විශ්වට අමුත්තක් දැනුනි.අංකයක් නොමැතිව කෙටි
පණිවිඩයක් එවීම ඒ තරම් දෙයක් නොවුවත් ඔහු එයින් කලබල වී තිබුණි.
“විශ්ව
ඇයි මේ ,ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද?”
විශ්ව එක වරම වෙනස්වනු දුටු දිනුරි ඔහුගෙන් විමසුවාය.
“අනේ
මන්ද දිනු, මේක ටිකක් බලන්න.”
විශ්ව ඔහුට ආ කෙටිපනිවිඩය දිනුරිට පෙන්නුවේය .
“අයියෝ,මේක
කාගේ හරි විහිළුවක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හිතන්න එපා..”
උත්සවය නිමා විය.පැමිණ සිටි සියලු දෙනාම පිට
වෙමින් සිටියහ.ඒ අතර ශාලාවේ සවිකර තිබුණු ආරක්ෂක කැමරාවක් දෙස විශ්වගේ ඇස ගියේය.එය
ඔහු වෙතට යොමුවී තිබුණි.ඔහු එය ඒ තරම් ගණන නොගත් නමුත් තවත් කැමරාවක් ඔහු දෙස බලා සිටින බව දුටු විට
ඔහු සවිකරතිබු සියලු කැමරා දෙස බැලුවේය.
“දිනූ
මේකේ තියන හැම කැමරාවම අපි දිහා බලන් ඉන්නේ,මේක අද හරි අමුතුයි.”
“කෝ විශ්ව
මට නම එහෙම දෙයක් පේන්න නෑනේ”
“ඔයා අද
හරිම අමුතුයි ඇයි මේ,මොකක්ද ප්‍රශ්නේ..,ඔයාට මාත් එක්ක කතාකරන්න දෙයක් තියනවා කිව
නේද..”
මෝටර් රථයට නැගුන පසු දිනුරි විමසුවේ විශ්ව වෙනදා
මෙන් කතාබහ නොකළ බැවිනි.
“ආ
.. එක ගැන පස්සේ කතා කරමුකෝ දිනූ මට අද සනීප මදි වගේ ඔලුව ටිකක් රිදෙනවා..”
පුරුදු පරිදි දිනුරිව ඇගේ නිවසට ඇරලු විශ්ව නිවසට
යාමට මාර්ගය සටහන් කළේය.ප්‍රධාන මාර්ගයට පිවිස යාගත හැකි වුයේ ටික දුරකි.මාර්ග
තදබදයකට මුහුණ පෑමට ඔහුට සිදු විය.වසර පහකට පෙර මාර්ග සඥා කටයුතු සදහා පරිගණක
තාක්ෂනය යොදාගැනීමෙන් පසුව මෙවන් තදබදයක් ඔහු දුටුවේ ප්‍රථම වතාවටය.සඥා වල ඇතිවූ
වරදක් නිසා වාහන කිහිපයක් අනතුරට පත්වී ඇති බව නිවසට ගිය පසු රුපවාහිනිය දැමු ඔහුට
දැකගත හැකිවිය.
“මීට පැය
කිහිපයකට පෙර සිදුවූ මාර්ග තදබදයට හේතුව පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් බවත් මාර්ග
සඥා කඩපන වීම නිසා ප්‍රධාන අධිවේගී මාර්ගයේ රිය අනතුරු සැලකිය යුතු ප්‍රමාණයක් වී
ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි .”පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය මෙතෙක් සොයාගෙන
නොමැති අතර එම පද්ධතිය ස්වයංක්‍රියව නැවත යත තත්වයට පත්ව ඇත.කෙසේ වෙතත් මේ පිලිබදව
දිගටම පර්යේක්ෂණ පවත්වන බව ප්‍රවාහන අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අප හා පැවසිය
....”
විශ්ව සුපුරුදු පරිදි පොතක් කියවන්නට පටන්
ගත්තේය.එහෙත් එදින උදැසන සිට සිදුවූ සිදුවීම් ඔහුගේ මනස නොසන්සුන් කළේය.පොත
පසෙකින් තැබූ ඔහු ජංගම දුරකථනය අතට ගෙන දවල් ඔහුට ආ කෙටි පණිවිඩය බැලුවේය.
