Tuesday, February 19, 2013

චංගුමී මාර්කට් එක....


සුජාත දියණි ඉවරෝ ය. ඒ වෙනුවට අලුත් දියනියෙක් ඇවිත් සිටින්නීය.ඒ අභීත දියණියන් ය .සුජාත දියණි අපේ රටේ 90% ක්ම බැලුවාලු ය. ඒ කතාව ඇත්තය .එකට වග කිව යුත්තේ අපේ රටේ සිටින ධන ලෝභී ටෙලි නාට්‍ය නිෂ්පාදක වරු සහ අධ්‍යක්ෂක වරුය.එවුන්ගේ පිහිටෙන් මෙලෝ රහක් ඇති, ජනතාව වැලද ගන්නා කතාවක් මෑතකදී නිර්මාණය නොවුවේය.එම නිසා කොරියන් කතා මාකට් වෙන්නට ගත්තේය කොරියන් කතා වෙළදාම පටන් ගත්තේ පච වාහිනියෙන්ය.වසරකට පමණ පෙර එහි එක දිගට සෙනසුරාදා දවස් වල සවසට කොරියන් කතා දෙකක් ගියේය.ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ දෙකත් අද ලංකාවේ හැදෙන ටෙලි නාට්‍ය වලට වඩා තේරුමක් ඇති එව්වය.එත් සුජාත දියණි තරම් සාර්ථක වුනේ නැත.එම නාලිකාවේ ස්වයන් ජාත ට පසුව හරි හමන් කතාවක් මම නම් දැක්කේ නැත.මෙගා බෝ කලේ මහා රජා ය ඒ ඉන්දියාවේ කතා ටිකක් මෙහෙ දිග ඇරලාය.ඒ දවස් වල සමහර කෙල්ලෝ ප්‍රවීනා අඩනකොට ඉකි ගස ගස අඩනවාය.අපේ රටේ හැටිය පිට රට දෙයක් ගෙන ආ විට මල් පහන් දෝතින් පුජා කරන්නෝය.වරද ඇත්තේ එතනය.පිටරට දේවල් උඩින්ම ගන්නා නිසා අපේ දෙයක් හදන්නට කාටවත් අවශ්‍යතාවයක් නැත්තේය එම නිසා දෙකයි පනහේ ටෙලිනාට්‍ය ඕන තරම් ඇත.

සමගිපුර බබා ගේ කතාවේ සිට මේ වන තුරුම මුදල් හඹා යාම අරමුණු කරගෙන එකම තේමාවක් යටතේ ටෙලිනාට්‍ය මාර්කට් කිරීම වන්නේ අපේ රටේ සමහර මී හරකුන්ගේ රස වින්දනය සහ කාලය සොරා ගනිමිනි .කොල්ලෙක් හා කෙල්ලෙක් ලවු කරන්නේය එක්කෝ කොල්ල පෝසත් ය නැත්නම් කෙල්ල පොසත්ය උන් දෙදෙනාගේ ලවු එකට ගෙදරින් හා නපුරන්ගෙන් බාධා එල්ල වෙන්නේය.අවසානයේදී සියල්ලෝ සතුටින් විසිර යන්නෝය.ඔය අතර විහිලු කාරයෙක්ද සිටින්නේය .වෙනසක් නැත සේරම මෙගා ය මෙගා වුනත් වෙනස් විදියේ කතාවක් නම් බලන්නට තිබුණි කරුමෙට එහෙම එකක් මුන්ගේ හිතට එන්නෙම නෑ වාගෙය.ඕක ගැන මන් කලිනුත් කිවේ කැට්ටුමන්ට උම්මා දීම කියලා පොස්ට් එකෙනි....
සුජාත දියණි අපේ රටේ ජනප්‍රිය වුනේය...හේතුව දන්නේ නැත සමහර විට බොලද ලවු සීන් නැති නිසා අම්මලා අතරත්.තේරෙන්නේ නැති විදියේ කෑම තියෙන වට්ටෝරුවක් වගේ නිසා දුවලා අතරත් ජනප්‍රිය උනා වෙන්නට පුළුවන  හේතුව මන් දන්නේ නැත්තේය ඒ මම අර ඉතුරු 10% ට අයත් වන නිසාය..මට එකී හැමදාම කෑම ජාති හදන නිආ එපා වී යේ බැලුවේ නැත..අලුත් කතාව නම් තාම එක දවසක්වත් බැලුවේ නැත්තෙමි. අනේ මන්දය බලන්නට හිතෙන්නේ නැහැය.කලින් කතාවට සමානම නමක් යෙදු පලියට එයද ජනප්‍රිය වේ යයි සිතීම නුවනට හුරු නොවේය.ජනප්‍රිය වීම නොවීම තීරණය වන්නේ කතාව අනුවය.කොහොමත් කලින් කතාව බලු අය මේකත් බලනවා වෙන්නට ඇත.


