Tuesday, February 12, 2013

මට හැපිය..10,000 ක් ආවෝය






බ්ලොග් එකට දහ දාහක් ආවෝය පට්ටය... පොඩියට උන්නු දුම් කවුළුව දැන් ලොකුයි කියා හිතෙන්නේය .මට හෙන හැපි එකක් දැනෙන්නේය බ්ලොග් එකේ කතාව හෙන දිග කතාවක්ය.ලිවුවේ පාළුව තනිකම මකා ගන්නටය .මුලින් ම පටන් ගත්තේ හිනා යන SMS වගයක් පොස්ට් කිරීමෙනි.. එවකට බ්ලොග් එකේ නම  SMS Lanka වුයේය..ඒවා බැලුවේ වැරදිලා අව එවුන් නිසා මට එපා විය ඒවා අයින් කෙරුවෙමි.ඉන්පසු මුලින්ම දැම්මේ කලර් ටී.වී ය එක ටිකක් සෙට් වුනි.... එකත් මන් ලියපු එකක් නොවීය.කොල්ලා වැඩට බැස්සෙමි..2012/05/22 වෙනිදා දැම්මේ හෙනම ඕපා දුපයකි(දැම්ම ගමන් සිතුනේ එහෙමය ඒ දවස් වල ගයියා පොදිය දැන් ඊට වැඩ වැඩිමල් නිසා ඒ පොස්ට් එක අනේ මන්දා ය)ඒ ඕපා දුපය ගහක් හොරකම් කරන්නට ආ පිරිසක් ගැනය (සඳුන් ගස් හොරු ).එකටත් කොමෙන්ටු වැටි තිබුණි ...එත් ගයියා ආධුනිකයෙක් නිසා (තවමත් එහෙමය ) රිප්ලයි දාන්නට තරම් හිතුනේ නැත්තෙමි..ඔහොම කාලය ගෙවී ගියේය මෙලෝ රහක් නැති පොස්ටු සමග පට්ට පොස්ටුද ගයියා පොස්ට් කළේය..ඒවා මට පට්ට වුනාට ගොඩක් එවුන්ට මෙලෝ රහක් නැති වුනේය..

