සිහින පුරවරේ වෙච්චි කතාවක් තමයි මේ කියන්න
යන්නේ මේකේ වෙච්ච කතා දෙකක් වෙඩික්කරුයි
සැමා අයියයි දාල තිබුන.මේකත් ඒ ගමේ වෙච්චි සිද්දියක්ම තමයි.ඕන දැන් ග්රාමසේවකගේ
ගමේ වැඩ බලන්න එක එක අංශයට එක එක්කෙනා ගානේ යාලුවන්ට බාර දීලලු තිබුනේ.සමහර යාලුවෝ
හොද සල්ලිකාර මුදලාලිලලු.යාලුවෝ කට්ටිය ඔක්කොම බර තොගයක් ඉන්නවලු .කොටින්ම කිවොත්
ගමේ වැසිකිළි ගැන බලන්නත් එකෙක්ට බාර දීලලු තිබුනේ පාරවල් ගැන බලන්නත් කෙනෙක්
උන්නලු කොයි තරම් කට්ටිය උන්නත් හරියට ඒවා ගැන බැලුවේ නෑලු.
ඒ ගමට වඩා ලොකු අල්ලපු ගමේ වත් එච්චර ගොඩක් උන්
නෑලු වැඩ බලන්න.ගමේ ඉස්කෝලේ වැඩ ගැන බලන්න එක්කෙනෙක් උන්නලු (මෙයා නම් කෑමට බිමට
බොහොම අඩුවෙන් වියදම් කරපු කෙනෙක්ලු)ගමේ ලොකු ඉස්කෝලේ ගැන බලන්නත් කෙනෙක් උන්නලු
මිනිහ නම් ටිකක් තදයෙක්ලු.
දැන් ඔන්න අවුරුද්දකට පාරක් පොඩි ඉස්කෝලේ
අන්තිම අවුරුද්දේ ඉන්න අයට ලොකු ඉස්කෝලෙට යන්න විභාගයක් තියනවලු.මේ ගමේ ඉන්න
අහිංසක දුප්පත් අම්මල තාත්තලාගේ ළමයිනුත් ඉතින් බොහොම අසාවෙන් ලෑස්ති වෙලා මේ
විභාගේ ලිවලු.ඔන්න දැන් විභාගේ ලකුණු එනකම් මේ ළමයි අසාවෙන් බලන ඉන්නවලු මේ
විභාගෙන් ලැබෙන ලකුණු අනුවලු ලොකු ඉස්කෝලේ එක එක පන්ති වලට දාන්නේ.ලකුණුත් එක්ක
තමුන් පන්තියේ කී වෙනියද කියලත් එවනවලු . හැමෝම අසාවෙන් ඉන්නේ හොදම පන්තියට
යන්නලු.දවසින් දවස ලකුණු එන්න පරක්කු උනාලු ගමේ ළමයි ඒ හන්ද බය වුනාලු.කොහොම කොහොම
හරි ගමේ මිනිස්සු ඕකට බනින්න ගත්තලු.කොහොම කොහොම හරි දින පහු වෙලා හරි ලකුණු ආවලුඒ වුනාට ළමයින්ගේ සතුට මහා වෙලාවක්
තිබුණ නෑලු.ලකුණු වැඩි අයට වඩා අඩු අය ඉස්සරහට ඇවිත් තිබුනලු.එක වෙන්න බෑ නේ .ඒ
හන්ද අයෙත් සෙනග බනින්න පටන් ගත්තලු.කොහොම උනත් එකේ වැඩ බලන කෙනත් මේකට ලකුණු දෙන
හැටි හරියට දැන් නෑලුනේ.ආයෙත් ඒ ලකුණු වෙනස් කොරලා සතියකින් විතර ආයෙත් ලකුණු
දුන්නලු