සුජාත දියණි නිසා තවත් පිරිසක් ගොඩ ගියේය ඒ ඩේ කාඩ් වෙලේන්දෝය සුජාත දියණිව එක එක ප්‍රමාණයේ සයිස් එකට විකුණන්නට පටන් ගෙන ඇත.ඒවා උණු කැවුම් වගේ විකිනේන්නටද පටන් අරන් ඇත.කමක් නැත කාගේ හරි එදා වෙලා එකෙන් හම්බෙනවාය.පොස්ට් එකට චංගුමී කියා නම දැම්මේද චංගුමී  මේ දවස් වල ලංකාවේ මාකට් නිසාය..ලංකාවේ නිලියෙකුගේ රුපයක් ඔහොම ප්‍රින්ට් කලොත් බල්ලෙක්වත් සල්ලි දීල නම් ගන්නේ නැත ඒ ඔවුන්ට ගරුත්වයක් ගෙනදෙන විදියේ කතාවක් තවමත් නිර්මාණය නොවී ඇති බැවිනි.නළු නිළියන්ගේ වැරද්දක් නැත වරද ඇත්තේ ගොන් නිෂ්පාදකයින්ගේය.පරණ හින්දි චිත්‍රපටි වගේ කතාවන් හැම තැනමය මෙලෝ රහක් නැත බලන්නට පුළුවන් එකක් දෙකක් හෝ යන්නේ රුපවාහනියේ පමණි.එත් කට්ටිය මෙගා වලට  ඇබ්බැහි වී ඇති නිසා හොද දෙයක් බලන්නේ නැත.
දියණි වරුන් නිසා දුක් විදින කොටසක්ද සිටිති ඒ අසරණ පිරිමි ප්‍රජාවය. 6.30 ත් 7.30 ත් අතර  වැඩ අරි ගෙදර අවොත් බඩුම තමා ය.ඒ වෙලාව අතරතුරේ ගෙදරට හොරෙක් පැන්නත් ගානක් නැති විදියට සමහරු සුජාත දියණි ට ආදරය කලෝය.පිටරට දේවල් හැමදාම වගේ අපේ එවුන්ගේ ඔලුවට ගහන්නේ ඕනවාටත් වැඩි විදියටය එවුන්ට ලංකාවේ දෙයක් ගැන ආදරයක් හිතෙන්නට නම් ඊටත් වඩා ලොකු පහරක් ගසන්නට පුළුවන් දෙයක් අපේ රටේ ඇති වන්නට අවශ්‍යය නැත්නම් හැමදාමත් වන්නේ පිටරටින් ජනතාවට බලන්නට කතාවක් ගෙන්වා හම්බ කරගන්නට මෙහෙ දෙකයි පනහේ කතාවක් සෑදීමය..පුංචි තිරය පමණක් නොවේය රිදී තිරයද බලු වී ඇත සේරම ඉන්දියන් කොපි ගොඩකි සුපර් සික්ස් ආවේය අද බල්ලෙක්වත් ඒ ගැන කතා කරන්නේ නැත ඒ කතා කරන්න දෙයක් ඉතුරු කර නොගිය නිසාය.ලංකාවේ ඉතිහාසයද චිත්‍රපටියට නැගුනේය.වැටෙමින් තිබුන සිනමාව ටිකක් විතර ගොඩ ගියේ ඒ අපේ දෙයක් නිසාය
ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා ය.ඌට ඒකෙන් තොර ලොවක් නැත දොස්තරයා කිවේ උබ ඌට ඊටත් වඩා හයියෙන් පාරක් ගසන්නට කියලාය.ජෝන් සිනා අපේ පොඩි එකාට ගැහුවේ රෙස්ලින් වලිනි ඒ නිසා අපේ රටේ අංගම්පොර වලින් උගේ ඉහ මොළ රත් වන්නට පොඩි එකාට අපි ගැසිය යුතුය එවිය. ඌ අංගම්පොර වලට ආදරය කරන්නේය.   


