Tuesday, June 5, 2012

උසස්පෙළ සමග වල බැසීම.



මේ ලගදි දවසක ගොඩ කාලෙකට පස්සේ මගේ පරණ යාළුවෙක්ව හම්බුනා ...
මම-   මොකද බන් උබ දැන් කරන්නේ???
යාළුවා -     ජොබ් එකක් කරනවා බන්
මම-    කොහෙද??
යාළුවා- රිවිෂන් යනවා බන් ආයේ විභාගේ කරන්න ,ජොබ් එක වගේ තමා........
මු එහෙම කිවම මට පවු කියලත් හිතුන මොනවා උනත් එකට උන්න එකෙක්නෙ..
ලංකාවේ උසස්පෙළ කියන්නේ එකම එක රාමුවකට කොටු උන දෙයක් හැමෝටම ඉංජිනේරුවෝ දොස්තර වරු වෙන්න බැරි උනත් එක එක්කෙනාට එක එක ආසාවන් තියනවා ඒ අසාවන් වලට ගැලපෙන හැකියාවන් තියනවා නමුත් මේ තියන තරගේ සහ අධ්‍යාපන ක්‍රමේ එක්ක ඒ හැකියාවන් මොට වෙල යනවා සිහින බොද වෙලා යනවා.උසස් පෙලට ගොඩක් අය කරන්නේ තමුන්ට ආස විෂය ධාරාව නෙවෙයි කවුරු හරි කියන දෙයක්.සමහර අම්මල තාත්තල හිතන්නේ සා/පෙ ට A10 ගත්ත තමුන්ගේ දරුවට උසස් පෙලින් A3ක් ගන්න එක මහා දෙයක් නෙමෙයි කියලයි(ළමයිනුත් එහෙමයි) .ඒ වුනාට අපේ රටේ හැටියට නම් 5 වසරේ ශිෂ්‍යත්වේ කරන්නේ අම්මල,සාමාන්‍යපෙළ කරන්නේ අපේ ගුරුවරු ඒ උනාට උසස් පෙළ කරන ඕන අපි. අම්මල තාත්තලත් වැරදි නෑ එයාලට ඕන එයාලගේ දරුවන්ට සමාජයේ හොද තැනක් දෙන්න.තමුන්ගේ දරුවා යන්න ආස පාර හදුනාගෙන ඒ ළමයට උදවු කරන දෙමවුපියෝ ගොඩක් ඉන්නවා.
උසස් පෙලට තියන තරගේත් එක්ක අපේ එවුන් ගෙදරින් එලියට බහින්නේ හුළු අතු පත්තු කරගෙන ඉර පායලවත් හඳ බැහැලාවත් නැති වෙලාවට.එහෙම යන ගොඩක් එවුන් පන්තියට ගොහින් හොදට ඉගන ගන්නවා තවත් උන්  හොදටෝම නිදි සමහරෙක් මල් කඩනවා තව  අය මල් දිහා බලන ඉන්නවා . සමහරු ගෙදරට කියලා යන්නේ අහවල් පන්තියට යනවා කියලා ඒ උනාට ඒ පන්තිය තියන තැන වත් දන්නේ නෑ.උන්ට නම් පන්ති තියෙන්නේ film hall වල bus stand වලය.
                හීන ගොඩක් තියාගෙන පන්ති වලට යන්නේ ඉස්කෝලේ යන්නේ ඒවා හැබෑ කරගන්න හිතාගෙන ඒ වුනාට හරි මග පෙන්වීමක් ලැබුනේ නැත්නම් ඒ දේ කරන්න ගොඩාක් අමාරුයි. ගොඩක් අය යන්නේ තමුන්ට ඕන පන්ති වලට නෙමෙයි අම්මලට තාත්තලට ඕන පන්ති වලට ඒවට ආසාවක් නැතුව ගිහින් සිද්ද වෙන්නේ දුක විදින්න තියන කාලය තවත් අවුරුද්දකින් එහෙම නැත්නම් දෙකකින් වැඩි කරගන්න එක. ගොඩක් hall class වලදී තමයි කට්ටිය සෙට් බහින්නේ ඒ කියන්නේ තමුන්ට ගැලපෙන සෙට් එකක් එක්ක සෙට් වෙන්නේ.සෙට් එක පිටින්ම වල බහින පිරිසකුත් ඉන්නවා ඒ වල බහින අය අතරේ ගොඩ යන එවුනුත් නැත්තේම නෑ.සෙට් එක පිටින්ම ගොඩ යන පිරිසකුත් ඉන්නවා ඔය සෙට් එක ගැන අපේ චොකා (වෙඩික්කරු) ගේ බ්ලොග් එකේ ලිපියක තිබුනා  මෙන්න ලින්ක් එක මෙතනින්.
වල බැහැලා ගන්න පුළුවන් සේරම ආතල් අරන් ගොඩ යන උනුත් මම නම් ඕන තරම් දැකල තියනවා උන්ට නම් අපි කියන්නේ සුපිරි මීටර් කියලා. කොහොම හරි උ/පෙ කරන්න පටන් ගනිද්දී  අනිවාර්යෙන් ඉන්ජෙක් හරි ඩොකෙක් හරි වෙන්න මොරාල් එකක් හිතේ තියාගෙන පන්ති යන ගොඩක් එවුන් උ/පෙ ලං වෙනකොට තමුන්ට S 3 ක්වත් තිබුනාම ඇති කියලා හිතනවා. ඔය කොහොමින් හරි හොද ප්‍රතිපලයක් දාල ගොඩ යන උන්,තව පාරක් කරලා ගොඩ යන්න හිතන ඉන්න උන්,මම මේ කරගත්ත හරිය ඇති කියලා අතඇරලා දාන උන්,සල්ලි දීලා හරි උපාධි පට්ටමක් ගන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන එවුන්, මොකුත් කරගන නැතුව ටියුෂන් සර් ට බර ගානක් දීලා බැන බැන යන එවුන් ගොඩක් එක්ක තමයි ඔය උසස් පෙළ අවුරුදු දෙක හමාර ඉවර වෙන්නේ.  
                කොහොම හරි ඔය කඩඉම පැන ගත්තයි කියමුකෝ ඊට පස්සේ  අර ගොඩ ගිය උන් අතර ඉන්න පොතේම ඇලිලා උන්න කට්ටිය අමුතු වෙන්න ගන්නවා(හැමෝම නෙමෙයි සමහරු).තමුන් හිටපු තත්වෙට වඩා ගොඩාක් වෙනස් ප්‍රතිරූපයක් ගොඩනගාගන්න කවදාවත් නොකරපු දේවල් කරන්න හදනවා.තේරෙන භාෂාවෙන් කිවොතින් පොරක් වෙන්න යනවා එහෙම ගිහින් වලක් හාරගෙනම ඒකට බහිනවා.ඒකෙන් වෙන්නෙත් හොද දෙයක් නම් නෙමෙයි පුරුදු නැති දේවල් කරන්න ගිහින් ජිවිත නිකන් කාලකන්නි කරගන්න හදන එක.ලොකු තරගෙක ඉදල මොලේට වැටිලා තිබුන බර එක පාර නිදහස් වුනාම ඔය වගේ දේවල් වෙන්න තියන ඉඩ කඩ වැඩියි නේ.

