Thursday, July 19, 2012

පොලිසිය...

         ඔන්න ඉතින් මාසෙකින් විතර පොස්ට්ටුවක් දාන්නම බැරි වුනාලු.ඒක ඒක වැඩලු වෙලාවක් තිබුනේ නෑලු.ඔන්න දැන් දාන්නලු යන්නේ පරණ යාලුවෝ කස්ටියක් ගැන දුර ඈත අතීතයේ අපේ යාලුවෝ කට්ටියකට වුන කතාවක් මතක වුනා.දුර කීවට දුරම නෙවේ අවුරුදු 3 කට විතර කලින්.
.උසස් පෙළ කරන කාලේ කියන්නේ ඉතින් මොරාල් පිටනේ ඉන්නේ කව්වුරු හරි ඇගේ හැප්පුනත් ගහන සයිස් නේ.ඔන්න ඉතින් ගම්පහ පැත්තේ ඉස්කොලෙකුයි කැලණියේ පැත්තේ ඉස්කොලෙකුයි අටරේ පොඩි හුටපටයක් ඇති වුනාලු.හේතුව නම් ඉතින් චීත්තයක්ලු.




 ඔය අවුල ඉතින් ටිකෙන් ටික වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැලු.ඒ දවස් වල ඉතින් කාටවත් යටත් වෙන්න කැමති නෑනේ.දැන් ඉතින් සති 2 ක් 3 ක් ඔය වලිය ඇදීගෙන යනවලු බස් වලට ගහනවලු ගම්පහ ක්ලාස් වලදී මර ගන්නවලු එක විකාරයි ලු.සමහරු ඉස්පිරිතාල වලලු.


ඔන්න ඒකමත එක ඉරිදා දවසක උදේ පාන්දරම අපේ මේ කියන යාලුවෝ 5 දෙන හුළු අතු පත්තු කරගෙන පන්තිය කරා ආවලු. එක බඩ මහත සර් කෙනෙකුගේ පන්තියක්ලු .ඔන්න ටික වෙලාවක් උගන්න උගන්න ඉන්නකොට එක එක්කෙනාගේ ෆෝන් වලට මැසේජ් එනවලු ඔන්න බස් පුරෝලා උබලට ගහන්න එනවා කියල.. ඊට පස්සේ ඉතින් කට්ටිය සෙට් වෙලා ඉන්ටවල් එකේ ක්ලාස් ඒකෙන පැන්නලු දැන් ඉතින් 100 ක් විතර පෝලිමේ යනවලු ඉස්කෝලේ පැත්තට. කට්ටිය ඉස්කෝලෙට ගොහින් දැන් හෙන ප්ලෑනක් ගැහැවුවලු.දැන් ආයේ ඊට පස්සේ කට්ටිය අර බස් එක එනවයි කිව පන්තිය ලගට ගියාලු ඒ පන්තිය කරන්නේ කොට සර් කෙනෙක්ලු. ඔන්න ඉතින් දැන් කට්ටිය පොඩි ගැහිලා ඉන්නවලු එලියට වෙලා.අර පස දෙනත් දැන් ඉතින් ඉන්නවලු ඕක අර සර් කරය දැකල පොලිසියට කතා කොලාලු. ඒ පාර එනවලු කෑලි හැලෙන ජීප් එකක් ඒ පැත්තට ජෙට් එක වගේ. ඇවිල්ල අර ත්රාලසජනක එව්වා වල වගේ ගැහැවුවලු කරකෝල බ්රේක් පාරක්.එක දැකපු මේ 5 දෙනා දුවන්න ගත්තලු. එකෙක්ගේ කලිසමට් අලෙනවලු මු ඉතින් ඒකත් උස්සන ගමන් දුවනවලු.දුවන ගමන් එකෙක් ඇහුවලු එනවද එනවද කියල. තව එකෙක් පස්ස බලල කිවලු නෑ නෑ බං ඒ බඩාලා කොහෙද අපි එක්ක දුවන්නේ කියල.