දැන් නම් ගොඩක් අයට සතුටක් දැනුනලු.ඇයි ඉතින් තමුන් මහන්සි වෙලා කරපු දේක ප්රතිපල හොද වුනාම ඕනෑම කෙනෙක්ට සතුටක් දැනෙනවනේ.ඒ වුනාට ඒ ලකුණුත් හදිසියේම වෙනස් කලාලු මේ පාර නම් වෙනස් වුනේ ලොවෙත් නැති විදියටලු.ගමේ ලොකු ඉස්කෝලේ හොදම පන්තියට යන්න පුළුවන් කම තිබුන ළමයින්ට ලොකු ඉස්කෝලෙට යන්නවත් බැරි විදිහේ ලකුණු ඇවිත්ලු.එක්කෙනෙක් දෙන්නෙකුට නෙවේ ගොඩක් දෙනෙක්ට ඒ දේ වුනාලු අනුන් ගැන.වගකීමක් නැතිව වැඩ කරපු සමහරු හන්ද ගොඩක් අසරණ වුනාලු මේ ළමයි ටික.ළමයින්ටත් වැඩ ළමයින්ගේ දෙමවුපියෝ හුගක් අසරණ වුනාලු ටමුන්ගේ දරුවට උගන්නන්න ගොඩක් මහන්සි වුන හන්ද.මේ ළමයි ටික තවමත් බලං ඉන්නවලු තමන්ට වෙච්ච අසාධාරනේට විසදුමක් ලැබෙනකම්..
ඒ අස්සේ මේ ගමේ ලොකු ඉස්කෝලේ උගන්නන ගුරුවරු
උගන්නන එක නවත්තලලු.ඒ අය ඉල්ලනේ සාදාරන ඉල්ලීම් ටිකක්ලු.එකටවත් සාධාරන විසදුමක්
තවම නෑලු.ලොකු ඉස්කෝලේ බලාගන්න කෙනා ගමේ සල්ලිකාර මුදලාලිලාගේ ළමයිට(ලොකු ඉස්කෝලෙට
යන්න ලකුණු ගන්න බැරි අය) පුද්ගලික පන්ති දාල උගන්නන්න හැදුවලු එකට නම් මුළු ගමම
විරුද්ධ වුනාලු.කොහොම වුනත් දැන් ඒ ගමේ ළමයින්ට ඉස්කෝල ගැන තියන විශ්වාසේ ටික ටික
අඩු වේගෙන යනවලු.ගමේ ළමයින්ට වෙලා තියන වැරදි වලට වරදකාරයෙක් නම් නෑලු.
ඇත්ත කතාව ලස්සනට ප්රබන්ධ කතාවක් වගේ ලියල තියනවා ඔබ.නියමයි.ඒත්,දැන් මොනවා කියල කරන්නද..කොච්චර අවුල් ඇතිද ළමයින්ට........................:(
ReplyDeleteඒ ළමයි තවමත් බලං ඉන්නේ සාධාරණයක් වෙනකම් තමයි
Deleteතනිකරම අවුල් ජාලයක් කරලා ඔක්කොම ..
ReplyDeleteමුන්ට පොඩි අවුලක් තිබුනම ඇති එක මැල්ලුමක් කරන්න
Deleteළමයින්ගේ ජීවිත බිල්ලට දීල රජ සැප වින්දට ඕවට වැඩි ආයුෂ නෑ. මොකද වගකිවයුත්තන්ට සාප කරන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි.
ReplyDeleteඔයාගේ කතාව ගොඩක් ලස්සනයි. සිහින පුරවරේ ළමයි පව්. ඒත් ඒ ළමයිට වරදින එකක් නෑ.
අහිංසකයින සධාරණේ ඉටු වෙන කාලෙකුත් තිබුන දන නම් නැත්ද මන්ද
Deleteහ්ම්ම්ම්... ඔහොමයි වුනේ නේද.. අදමයි මේ පැත්තේ ආවේ..
ReplyDeleteඑහෙනම ජය වේවා..දිගටම ලියමු..
අනිවා...හැමදාම ලියනවා. සාදරයෙන් පිලිගන්නවා
Delete