Monday, June 18, 2012

පෙට්ටිය සීල් කිරීම...

               ලංකාවේ අංක එක යයි කියා ගන්නා(අපි කියන එකක් නෙවේ එයාලමයි කියන්නේ.) නාලිකාවක මාස ගානක් තිස්සේ දුවන ටෙලි නාට්ටේක (ලොකු එකක් ) ප්‍රධාන වගේ ඉන්න නිලියෙකුට
(ප්‍රධාන අය ගොඩයි නේ.) බබෙක් හම්බෙන්න ආවලු.කතාවට නෙවේ ඇත්තට හොදේ.ඕක ඉතින් ඩිරෙක්ටර් දැනගත්තම හෙන ප්‍රස්නේලු ලග පාත සීන් එකක නෑලු නිලියට බබෙක් හම්බෙන එකක් .ඔන් දැන් ඉතින් මේ නාට්ටිය චිරාත් කාලයක් තියාගන්නත් එපායැ ඒ හන්ද ඉස්කිරිප්ට් එකත් වෙනස් කොලාලු. යැවුවලු නිලියව රට, එහෙදි එයාට accident  එකක් වෙලා මැරුනලු මිනිය පෙට්ටියක දාල සීල් කරලා ලංකාවට එව්වලු.(හොදට උන්නු කෙල්ලට කරපු වැඩේ )දැන් ඒ නිළිය කතාවේ නෑලු. ඔන් ඉතින් ප්‍රධාන වගේ නිලියක් අඩු වුන හන්ද ෂේප් එකේ වෙන කෙල්ලෙක්ව සීන් එකට එන්ටර් කොලාලු .  
 
ඔන්න ඕක තමයි මේ දවස් වල තියන මෙගා ටෙලි නාට්‍ය වල තත්වය.හොදයි නේද?? කතාවකට කියල නියමිත තේමාවක් නෑ එවෙලෙට හිතුන දේ කරලා දානවා එහෙම කර කර මාස ගණන අවුරුදු ගණන් අදිනවා.හැම කතාවකම වගේ love story එකක් තමයි ප්‍රධාන theme එක.වෙන theme  නෑ වගේ. ඔය වගේ නාට්‍ය 4 ක් 5 ක් ම තියනවනේ  එක කතාවක් බැලුවම එකේ තියන දේම තමයි අනිත් කතාවෙත් වෙන්නේ එකක් බෙලුවම හොදටම ඇති අද 7.30 කතාවේ කොල්ලව පැරගත්තොත් තව සතියකින් විතර 8.30 කතාවේ කොල්ලවත් පැහරගන්නවා  ඔන්න ඕකයි තියරි එක.ඒ වගේ කතාවක් ලියන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් මෙලෝ රහක් නෑ. කතාව හදන්න ගෙවල් දෙකකුයි වාහන ටිකකුයි කුලියට ගත්ත නම් හොදටම ඇති.




 පටන් ගන්නකොට නම්  දාන විදියේත් වැඩි වෙනසක් නෑ නොවෑ. ඒ කතාව ඉවර උනාම ඒ ගෙවල් දෙකම තව කතාවකටත් ගන්න පුළුවන් ලංකාවේ කොච්චර ලස්සන තැන තිබුනත් පසුතලේ නම් එකම තැනකට කොටු වෙනවා මෙගා වලදී.
අපේ මීයා කියන විදියට නම් ඔය කතා හැම එකකම විහිලු කාරයෙක් ඉන්නවලු මේ දවස් වල ට්‍රෙන්ඩ් එක විහිලු කාරය වෙන්නේ කඩයක් දාගෙන ඉන්න බඩ මහත මුදලාලි කෙනෙක්ලූ  හොදේ...



ඒ කාලේ ඔය නිලියක් ඇදුම් වගයක් උස්සලත් මාට්ටු උනානේ එකත් ඔය කතාවක් බලවන්න කොරපු ට්‍රික් එකක්ද මන්දා...මම එහෙම කිඅන්නේ මේකයි ඒ සිද්දියට පස්සේ අපේ එවුන් සෙට් එකක් උන්න හැමදාම ඔය කතාව බලන්න පටන් ගත්ත (කතාවද වෙන මොකක් හරිද මන්ද ) ඒ බලල ක්ලාස් ඇවිත් ඕක ගැන මයි කතා වෙන්නේ එකෙක් හරි එක දවසක් හරි මිස් වුනොත් ඉතින් හෙනම අවුල....ඔය සෙට් එකේ හිටපු එකෙක් දැන් බ්ලොග් එකකුත් කොරනවා නොවැ(මම නෙවේ හොදේ) මෙගා වල රෙදි ගැලවීම මෙතනින් අහවරය තවත් රෙදි  තිබේ නම් ගලවනු මැනවි  

 


Comments
9 Comments
Facebook Comments by Blogger Widgets

9 අදහස්:

  1. සිරා කතාවක් ............

    ReplyDelete
  2. මීයා කියන්නේ කවරු උනත් ඇත්තනේ කියල තියෙන්නේ.අදුන්නලා දීපන්කො මචෝ කොල්ලව.මොන උනත් ඇත්ත කතාව කියල තියෙන්නේ ගයාන් දරුවෝ.........

    ReplyDelete
  3. මීයා යනු මගේ හොදම යහළුවාය ඒ ගොන් මී හරක් පැටවා මිත්‍රයා යයි බොරු නමක් දාගෙන රෙදි ගලවා ගැනීමට දගලයි.......

    ReplyDelete
  4. ඌ,,,ප්ස්... මෙහෙම එව්වත් වෙන්වද?......... ඒකනේ අපි ඔව්ව බල්ලන්නෙ නැත්තෙ

    ReplyDelete
  5. අයිටීඑන් එකේ යන සිහින පියාපත් කියන මෙගාව ගැනද මේ කියලා තියෙන්නේ ??

    ReplyDelete
  6. මේකනම් නියම කතාව ඇත්තටම මේ මෙගා කචල් ගැන නම් කියලා වැඩක් නෑ

    ReplyDelete
  7. සිරාවට ඒකද සීන් එක? :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං නැත්නම් පෙට්ටිය seal කොරයි ද?????

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...