ඒ අතරතුරේ ඔන්ලයින් ගහන ගේම් වගයක්ද පොස්ට් කලත් ඒවාද මෙලෝ රහක් නැති වුනි ගයියා හා හා පුරා කියලා කෙටි කතාවක් වගේ එකක්ද ලිවුවේය(යාත්‍රා ).විචාරකයන් පවසන පරිදි කතාවේ උච්චතම අවස්ථාවේ කතාව ඉවර කලේ ඒ කතාව මෙගාවක් වේවි යයි ඇතිවූ බය නිසාය... ඒක මෙතනින් බලන්ට
මම කැමතිම පොස්ටු දෙකක් ඇත්තේය එක කැට්ටුමන්ටඋම්මා දීමය අනික මගේ සහෝදරයින්ට ගැසූ මඩ ගොඩය (මේ ඊයේ පෙරේදා දැමු පොස්ටුව )  
ගයියා බ්ලොගේ ලියන අතරතුරේ බ්ලොග් පිස්සුව තව දෙතුන් දෙනෙකුටද බෝ කළේය දැන් ඒ බ්ලොග් දෙක තුනද යහතින් තියෙන්නේය....ගයියා එක්ක ඉක්කොලේ පන්තියේ සිටි එවුන් තුන් දෙනෙක්ම බ්ලොග් ලියන්නෝ වෙති ....
පළමු එකා ලොකු පොඩි සැම හදුනන අපගේ රජා ය (තහනම් අඩවිය 18+)
අනිකා අපේ චොකා ය (හුදකලා වෙඩික්කරු )
අනිත් සහෝදරයා පෙලියා ය (තනිවූ ගවේශකයා )
ගයියා ගේ පරම පිවිතුරු ප්‍රථම ප්‍රේමය පට්ට බ්ලොග් එකක් කරන්නීය(නිසල ගං දිය )....ගයියා කරන ගොන් වැඩ වලට මල පැනූ විට ඒ තරහා යන්නේද අර අහිංසක බ්ලොග් එක පිටිනි....
දැමු පොස්ටු කීපයකම ගයියා මියා ගැන සදහන් කර ඇත එයට හේතුව පළමු පොස්ටුව දැමු දවසේ සිට අද දක්වාම මියා මගේ බ්ලොගය බලන නිසාවෙනි....මියා හෙන ෆිට් එකය පොස්ට් එක මෙලෝ රහක් නැති වුනත් එල ගයියෝ කියා කොමෙන්ටුවක් දමන්නේය... කියවන්නේ නැතුව කොමෙන්ට් දන එවුන් බොහොමයක් ඇත්තේය මගේ බ්ලොග් එක මෙලෝ රහක් නැති නිසා කොමෙන්ටුවක් නොදමා අහක බලාගෙන යන පිරිසද අනන්තය...කමන් නැත දුක තමාය “මේ බ්ලොග් එක මෙලෝ රහක් නෑ” කියලා වත් කොමෙන්ට් එකක් වැටෙනවා නම් තව පොස්ට් එකක් දැමීමට පොඩි ආසාවක් හරි ඇති වෙන්නේය..... බ්ලොග් එක කියවූ මා ප්‍රිය මිතුරෙක් මගේ මුනටම මට පිස්සු කියා කිවේය... ඔව් බං මට පිස්සු තමාය මේ ලෝකේ ජිවත් වෙන හැමෝම පිස්සෝය හැම එකාටම මොකක් හරි පිස්සුවක් ඇත්තේය......ඒ පිස්සු කියන රෝගය නෙවේය.වෙන විදියක පිස්සුවක්ය... මේ වන විට මම දමා ඇති මෙලෝ රහක් නැති පොස්ටු ගණන මේකත් එක්කම 47 කි..ඒවාට වැටි ඇති කොමෙන්ටු ගණන... 344 කි ඒවායින් බාගයක්ම මගේ කොමෙන්ටු වෙන්නට ඇතඒ හැම කොමෙන්ට් එකකටම රිප්ලයි කරපු හන්දය මුල කාලයේ නම් කොමෙන්ටු වලට රිප්ලයි දැම්මේ නැත ඒවාට තරහා වෙන්න එපා ය...මගේ බ්ලොගේ කියවා මොකක් හෝ කොමෙන්ටුවක් දැමු ඔබ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය අන්තිමට පුද කරන්නම්... දැන් තව බ්ලොගේ ගැන කිව යුතු දේ කියා අවසන් කර යුතුය....තරහ වෙන්න එපාය.. 
කාලයක් ගියාට බ්ලොග් එක එපා වී තිබුනේය..ලියන්න දෙයක් නැතුව මාස දෙකක් තුනක් මේක ඇත හැර දැම්ම තිබුනේය ඒ කාලයේ කම්මැලි කමට ඉංගිරිසි බ්ලොගයක් පටන් ගත්තේ(මෙතනින් ) සල්ලි දී ගත යුතු මෘදුකාංග මගේ බුදු ෆිට් වලට නොමිලේ දීමේ අවංක පිවිතුරු චේතනාවෙනි ඒ චේතනාවටත් කන කොකා හැඬුවේ මේ නෝටිස් එක දුටු විටය ...


වින්ඩෝස් අක්ටිවෙටරය ගැන දැමු පොස්ටුව අයින් කරලය දුක හිතුනේය...කමන් නැත..අපි බලමු කියා හිතගත්තෙමි...මෙතෙක් කලකට දැමු වැඩියෙන්ම බැලු පොස්ටුව මෙය හුදෙක් මඩක් පමණි...මගේ සහෝදරයිනි ඔබට උපහාරය” ය ..රජාට ගැසූ මඩක් නිසාවෙන් පළමු දිනයේම 200 පන්නිමේ භාග්‍ය උදා වුනි රජාගේ බ්ලොගයේ මෙයට දමා ඇති ලින්කුවෙන්ද තවත් 100 ක් පැමිණියේය රජා උබට තැන්කු ය....දැන් මෙය  669ක් බලා ඇත...කොමෙන්ට් 39 කි..මඩ පාරවල් වලට මෙහෙම එනවා නම් හැමදාම මඩ ගසන්නෙමි එහෙත් එය සදාචාර සම්පන්න නැති නිසා එසේ කිරීමෙන් වැලකි සිටීමට ප්‍රතිඥා දෙමි
කොහොම කොහොම හරි ගයියා 10000 පැන්නේය දැන් 11000 ටත් ලගය යේ පොස්ට් එකක් කවදා දැයි ද දන්නේ නැත... මෙතෙක් කල් අපහසුවෙන් හෝ මා දැමු මෙලෝ රහක් නැති පොස්ටු කියවා අකුරකින් හෝ උපකාර කල ඔබ සියලු දෙනාට ඉස්තුතිය ප්‍රකාශ කරමි...මධු(විශේෂ), මියා ,රජා ,චොකා ,කුපා ,තරියා ,හිරුහිමා ...උබලාට රොම්බ තැන්ක්ස්ය.... ඒ හැමදාම ම සමග සිටි නිසාය අනිත් සැම දෙනාටම තැන්කු කියමි ..මම දිගටම ලියමි පොස්ට් දෙකක් අතර පරතරය අවුරුද්දක් තබාගෙන හෝ ලියමි එහෙනම් ජය වේවාය ............