“කවුද මේක
එව්වේ... අනේ මන්ද ශාලාවේ තිබුන කැමරා වල වැඩසටහන සකස් කරලා තියෙන්නේ එකම වෙලාවේ
එකම තැනට එල්ල වෙන විදියට නෙවේ.අනේ මන්දා......”
පොතක් කියවිමටද සිතක් නොවූ නිසා දිනුරිට කතා කර
බැලීමට ඔහුට සිතුනි .
“හලෝ දිනුරි
ඔයාට දැන් කතා කරන්න පුලුවන්ද?...”
“පුළුවන්
විශ්ව කියන්න. මොකද මේ වෙලාවේ මාව මතක් වුනේ?.”
“මට හැම තිස්සෙම ඔයාව මතක් වෙනවා” යන පිළිතුර
ඔහුගේ සිතට ආවේය.
“නෑ
දිනුරි මට කම්මැලි කමක් ආව ඔයාව මතක වුන හන්ද කතා කලේ...”
“හ්ම්ම් මටත් මේ කරන්න දෙයක් නැතුව උන්නේ
විශ්ව.,මං ඔයාට කියන්න උන්නේ අමතක උනා කියන්න මට හෙට වැඩට එන්න වෙන් නෑ.මට
නිවාඩුවක් ගත්තෑකි නේද?..”
“නිවාඩුවක්
නම් දෙන්නම්කො එත් මොකද හදිසියේම..”
“මං
හෙට අපේ ආච්චිව බලන්න යනවා විශ්ව,අපේ වැඩේ ඉවර වෙනකම් උන්නේ ඔයාගෙන් නිවාඩුවක්
ඉල්ලන්න ..”
“හොදයි
එහෙනම් පරෙස්සමෙන් ගිහින් එන්නකෝ දිනුරි.ආච්චිව මාත් මතක කළා කියන්නකෝ..”
“හරි හරි
කියන්නම් ..”
“එහෙනම් මං
තියන්නම්කො.ගුඩ් නයිට් දිනූ...”
“ගුඩ්
නයිට්.....”
විශ්වගේ සිතේ තිබුන සිතුවිල්ලම දිනුරිගේ සිතේද
ඇතිවී තිබුනි .දෙදෙනාම සිටියේ එකිනෙක ගැන
සිතමිනි.
විශ්වට නිදාගන්නට ලැබුනේ නැත නැවතත් ඔහුගේ ජංගම
දුරකථනය නාද විය එවරත් පෙර පරිදි අංකයක් නොවිය.
“දැන්
වෙලාව ලං වෙනවා විශ්ව රණවීර, ඔබේ කිසිම
සුදානමක් නෑ”
ඔහු එම පණිවිඩය කියවනවත් සමගම විදුලිය විසන්ධි වී
ගියේය...
තව කොටස් කීයක් තියෙනවදෝ?? හොඳයි හොඳයි..
ReplyDeleteආසා හිතෙනවා..ජය වේවා!!
වැඩියේ දිගට අදින්නේ නැතුව කොටස් 10 කින් වගේ ඉවර කරන්න තමයි ඉන්නේ....
Deleteස්තුතියි!!!
ඉක්මනට ඉක්මනට ඉක්මනටම ඕනෙ ඉතුරු ටිකත්. මෙක කියවන්න ආස හිතෙනවනෙ. ජය!!!!!!
ReplyDeleteහදිසි වෙන් එපෝ... ඔයා යන්න කලින් දෙන්නම්
Deleteමේ සීන් එක තිබ්බ ෆිල්ම් එකක් බලලා තියෙනවා..
ReplyDeleteඊලග එකත් ඉක්මනට දාමු ගයියා!!!!!!!
එල එල ...
Deleteකුතුහලට පිරුණ කතාවක්..
ReplyDeleteබලාගෙන ඉන්නවා ඉතිරි කොටස් කියවන්න..
අද හෙටම දාන්නම්
Delete1 කොටසත් කියවලාම එන්නම්කෝ...
ReplyDelete:පී
Deleteහ්ම්ම්..නියමයි......ඉක්මනට ලියන්න මට අමතක වෙන ලෙඩේ ඇත. :)
ReplyDeleteඅමතක උනොත් මුල ඉදලම බලමු
Delete