Saturday, June 9, 2012

මම ආසයි මොකෙක් වෙන්න......

අපි චුටි කාලේ එක එක්කෙනා ඇවිත් අහනවනේ "බබා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියලා......"

අපි ඉතින් ඒ වෙලාවට කියන්නේ පොඩි කාලේ ඉදන් හොදට දන්න ජොබක නමක් කියනවනේ.....
ඉතින්  අපි පැංචෝ කාලේ ඕව ගැන තේරෙන්නේ නෑනේ......
ගොඩක්  ළමයි කියනවා දොස්තල කෙනෙක් වෙන්න ආසයි කියලා.. තව අය කියනවා මම ඉංජිනේරුවෙක් වෙන්න ආසයි කියලා....

ඒවා ගොඩක් වෙලාවට ළමයි ගේ මොලේට යන්නේපොඩි කලේ ඉදන් සමහර දෙමවුපියෝ ඕව ළමයින්ගේ ඔලුවට දානවනේ ඒ හන්ද වෙන්න ඇති .ඊට පස්සේ ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්නේ අපි කවද හරි හිතන් ඉන්න චරිතෙත් එක්කනේ.අපේ මීයා නම් පුංචි දවස් වල ගෙයි මිදුල පුරාවට පාලං ගහල පාරවල් හදලා මිදුල අනුභව කළා කියලා ආරංචියි.අර උස එකා නම් කෝච්චි මත්තෙමයි පොඩි එකා කාලේ තියා දැනුත් එහෙමමයි.තව අපේ මිත්‍රයෙක් පොඩි කාලේ ආසාවෙන් ඉදල තියෙන්නේ intercity bus ඩ්රැයිවර් කෙනෙක් වෙන්න පොඩි කාලේ අපි උනත් ආසයිනේ බ්රුම් පදින්න.කවුරුත් හිනා වෙන එපා හොදේ පැංච කාලේ හිතෙන දේවල්නේ.  මම නම් ඒ කාලේ කොලේ සයිකල් බාස් වැඩයි සිමෙන්ති අනන වැඩයි තමා ඕන්...
ඔන්න දැන් ටික කාලයක් යද්දී ඒ කියන්නේ කොට කලිසම් ගහල ඉස්කෝලේ යන කාලේදී කොට කලිසම දිග කලිසම වෙන කාලේදී ඔය බලාපොරොත්තු වෙනස් වෙන්න පුළුවන්.
කොහොම හරි අර සා/පෙ  එහෙම ඉවර උනාට පස්සේ තමා හරියටම  මම මෙන්න මේකෙක් වෙනවා කියලා තිරණය කරන්නේ .
ඊට  පස්සේ ඉතින් හරියට කර ගන්න උන් ගොඩ යනවා අනිත් උන් නම් අනේ මන්ද......




Comments
4 Comments
Facebook Comments by Blogger Widgets

4 අදහස්:

  1. miya kiyanne kawda kiyalanam danne ne.intercity bus driver gananam dannawa

    ReplyDelete
    Replies
    1. මීයා=මිත්‍රයා උබ නමේ මැදට ත්‍ර කෑල්ලක් දැම්මට වැඩක් නෑ

      Delete
    2. සත්තු වත්තේ සත්තු ගොඩක නම් මතක් කලා කියලා හිතගනින්කෝ මචෝ.......

      Delete
  2. පොඩිකාලේ- ඉංජිනේරුවෙක්
    සා.පේ- ඉංජිනේරුවෙක්
    උ.පෙ- ඉංජිනේරුවෙක්
    දැන්- තාම නිකමා

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...