                                            ඔන්න ඉතින් ආයේ ටිකකින් එකෙක් පස්ස හැරිලා කියනවලු න න බං ජීප් එක එන්නේ කියල මල හුට්ටප්පරයයි ලු එකෙක්වත් හිතුවේ නෑලු මෙච්චර ගොඩක් ඉද්දි උන් පස්සෙන්ම ජීප් එක එයි කියල. ඕන දැන් එක එකා බැගින් 5 දෙනාවම දාගත්තලු ඉතින්.ඊට පස්සේ පොලිසියට එක්කන් ගියාලු දැන් බෑග් එහෙම චෙක් කලාලු එතන උන්න 2 නෙක් ගේ බෑග් එකක අඩියක්වත් දිග නැති පොලු කෑලි 2 ක් තිබුනලු (අනේ මන්ද ඉතීන මොකට දාගත්තද කියලා ) එක මාම කෙනෙක් ඇවිත් එතන උන්න බර නැතිම එකාව ඉස්සුවලු ගහන්න වගේ(බර බලන්නද දන් නෑ ) ඔන්න දැන් ඉතින් මුන්ව බය කොරනවලු හෝ ගාල මුන් ඉතින් බය වුනාලු (එහෙම නොවී බෑනේ) එකෙක්ට බැන්නලු තොගේ කට ගදයි කියල තව එකෙක් අඩනවලු . ඔහොම ඉතින් බය කොරල ගෙවල් වලට කෝල් කරලා බාර දුන්නලු.ඊට පස්සේ ඉතින් සියල්ලෝ සතුටින් ගෙදර ගියාලු.පහු වෙනිදා ඉස්කෝලෙත් ආවලු මුන් ටික.එදාම රැස්වීමක් කැදවලා ඒ 5 දෙනාට රෙදි ඇදගෙන ඉස්කෝලේ ඇවිදින්න බැරි විදිහේ උපහාරෙකුත් දුන්නලු ඊට පස්සේ 5 දෙනාව විදුහල්පති කාර්යාලයට එන්න කිවලු ඒක ඇතුලේ නම් මොනවා උනාද කියල දන්නේ නෑ .(ඇති විශේෂ උපහාර වෙන්න ඇති ) . ටීචර් ල නම් කියන්නේ වැරදි තැන වැරදි වෙලාවේ ඉදල මේ ළමයි හරි හොද ළමයි කියලලු.(ඒවා ඉතින් දන්නේ අපි තමයි)එතන උන්න 5 න් 1 කෙනෙක් දැන් කැම්පස් ලු 3 දෙනෙක් කැම්පස් යන්න බලන් ඉන්නවලු තව කෙනෙක් 3 වෙනි පාර කරනවලු .දැන් සමහරු වලියක් කියන නම ඇහෙනකොටට් ලිස්සල යනවලු.සමහරු වලියක් කිවම පැනල දෙන්න යනවලු. කතාව අදට ඉවරයිලු




Comments
4 Comments
Facebook Comments by Blogger Widgets

4 අදහස්:

  1. Anonymous19/7/12 13:22

    හි හි...

    ReplyDelete
  2. ඔබතුමාත් මේ කතාවේ කොතනක හරි ඉන්නවා වගේ :D

    ReplyDelete
  3. ඔය දේවල් වෙන අතරේ සමහරු ඔය කියන බඩ මහත සෑර්ගෙ පන්තියට වෙලා දාඩිය දාගෙන ගැහි ගැහි ලේ පුච්චගත්තලු. තව සමහරු ටවුන් එකේ සක්මන් භාවනාවත් කොලාලු. මේ හැබෑමලු. සමහරුන්ට දැන් ඕව මතකත් නෑලු.....

    ReplyDelete
  4. වලි කියන්නේ සුන්දර අතීත නොවැ ..

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...