Sunday, June 10, 2012

කාඩ්ඩට කඩේ ගියෙමි ..

මම කලින් පොස්ට් එකක දැම්මනේ ලොකු මෙව්වා එකක කඩ්ඩ පන්ති ගියයි කියලා.. අන්න ඒකෙ 65 වෙනි මොකක්ද මන්ද එකක් කියලා හෙනම හෙන උත්සවයක් තිබ්බලු...
අර 65 වෙනි මෙව්වා එක වෙනුවෙන් දැන් තරග එහෙම ගොඩයි ලු. ක්‍රීඩා තරග ***** කුමාරයා, කුමාරි තේරීම (මේක අවුරුදු කුමාරි කුමාරයා වගේ නෙවේ මොඩර්න් කුමාරයා කුමාරි ),සින්දු කියන තරග  අරව මෙව්වා ගොඩයි....
කිරිකට්උත් ගැහුවා ජාතික කිරිඩාවත් ගැහුවා ඔක්කොම පැරදුනත් එක්ක...:'(
   කොහොම හරි සෙල්ලම් අස්සේ බැනර් තරගෙකුයි,ටී ෂර්ට්  තරගේකුයිත් තිබුනා.ඒ කිවේ එක පන්තියකින් එක ටී ෂර්ට් එකකුයි එක බැනර් එහෙකුයි ගහන්නයි කිව.. ඒ අස්සේ ටිකට් පොතකුත් දුන්න විකුනන්න කියලා එක ටිකට් එකක් 100  ක් කජු ඇට වත් කොස් ඇට වත් නෙවේ ලංකාවේ වලංගු මුදලින් රුපියල් 100 ක්....හුටා දැන් පලයන්කෝ ටිකට් විකුනන්න. කව්ද බන් මේ කාලේ 100 ක් දීල ටිකට් එකක් ගන්න එකා.. නෑ කෙනෙකුට ටිකට් එකක් දුන්නත් ගන්නේ නෑ.... කොහොම හරි කරලා ටිකට් 20 න් 12 ක් විතර වික්ක ගුටි නොකා බේරුනේ බොහොම අමාරුවෙන්...(ඉතුරු 8 අතින් කයිට් ය)..
ඔන්න දැන් කට්ටිය කතා වෙලා t එකට ඩිසයින් එකක් දාගත්ත කැප් එකකුත් ඩිසයින් කොලා...
මහා බැනර් රාජයා ඩිසයින් කොරන වැඩේ මට තමයි බාර වුනේ ##@@///+/*
මෙන්න මේක
ඔන්න දැන් අර 65 වෙනි මෙව්වා එක දවසට වෝක් එකක් යන්න තමා ඒකෙ ලොක්කෝ තීරණය කොරල තිබුණේ...ඔන්න දැන් T shirt ටිකත් හම්බුනා පැකිං කඩල බැලුවම තමයි ප්‍රින්ට් කොරපු එකාගේ අම්ම අප්පා මතක් වුනේ.... ඒකෙ ගහන්න කිව නමේ අකුරක් මාරු කොරල මුන් ප්‍රින්ට් කොරල තියෙන්නේ පණ්ඩිත හැත්ත..........
එක කීවහම ඒ ගහපු තැනින් අර වැරදුන අකුර උඩින් අලවගන්න කියලා අකුරක්  දෙන්නම් කිව පහුවදාට අදින්නත් එපායැ හන්ද අපිත් වැඩේට හා කිව....මූ දැන් උදේ පාන්දර අකුරු ගෙනත් අලෝල කියනවා මල්ලි අර cap  ටිකට පොඩි ප්‍රශ්නයක් වුනා ඒවා වල සල්ලි අපහු දෙම්න්නම්ය කියලා ඒ වෙලාවේ නම් ඌ ව මරණ කන්න හිතුන.(මේක වෙන්න ඇති උගේ පලවෙනි වැඩේ )
ඊට පස්සේ අර අකුර අලෝපු  T shirt එකත් ඇදගෙන ගිය වෝක් එක...  පට්ට දුරක් ගියේ හැබැයි පට්ට ආතල්  ඒ වැඩෙත්  නිකම් බොරැල්ලට වැද්දෝ පැනල වගේ :) :) :)
කොහොම  හරි බැනර් වැඩේ හන්දයි Tshirt  වැඩෙයි හන්ද හෙන ගහන්න අතින්  කයිට්... ඔන්න ඕකයි ඔය මන කිව ලොකුද මන්ද මෙව්වා එකේ 65  වෙනි මෙව්වා එකේදී උනේ
Comments
4 Comments
Facebook Comments by Blogger Widgets

4 අදහස්:

  1. මේක නම වගේම මේ දාලා තියෙන පින්තූරේ එහෙම දැකලා පුරුදුයි පුරුදුයි වගේ

    ReplyDelete
  2. මාත් ගියා මේ කියන පොට් එකට.ඒත් පෙර කල පිනකට මටනම් මේ පරිප්පු සෙට් උනේ නැ...

    ReplyDelete
    Replies
    1. උබ ඉතින් ඩයල් එකනේ

      Delete
  3. ෂුවර් එකටම පලවෙනි වැඩේ වෙන්න ඇති

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...