මේක sms එකක් නම් නෙවේ හොදේ sms හොයනවා කියල මම කොහෙන්ද හත්ඉලව්වේ ඔය ටරං හොයන්නේ ඒ හඬ ඕපදුපයක් දාන්න හිතුනා.කමක් නැනේ කට්ටිය කැමති ඇතිනේ අනුන්ගේ සිනි කිරන්න.:)
මේ කතාව මට අදුනන කෙනෙක් කියපු කතාවක්. මේක වෙලා තියෙන්නේ ගම්පහට ආසන්න පළාතක. එක දවසක් මහා රෑ එක ගෙදරක කට්ටිය නිදන් ඉද්දි ගේට්ටුවේ මොකක් හරි වදින සද්දයක් ඇහිලා තියෙනවා. ගෙදර කස්ටිය බලද්දී ගෙයි මිදුලේ තිබුන සදුන් ගහේ අත්තක් ගේට්ටුවට වැටිලාලු . ඒත් එක්කම පාරේ වහනයක් යන සද්දෙකුයි කවුදෝ දුවන සද්දෙකුයි ඇහිලා තියෙනවා.
මල හත්ඉලව්වයි බැලින්නම් ගෙයි මිදුලේ තිබුන සදුන් ගහේ අතු සේරම කපලලු . ගහේ පාර්ට්ස් එහෙම අඩු වෙලාලු තිබුනේ .ගෙදර අය ඉක්මනටම 119 ට කතා කරලා.
හොරු දුවල තියෙන්නේ ඔක්කොම ආම්පන්න ටික මිදුලේ දාල. අතු කපල තියෙන්නේ අර දෙපැත්තට අදින ලොකු කියතකින්(එකට කියන නම නම මම දන්නෑ හොදේ ) .ඒ කියතේ සද්දේ ඇහෙන් නැති වෙන්න පාරේ bike එකක් ස්ටාර්ට් කරලා තියල නිකන් මග නතර වෙලා හදනවා වගේ. කොහොම හරි අත්තක් ලොරියට පටවන් ගිහින්ලු . කොහොම හරි මේ සිද්ධියට පස්සේ මේ ගෙදර නිවැසියෝ හොදටම බය වෙලා තියනවා . පොලිසියෙනුත් මේ ගැන හොයලා තියෙනවා ගමේ කීප දෙනෙක්ගෙන්ම ප්රශ්න කරල. සතියක් විතර ගියාට පස්සේ තමා නියම වැඩේ වෙලා තියෙන්නේ. ගෙදර අය උදේ අහරුනට පස්සේ අර කපන් ගිය අතු ටික මිදුලෙන් තියල ගිහින්ලු (පොලිසියට බයේ කියල තමා ආරංචි ) කොහොම උනත් මේ වැඩේ කරපු අයව නම හොයාගන්න බැරි වෙලා
අනේ අපොයි මෙහෙමත් හොරු .........
p.s-මේ කතාව මට අහන්න ලැබුන විදියටම තමා ලිවේ හොදේ
set wenawa niyamai....memath horu innawane appa
ReplyDeleteදෙපැත්තට අදින කියත්වලට කියන්නේ බණ්ඩි කියත් කියලා
ReplyDelete