 
මම ලිවේ මගේ ඔලුවට ආව දේවල් ටිකක් මේවයේ වැරදී දේවල් තියෙන්න පුළුවන් ඒ වගේ වැරදි තියනවා නම් කියන්නලකෝ......(උක්ත අක්යාත වල නොගැලපීම් තිබීමට පුළුවනි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කර සිටිමි)    
Comments
11 Comments
Facebook Comments by Blogger Widgets

11 අදහස්:

  1. සිරා කතාව මචන්................... :D

    ReplyDelete
    Replies
    1. මටත් ලියුවට පස්සේ ඕක හිතුනා බන් :පී

      Delete
  2. කබ්බො ෆොම් වෙනකොට ඔහොම තමයි බන්... අපි කට්ටිය දන්න කියන පුස් පැටියෙක් වගේ හිටපු එකෙක් උ දැන් සෙට් වෙලා බොනවා කියල කියල රෙදි ගලෝ ගත්තලු.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් මටත් ආරංචියි බන්..........

      Delete
    2. මම දන්නෙ නැද්ද බං..

      Delete
    3. ඉස්කෝලෙ හරියේ ඉදපු කෙඩෑරි පොරක්...

      Delete
  3. උපෙ කියන්නේත් අමුතුම සෙල්ලමක් තමා. දැනුම, වාසනාව අනම් මනම් ගොඩක් කලවම් වුණු එකක්. මේක මම දන්න දෙයක් එක අවුරුද්දක් සාපෙ 3 වෙනියා වුණු කෙනා උපෙ ෆේල් වුණා. ඒ වගේමයි එයත් එක්ක සාපෙ කරලා ඒ අවුරුද්දේ 10 වෙනියා වුණු කෙනා උපෙ ගණිත අංශයෙන් පළවෙනියා වුණා :)

    ReplyDelete
  4. හොද හොදා........ මොනවා උනත් කතාව ඇත්ත..

    ReplyDelete
    Replies
    1. උබටත් දැනගන්න ලැබෙයි රජෝ

      Delete
  5. සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගියා පාසල් කලේ
    අයෙත් එනවනම් අපේ දිවියට අසයි ඒ ලස්සන කාලේ........................

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...