Monday, May 28, 2012

කඩ්ඩ සහ අපි


               ඉගනගෙන ඉවර උනාම අපි කව්රුත් බලාපොරොත්තු වන්නේ හොද ජොබ් එකක් කිරීමටය තමන් ඉගන ගෙන ඇති මට්ටමට අනුව ජොබ් එකේ මට්ටමද ගොඩ දා ගැනීමට නම් කඩ්ඩ පොලිෂ් වී තිබිය යුතුය. නැත්නම් වන්නේ තමන්ට වඩා අඩු අද්යාපන මට්ටමක ඇති අය ඉහල පුටු වල ඉදගෙන කඩ්ඩෙන් කොටන විට අසරණව බලා  හිදිමය.

               මාත් එක්ක සිටින සමාජ උප කුලකයෙන් ගොඩක් එවුන්ගේ කඩ්ඩ පොෂ් ය.තවත් උන්ගේ කඩ්ඩ පුස් ය ඒ දෙකටම නැති එවුන්ද සිටිති. පොෂ් කියා සිතාගෙන සිටින එවුන්ද සිටිති උන්ට නම් සින්හලත් අමතක වී ඇත.සමහර උන් ලංකාවේ සිටියාට සිතින් ඇමෙරිකාවේය.
   මේ දවස් වල උසස් අධ්‍යාපනය ගොඩ දා ගැනීමට නම් කඩ්ඩ ඕනෑමය ඒ සදහා නම් ඔෂ් වීමම අවශ්‍ය නැත නමුත් පුස් වී නම් බැරිය.
                          අද කාලේ වයස දවසක් වෙන එකාගේ පවා මවු පියෝ දරුවාගේ කඩ්ඩ පොලිෂ් කිරීමට දරන්නේ අසිමිත වෑයමකි.එහි වරදක් නම් නැත. මම නම් මොට්ටසොරි යන දවස් වල ඉදන්  තවමත් කඩ්ඩ උගනී ඒත් තවමත් කඩ්ඩ නම් හොදට කැපෙන් නැත යාන්ටමට කැපේ එය කෙසේ හෝ පොලිෂ් නොකරගන්න එක මගේ වරදකි.(සිංහල වත් හරියට බැරි කොට අපි මොකටද ඔය සුද්දන්ගේ බාසාව මතක තියයාගන්නේ කියලා තමා මට නම් හිතෙන්නේ).සුද්දන්ගේ පැත්තෙන් බැලූ විටත්  ඔය සේතේමය එංගලන්තේ සමහර සුද්දන්ට ලියන්ට කියවන්ට බැරිය.
     මමත් කාලයක් බර ගානක් දී බොරැල්ල පැත්තේ කඩ්ඩ පාඨමාලාවක් කලෙමි.පලවෙනි මාස හය කඩ්ඩ මුවත්‌ තියාගෙන ගොඩ ඒගෙන ආවෙමි. මගේම කරුමෙට අවසන් මාස තුනේ ඉංගිරිසි සාහිත්ය නිසා මට කඩ්ඩ වහ විය මට නම් සිංහල සාහිත්‍ය කියූ විට මතක් වෙන්නේද 11 වසරේ දී තිබු සියදෝරිස් ගේ බයිසිකලය පමණි. එහෙව් වු අපට මොන රෝමියෝ ජුලියට්ද මොන හැම්ලට් ද??? අනික ඔය ජොබ් එකක් කරන කාලෙක ඕන වෙන්නේ නුතන ඉංගිරිසි මිස දැන් සුද්දවත් පාවිච්චි නොකර ඉවත් කරන ලද පරණ ඉන්ගිරිසියෑ(මම දැන් කිවූ දේ දන ගන්න නම් ඒ ආයතනයට යා යුතුය.) මොනවා උනත් එතැනට ගොහින් කඩ්ඩ නම් සුපිරියට නැතත් මට ඕන ගානට කැපෙන්න හදා ගත්තෙමි.කැපෙන් නැතත් ඉංගිරිසියෙන් ලියු ඕන කුනුහබ්බයක් තේරුම් ගත හැක.
            කඩ්ඩ හොද වියපාරයක් කර ගත අයද සිටිති.කඩ්ඩ ඕන අතකට වැනු විට ඕන විදියකට කැපේ නම් වෙන ජොබ් ඕනා නැත.කොහොම උනත් කඩ්ඩද එක විදියක තරගයකි.කි දාහක් වියදම් කර හෝ ඒ තරගය ජය ගත යුතය නැතිනම් හුලන්ය.
මට නම් වෙලාවකට විශ්ව බාසාව සිංහල වුවා නම් පට්ට යි කියා සිතෙයි එහෙනම් අපේ එවුන්ට සුද්දන්ගේ රටවල හෙන plase ය එහෙනම් උන්ට සිංහල උගන්වා අපිටත් කියක් හරි සොයා ගැනීමට තිබුණි.
බොරුවට ගොන් කතා කියලා  වැඩක් නෑනේ කොහොම හරි කඩ්ඩ හදාගන් එපායෑ.මේ දැම්මේ මට හිතෙන ඒවා කියව බලා කොමෙන්ටුවක් දමා ගියාට වරදක් නැත. බැනල හරි කමක් නෑ දාන්නලා මගෙනේ ඉතින් බ්ලොග් 1
Comments
5 Comments
Facebook Comments by Blogger Widgets

5 අදහස්:

  1. patta patta...math me boralla paththe place eke rawumak gahuwa....unu sethaknam ne....loku ganak eka para washpa una romio julietta thanku wenna

    ReplyDelete
    Replies
    1. උබ නම් මාස 3න් ගොඩ ගියානේ බන්

      Delete
  2. කොහෙ ගිහින් කඩ්ඩ පොලිශ් කලත් වැඩක් නෑ භාවිතා කරන්නේ නැත්තම්... එක හරියට කම්මලට අරන් ගිහින් මුවහත් කරල ගෙදර ගෙනත් ලිප් බොක්කේ ගහල තිබ්බ වගේ.... ටික දවසකින් පරන සෙතම තමයි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත බන්

      Delete
  3. කඩු ෆයිට් බැරි නම් ලොකු ලොකු තැන්වලට ගියාම කැපෙනවා තමා සහෝ. ඒත් අපේ එකෙක් කින්නවා මොකා කඩ්ඩෙන් කතා කලත් ඌ උත්තර දෙන්නේ සිංහලෙන් :D

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...