ලුවත් ඔය සේතේම තමාය  ... යන්තම් ජන්නා ගත් විට මු ඉස්සුවේය......
“හලෝ.....”(නිදිමත කට හඬකි )
“කොහෙද යකෝ ඉන්නේ තෝ එන්නේ නැත්ද ...”(ජන්නා හෙන තරහ කාරයෙකි.ජිම් එකේ ජීවිතය ගෙවන්නේය ඌ බොන්නේ 12000ක් වටිනා පිටි එකක්ය ඒ මහත් වෙන්නටය.කාටත් වඩා හොදට කිරිකට් ගැසීමට සහ වාහන එළවීමට දස්සයෙකි ඌට තද වෙලාය..)
“ආ.. මේ මන් යන්න හදන්නේ .....”(කිව්වේ එහෙමය අපිට තෙරුන් නැත්තේය )

Tuesday, January 22, 2013

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ.......

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ..............................

මේ වචන ටික දකිද්දී මන් කියන්න හදන්නේ ඒක ගැන කියල හිතන්න ඇති ...නෑ නෑ ඒක ගැන නෙවේ පොල් කඩන ඒක මතක් වුනාම මට උඩ තියන පේලි ටික නිකන්ම ලියවුනා ...හී හී.. පොල් කඩන්නට , පෙදරේරු වැඩ කරන්නට ,ගස් නගින්නට පුළුවන් ඉංජිනේරුවන් ,දොස්තර වරුන්,නීතිඥයන් නැත ඒවා කරන්නට මිනිසුන් ඇත..එත් ඒ මිනිසුන් ගැන කතා කරන්නට කවුරුත් නැත .. මීටර් බර ගණනක් උස පොල් ගසේ මුදුනට තාත්ත නගින්නේ පුතාගේ පන්ති ගාස්තු ගෙවීමටය.පෙදරේරුවන් අහස උසට ඇති පලංචි වල එල්ලී අනුන්ගේ මාලිගා තනන්නේ තමන්ගේ සිහින මාලිගාව තැනීමටය.රෑ මදින්නන් අතුරේ යන්නේ දෙවේලක් කෑ ජිවත් වන තම දරු පවුලේ බඩ කට පිරවිමටය.ධිවරයින් මහා මුහුද සමග ඔට්ටු වීමට යන්නේ ජිවත් වීමටය ....




Tuesday, January 15, 2013

සිතකින් නොවේ දුරස් වුනේ ඔබ හැරදා... (ඔන්න මගෙන් පිළිතුරක් )



පිළිතුර මෙයයි ඇයගේ කවි පන්තියට
බොක්කට වැදුන හන්දයි මා ලියුවේ මෙය
දන්නෝ දනිති කුමක්ද මේ හුටපටය
නොදන්නා අය බලන්න මෙතනින් යන්න ....

Tuesday, November 27, 2012

මගෝඩිසෝ දුවපන් පන බේරාගෙන මෙන්න ලෝක විනාසේ....


මේ ටිකේම පාටි ගොඩයි පෙරේදා අපේ සනා බෝයි හැට්‍රික් එකක් දැම්ම නොවැ  ඒකට ගිහින් ආව විතරයි, මාත් එක්ක ලී බිස්නස් කරන සෝමේ අයියගේ කෙලිගේ මගුලට එන්නයි කියලා කෝල් එකක් ආව.දැන් මේ එකට ගොහින් ආව විතරයි .මංගල්ලේ නම් ජයට තිබුන කෙලීට අවුරුදු 20ක් ඇති මයේ හිතේ මනමාල මහත්තය නම් අවුරුදු 18ක විතර කෙලි පොඩ්ඩක් ඉන්නවලු .එත් මොකෝ ඌට කොටි ගණන් සල්ලි තියනවා නොවැ.
ගැලපෙනවා නේ ...
ගෙදර එනකොට 12.00 පහුවෙලා හයිවේ එක තිබුන හන්දා හොදා ඉතින් පැය බාගයක්වත් ගියේ නෑ මගේ හිතේ ගාල්ලේ ඉදන් ගෙදෙට්ට එන්ඩ ...අපේ පුතණ්ඩිය නොවැ වාහනේ එළවන් ආවේ..කිසි ප්‍රශ්නයක් නැතුව 200 ට විතර ආව..කොහෙද ඉතින් අපි යන වාහන  නවත්තන්න කවුරුත් නෑ නොවැ ...දන්නේ නැතුවම නින්ද ගියා විජේ අයියට ටෙන්ඩරේ අරන් දුන්නයි කියල මට තෑගි කොරපු කළුවර කවිච්චිය උඩ. මයෙ හිතේ පැය බාගයක්වත් නිදාගන්න නැතුව ඇති මහා කාලගෝට්ටියක් පාරේ මමත් ටක් ගාල බොඩිගාඩ්ට කතා කළා බොඩිගාඩ් කීවට ඌ මේ මගෙත් එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනල පොකට් ගහපු එකා අට පාස් වෙන්න ඔන්න මෙන්න තියනකොට මාවත් එක්කම ඒකාවත් ඉස්කෝලෙන් දොට්ට දැම්මේ අරව මේවා

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...