ප.ලි දැන් මට බනින්න හිතෙන එවුන් බැනලා කොමෙන්ට් දාපල්ලෝ.. මුකුත් හිතෙන නැත්නම් එත් මොනා හරි දාපල්ලෝ....
Comments
23 Comments
Facebook Comments by Blogger Widgets

23 අදහස්:

  1. සිරසට පිටරට නාට්‍ය පෙන්වීමේදි පැනවූ (බද්ධ) තහංචිය මේ නාලිකාවට පැනවූවා දැයි සැක සහිතය. මොකක් හෝ රැල්ලක් ඇති කර ප්‍රශ්න අමතක කරවීමේ න්‍යායට මේ නාට්‍යය රජයට සහය වූවා යැයි මට සිතෙන්නේ ඇයි දැයි නොතේරේ.

    ජය !

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙත් අත්තක් තියෙනවනේ හ්ම්ම් .... අපේ කස්ටිය ඉතින් දවසෙන් දෙකෙන් ඕන දෙයක් අමතක කරන එකේ අමුතුවෙන් කතා පෙන්නන්න ඕන වෙන් නෑ

      Delete
    2. මට මතක විදියට චංගුමී කතාවේ ආදායමෙන් 40%ක්ද කොහෙද සුබ සාධන වැඩ වලට යොදවනවා කියලා තිබ්බා.. එහෙම උනාම බදු වලින් නිදහස් නේද...

      හැබැයි එකක් තියෙනවා .. සිරසේ කතා වලට වඩා නම් චංගුමී හොඳයි...

      Delete
    3. කීවා වගේ දුන්න නම් එක ලොකු දෙයක් අක්කා හදයි නම් තමයි එත් ඔය හොදයි කියන තැනට අපේ රටේ කතාවක් අවොත් වටිනවා නේද

      Delete
  2. කතාව මසුරන් වටින්නේය. හොඳ නිර්මාණ වලට හිත යෑම අතිශයින් ස්වභාවිකය. ලංකාවේ නිර්මාණකරුවන්ට විශාල අභියෝගයක් ඇත්තේය. මුදලට වඩා ඵලදායි වෙනසක් කිරීමට සිතට ගත යුතුය.

    ඇත්ත ලියනවාට මගේ උත්තමාචාර!
    ජය වේවා.....!

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ වේවා ඔබේ වචනය මට වටින්නේය

      Delete
  3. කතාවනම් සහතික ඇත්තය.
    කලින් සුජාතය. දැන් අභීතය. ඊළඟට ........... ය.
    මොන දියණිය ආවාත් අපේ රටේ ප්‍රේක්‍ෂකයා බඩ බැඳගෙන බලනවා ෂුවර්ය....
    නමුත් අපේ රටේ දියණියක් මෙම අයුරින් ලෝකයා තුලට ගෙනයාමට නිසි බළධාරීන් කටයුතු කරනවානම් වඩාත් අගනේය....

    ReplyDelete
    Replies
    1. කොලුවාට තේරෙන දෙය ගොඩක් එවුන්ට නොතේරේ ..අපේ රටේ දේ අපි ඉදිරියට ගෙන යා යුතුය එය නිසි බල ධරයන්ගේ වගකීමකි

      Delete
  4. පිටරටින් ගෙනල්ලා වුනත් ලස්සන කතාවක් පෙන්නූවා තමයි, හැබැයි ඉතින් එක දිගටම ඔව්වා පෙන්නන් ගියාම අපිටත් එපා වෙනවා... ඔයාගේ කතාව හරි,දැන්වත් අපේ රටේ වැදගත් විදියේ නාට්‍යයක් නිෂ්පාදනය කරනවානම් ලොකු දෙයක්, ඒ වුනාට වචනවලින් පවා පිරිහිලානේ, අර මොකක්ද ඇඩ් එකකුත් යන්නේ //ඕනේ රෙද්දකට// කියලා? පොඩි එවුන් ඉවරයි ඉතින්, පස්සේ ළමයි පුරුදු වෙන්නේ ඔව්වානේ...

    ReplyDelete
    Replies
    1. ළමයි දැන් හැදිලා ඉවරයිනේ අම්මල මෙගා බලන්නේ ළමය එහා පැත්තේ තියාගෙනනේ

      Delete
  5. Kathawana aththaya..obata hisa nama achara karannata watinneya..mamath ara 10% ekkeneki..

