අර 65 වෙනි මෙව්වා එක වෙනුවෙන් දැන් තරග එහෙම ගොඩයි ලු. ක්රීඩා තරග ***** කුමාරයා, කුමාරි තේරීම (මේක අවුරුදු කුමාරි කුමාරයා වගේ නෙවේ මොඩර්න් කුමාරයා කුමාරි ),සින්දු කියන තරග අරව මෙව්වා ගොඩයි....
කිරිකට්උත් ගැහුවා ජාතික කිරිඩාවත් ගැහුවා ඔක්කොම පැරදුනත් එක්ක...:'(
කොහොම හරි සෙල්ලම් අස්සේ බැනර් තරගෙකුයි,ටී ෂර්ට් තරගේකුයිත් තිබුනා.ඒ කිවේ එක පන්තියකින් එක ටී ෂර්ට් එකකුයි එක බැනර් එහෙකුයි ගහන්නයි කිව.. ඒ අස්සේ ටිකට් පොතකුත් දුන්න විකුනන්න කියලා එක ටිකට් එකක් 100 ක් කජු ඇට වත් කොස් ඇට වත් නෙවේ ලංකාවේ වලංගු මුදලින් රුපියල් 100 ක්....හුටා දැන් පලයන්කෝ ටිකට් විකුනන්න. කව්ද බන් මේ කාලේ 100 ක් දීල ටිකට් එකක් ගන්න එකා.. නෑ කෙනෙකුට ටිකට් එකක් දුන්නත් ගන්නේ නෑ.... කොහොම හරි කරලා ටිකට් 20 න් 12 ක් විතර වික්ක ගුටි නොකා බේරුනේ බොහොම අමාරුවෙන්...(ඉතුරු 8 අතින් කයිට් ය)..
ඔන්න දැන් කට්ටිය කතා වෙලා t එකට ඩිසයින් එකක් දාගත්ත කැප් එකකුත් ඩිසයින් කොලා...
මහා බැනර් රාජයා ඩිසයින් කොරන වැඩේ මට තමයි බාර වුනේ ##@@///+/*
මෙන්න මේක |
එක කීවහම ඒ ගහපු තැනින් අර වැරදුන අකුර උඩින් අලවගන්න කියලා අකුරක් දෙන්නම් කිව පහුවදාට අදින්නත් එපායැ හන්ද අපිත් වැඩේට හා කිව....මූ දැන් උදේ පාන්දර අකුරු ගෙනත් අලෝල කියනවා මල්ලි අර cap ටිකට පොඩි ප්රශ්නයක් වුනා ඒවා වල සල්ලි අපහු දෙම්න්නම්ය කියලා ඒ වෙලාවේ නම් ඌ ව මරණ කන්න හිතුන.(මේක වෙන්න ඇති උගේ පලවෙනි වැඩේ )
ඊට පස්සේ අර අකුර අලෝපු T shirt එකත් ඇදගෙන ගිය වෝක් එක... පට්ට දුරක් ගියේ හැබැයි පට්ට ආතල් ඒ වැඩෙත් නිකම් බොරැල්ලට වැද්දෝ පැනල වගේ :) :) :)
කොහොම හරි බැනර් වැඩේ හන්දයි Tshirt වැඩෙයි හන්ද හෙන ගහන්න අතින් කයිට්... ඔන්න ඕකයි ඔය මන කිව ලොකුද මන්ද මෙව්වා එකේ 65 වෙනි මෙව්වා එකේදී උනේ
මේක නම වගේම මේ දාලා තියෙන පින්තූරේ එහෙම දැකලා පුරුදුයි පුරුදුයි වගේ
ReplyDeleteමාත් ගියා මේ කියන පොට් එකට.ඒත් පෙර කල පිනකට මටනම් මේ පරිප්පු සෙට් උනේ නැ...
ReplyDeleteඋබ ඉතින් ඩයල් එකනේ
Deleteෂුවර් එකටම පලවෙනි වැඩේ වෙන්න ඇති
ReplyDelete