Friday, May 25, 2012

උණ බම්බු ආතල් එක

මේක නම් අපේ සෙට් එකට වෙච්ච දෙයක්.වෙසක් 1 ට කූඩු වගයක් හදන්න සෙට් උනා(කූඩු50ක් විතර) කූඩු හදන්න ඉතින් උණ බට එපායැ ඔන් දැන් උණ බට හොයද්දි පල්ලෙවෙල පැත්තේ ඉන්නවා අපේ එකෙක් එහෙ බඩු තියනවයි කියලා අපි එහෙ යන්න සෙට් වුන
.ඔන් ඉතින් කස්ටිය දැන් අපේ බම්බු ට්‍රිප් එකට ලැස්ති උනා (අපේ එවුන් එක්ක සෙට් වෙලා බස් එකේ හෝල්ට් 2ක් ගියත් ට්‍රිප් එකක් තමයි ඉතින් )
දැන් ඔන්න කස්ටිය පල්ලෙවෙලින් ලෑන්ඩ් කලා.දැන් කස්ටිය අර පල්ලෙවෙල සහෝ ගේ ගෙදරටත් ආවයි  කියමුකෝ. ඊට පස්සේ මේ යකා අපිව කනතු මැදිනුයි කැලෑ අස්සෙනුයි අර උණ බට තියෙන පොට් එකට එක්කන් ආව. අපි උණ ගස් කපන්න කියලා ආවට එතන තොරණක් හදන්න තරම් උණ ගස් කපල දාල. අම්මට හුඩු පට්ට ප්ලේස් එක වෙල් යායක් අයිනේ තමා තිබුනේ.දැකකම ආස හිතෙනවා. දැන් එකෙක්ටවත් උණ බටයක් ගැන සිහියක් නෑ වේලට බහින්නමයි කතාව ඔන් ඉතින් ගෙනියපු ආම්පන්න ටිකත් අරගෙනම කට්ටියම පදුරු අස්සෙන් රිංගල ගොහින් ගියා වෙල ලගට.ගැලෙවුවා සෙරෙප්පු නවා ගත්ත කලිසම දනිහ ලගට ටික ටික වෙල මැද්දට ගියා (ටික ටික කිවේ නියරවල් වල එරෙනකොට එක පාර යන්න බැරි හන්ද). නියරවල් කැඩී මඩට නොවටුනාමත් නොවේ.
ඔහොම මඩේ එරී එරී වෙල මැදටම ගියා(අපගේ අරමුණ වුයේ එහා කොනේ තිබුන ඇනිකට් එක ලගට යාමයි)ඔන්න එතකොටම හත් ඉලවුවට ගහපු කලාබරේ වගේ දාර වැස්සක් වැස්ස නොවැ.කොහොම කොහොම හරි නියරවල් දිගේ හයි ජම්ප් දදා අපි දිවුව.ඒ දිවුවේත්  වෙල ඇතුලට මිසක් පිටතට නොවේය.කොහොම හරි ඔය හයි ජම්ප් වැඩේ නම් හොදටම  කලේ අත පය හොදට දිගට තියෙන අපේ මිත්‍රයෙක්.කොහොම කොහොම හරි මඩ නාගෙනම ඇනිකට් එක තියෙන තැනට ආව වැස්සත් වැඩි කළා.ඇනිකට් එක උඩින් ආම්පන්න ටික තියල  ගහක යටට උනා නොතෙමි ඉන්න කියල(අපරාදේ මඩ හේදෙනවනේ).ඒ උනාට ගහ යට වැහි දෙකයි. ඔන් ඉතින් දැන් වැස්ස අඩු වෙනකම් පැය බාගයක් විතර පිස්සු වෙඩිම් කර කර උන්න(කරපුව ලියන්න වෙනම බ්ලොග් එකක් ලියන්න වෙයි). වැස්ස නම් අඩු කළා ඒ උනාට බිබිලි නගින බෙලි කටූ කියලා ගොරෝනවා විදුලි කොටනවා දැන් අර ගෙනාපු ආම්පන්න ටික ගෙනියන්නත් එපැයි වෙල මැද්දෙන් ඕක ගැන හිත හිත ඉන්නකොට එකෙක්ට පට්ට අයිඩියා 1 ක් ආව.
 “ඉතින් බන්  ඕක ගෙනියන එක මහා වැඩක්ද මේ ලනුවක් තියෙන්නේ ගැට ගහල වෙල දිගේ ඇදන් යමු....” කිව.මොනවා උනත් පට්ට අදහස ක්‍රියාත්මක කිරීම තමා අමාරු දකින එවුන් හිතයි අපිට පිස්සු කියලා (පිස්සු තිබුනට ඒක පිටට පෙන්නන්න ඕනයැ)

කොහොම කොහොම හරි අපි අයෙත් එන්න ගත්ත දැන් නම් නියරවල් වලත් මඩ ගොඩවල්ය. කොහොම ගියත් මඩ නාන එකනේ කියල  මම තව එකෙක් එක්ක වෙලට බැස්ස.බැස්ස බැස්ස මයි මාව දනිස් 2 ලගට වෙනකම් එරුණා.ඒ අස්සේ තව එකෙක් මි හරක වගේ මඩ ගොඩේ උඩ පනිනවා. අර අත පය දිග එකා නම් හයි ජම්ප් දදා ගියා හැබැයි ඒක පාර උඩ ඉදන් මඩට පනිද්දී මඩ ගෑවෙනවට වඩා නෑවෙනවා කියලා මිනිහට අමතක වෙලා. කොහම හරි ගොඩට ඇවිත් පොඩි වතුර පාරකින් මඩ හොදගත්ත (ගද තමා හේදුන් නැත්තේ).ඊට පස්සේ උණ ගස් 2කුත් කෑලි කෑලි කපාගෙන ආව.
train එකට නැග්ග එවත් උස්සන්. trainඑකේ උන්න සෙනග අපි දිහා බලනවා නිකම් අමුතු විදියට(ගද හන්ද වෙන්න ඇති) ඔන් ඊට පස්සේ  train ඒකෙන් බැහැල ගෙදර ආව. එහෙමම ගද යවාගෙන පොඩි ඇලර්ට් එකක් දැම්ම(අයි බන් පට්ට අමාරුයි නේ මඩ නාල).නින්දෙන් නැගිට්ටම තමා නියම ආතල් එක අත පය කඩලා වගේ.
මේ කතාවේ තව දාන්න අමතක උන රස මුසු තැන් එහෙම තියනවා නම් එදා ගිය එවුන් මට මතක් කරපල්ලා........
සැ.යු.-මෙම කතාව බරපතල ලෙස සංස්කරණය කර ඇත්තේ අප කල ගොන් මීහරක් වැඩ ලිවීමට ගියොත් මටද ඒවා එපා වෙන බැවිනි.
මෙහි අර පට්ට අයිඩියා එක දුන්නේ කවුද කියා කියවන්නා තේරුම්ගත යුතුය 
Comments
3 Comments
Facebook Comments by Blogger Widgets

3 අදහස්:

  1. මඩ නාන එක හොදට පුරුදු වැඩක් නෙ....

    ReplyDelete
    Replies
    1. කොහේ ගියට් අපිට මඩ නී බන්

      Delete
  2. උඹලට රජවෙන්න උවමනාවට නේද මඩ නාගන්න ගියේ...... :D

    කුඹුරුවලට බහින්නේ පරිස්සමෙන් මී උණ එහෙමත් තියෙනවා

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...