    ReplyDelete
    Replies
    1. 10% ට එකතු වීම පිළිබද මගේ උත්තමාචාරය

      Delete
  6. අනේ පලයන් බං බොරු නොකියා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ බෝල බොට හරියට දුක ඇති නේද .... ඔහොම තමා රජාට තමන්ගේ අටේ දේ වටින් නැනේ නරියා]

      Delete
  7. මම නම් චංගුමී කතාව බො‌හෝ දුරට බැලුවා.. බලලා අපේ මහත්තයාගෙන් බැනුම් ඇහුව්වා කෑම හදන හැටි කට ඇරගෙන බලං ඉන්නවා මිසක් කෑමක් හදන්නේ නම් නෑ කියලා.. හි හි... හැබැයි ඒ කෑම හදන හැටි දැක්කම නම් ලැජ්ජ හිතෙනවා.. ඇයි අප්පා විඳින වදයක්...

    ඔය රන් දෙපැය අර දෙපැය මේ පැය දෙකාහමාරවල් එකක්වත් බලන එක නතර කරලා දැන් අවුරදු 5ක් විතර වෙනවා මම.. ඒවා බලනවා මාස 6කට සැරයක් විතර.. එතකොට කතාව දැනගත්තෑකි.... ඊට පස්සේ බැලුවා වගේ කියතෑකි... හි හි

    ඒ ඇරෙන්න නම් කියන්න තියෙන්නේ මට පේන්නේ මේකත් අර හැමෝම අනිත් කතා වලට බැනපු නිසා, මේකටත් රැල්ලට බනින්න ඕනේ හින්දා බනිනවා කියලා විතරයි... ඒ කතාව ගැන බලපු නැති අය කියන දේවල් ගැන මට හිතෙන දේ... හි හි...

    මාකටින් සම්බන්ධයෙන් නම් ඇත්ත කතාව...

    අනිත් කතාව නම් තාම බැලුවේ නෑ... අපේ අය මොන දේ මාකට් කළත් එකෙන් ගන්න පුරුදු වෙලා ඉන්නේ නරක දේවල් ටික විතරයි... ඔය චංගුමීගේ කතාවේ තිබ්බ ස්වාභාවිකත්වයත් එකක් වැඩ කරන තේමාව නිසායි මං නං ඒකට ආස උනේ... ඒත් අපේ රටේ කට්ටිය එකෙන් කර ගත්ත එකම දේ ටියුෂන් පන්ති වල ෆයිල් වලට දාන්න අලුත් රෑපයක් හොයා ගත්ත එකයි, ඔය තව මාකටින් වැඩ ටිකකුයි විතරයි...

    ReplyDelete
    Replies
    1. මන් බැන්නේ නැතෝ හරියට කියවන්ඩො......මාකටින් ඔහොම තමයි අක්කණ්ඩි :පී කොහොම හරි කියක් හරි හොයා ගන්නනේ කවුරුත් හදන්නේ

      Delete
  8. අනේ මන්දා උබ කියන maketing .... කොහොම උනත් ලංකාවේ උන් පිටරටින් එන ඕනෙම කුණුගොඩක් බාරගන්නවනේ ....

    ReplyDelete
  9. Anonymous24/2/13 01:09

    Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that
    automatically tweet my newest twitter updates. I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

    Also visit my webpage: Webs.Com

    ReplyDelete
  10. Anonymous25/2/13 09:17

    I could not resist commenting. Exceptionally well written!



    Also visit my webpage :: buy cheap meratol
    Also see my web site - davidjessee.com

    ReplyDelete
  11. මම නම් සාමන්යෙන් කතා බලන්නේ නෑ..ඒක නිසා චන්ගුමිත් මගෑරුනා...කට්ටිය ඕක ඔච්චර අගේ කරන්න ඇත්තේ ඇත්තමට කතාව හැමෝගෙම හිතට වදින්න ඇති

    ReplyDelete
  12. Anonymous18/4/13 16:17

    An interesting discussion is definitely worth comment.
    I do think that you should publish more about this issue,
    it may not be a taboo subject but generally people do not talk about such issues.
    To the next! Many thanks!!

    Feel free to surf to my homepage - Www.Mi.Hs-Heilbronn.De

    ReplyDelete
  13. Anonymous12/5/13 22:47

    Somebody essentіally аѕѕіst to mаκe critically ρosts Ι
    woulԁ state. Thаt is thе very fiгst time
    I frеquеnted your web ρage and up to now?
    I аmаzed ωith the analyѕis you mаde to
    cгеаte thiѕ ρartiсular pοѕt
    amazing. Magnifiсent actіvity!

    Feel free tο ѵіѕіt my blog poѕt webs.com

    ReplyDelete
  14. Anonymous29/5/13 06:11

    Evеryone loves it ωhen peοрle come
    together and share thoughts. Grеat ѕite, continue the gοoԁ ωork!


    mу blog; crear facebook gratis

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...