එහෙනම් ඉස්තුති කළා ඇතිය දැන් පොස්ටුව ඉවරය දැන් ඇත්තේ කොමෙන්ට් කිරීමටය එය ඔබට භාර කරමි ... (කොමෙන්ට් පෙට්ටි දෙකක්ම ඇත ඒ මුණු පොතට හා බ්ලොග් කරුවන්ටය )



Comments
22 Comments
Facebook Comments by Blogger Widgets

22 අදහස්:

  1. අන්න එහෙම සම්භාව්‍ය ලෙස ටැංකියු කියහන් කන පලාගන් නැතුව :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා සද්ද දැම්මොත් ගලොනවා රෙදි හොදේ එල එල ජය වේවා

      Delete
  2. Anonymous12/2/13 11:32

    ela machan !! good luck with the blog !!! :)

    ReplyDelete
  3. Hoda atheetha aawarjanayak gaiyo. Blog traffic wadi karaganna krama saha widi thiyenawa. Hoyala balapanko...
    Ela kiri!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බන් මේ එන ට්‍රැපික් එක මදැයි එල එල තැන්ක්ස්

      Delete
  4. Anonymous12/2/13 14:48

    ඔහොම ලියාගෙන යන් මචං.. ජයවේවා.!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ එල

      Delete
  5. බ්ලොග් එකක් ලියාපිය. ලියාපිය. කියල මටත් ඕක බෝ කලේ ඔයානේ.
    ඒක නෙවෙයි කො මේකෙ කෑලි අඩුයිනේ. ඔයා කට්ටියව නොමග අරලනේ.

    මට බෑ...... ලියන්න දෙයක් නෑ...... ලියවෙන් නෑ...... කම්මැලී....... කවුරුවත් බලං නෑ...... මෙහෙම කන් කෙඳිරි ගාන ඒව එහෙම කෝ................ තව.......
    බැරි වෙලා හරි මං ඔයාගේ පොස්ට් කියවන්න පරක්කු වුනොත් එහෙම මුණ කොරහක්‌ වගේ කරගන්න හැටි එහෙම කෝ........

    කොහොම වුනත් පට්ට කීවට ඔයාට තරම් රහට මට නම් ලියන්න බැරිය. කවදාවත් ඔය රස ලියවිල්ල නම් නවත්තන්න එපාය. මොනවා ලිවුවත් හැමදාම කියවන්න මම එමි.

    එහෙනම් ජය වේවා!!!!!!!!!!!! මගෙන් උණුසුම් සුභපැතුම්.



    ReplyDelete
    Replies
    1. පණ්ඩිතයා වගේ කියෙව්වාට ඔයත් එහෙමනේ ......තැන්ක්යූ හොදේ ඔයාගේ බ්ලොගේ මේකට වඩා පට්ට හලෝ

      Delete
  6. අනුන්ට කොච්චර චොර උනත් උබට පට්ටනං ඒකනේ බං වෙන්න ඕනා...
    10000ට සුභ පැතුං වේවා...
    ඉක්මන්ට තව බිංදුවක් අගට දා ගන්න පුළුවං වේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුති සහෝ ............

      Delete
  7. තවත් ඉස්සරහට යන්න සුබ පතනවා....!

    ReplyDelete
  8. තව බොහෝ කල් ඔබට ශක්තිය ලැබේවා හොඳ නිර්මාණයක් තුලින් සමාජයට මෙහෙවරක් කිරීමට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ......

      Delete
  9. සුබ පැතුම් මචෝ... තවත් ලිපි ලියන්න හැකිවේවා. . !

    ReplyDelete
  10. සයිබරයේ බ්ලොග් දිගට හරහට කියවන්නට ගත්තේ ලගදී ය. හැම පෝස්ටුවකටම කොමෙන්ට් කොටන්නට නොගියේ ය. නමුත් කියවූ හැම බ්ලොගයකම කොහේ හො කොමෙන්ටුවක් කෙටුවේ ය. උබේ බ්ලොගයද වෙනසකි ඒ වෙනසත් සමග යන්නට දිගටම ජය පතමි.

    ReplyDelete
  11. සුභ පැතුම් සහෝ....
    වෙද්දුන්ට අසුවී ලෙඩ වෙන්නේ නැතිව චිරාත් කාලයක් වැජබේවා

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...