Tuesday, January 15, 2013

සිතකින් නොවේ දුරස් වුනේ ඔබ හැරදා... (ඔන්න මගෙන් පිළිතුරක් )



පිළිතුර මෙයයි ඇයගේ කවි පන්තියට
බොක්කට වැදුන හන්දයි මා ලියුවේ මෙය
දන්නෝ දනිති කුමක්ද මේ හුටපටය
නොදන්නා අය බලන්න මෙතනින් යන්න ....


කවියක්ද මන්ද ගයියා මේ ලියන්නේ
කවියක් නම් මේ මගේ පලවෙනි කවිය
ඔබ වෙනුවෙන්මයි ලිව්වේ මෙය පිළිගන්න
සමාවෙන්න මම කවියෙක් නොවෙමි හොද ...




නින්දේදී මහා රෑ සිහිනයෙන් පවා
සිහිවෙනවා ඔබ මා මැවූ සොඳුරු සිනා
බලා සිටියේ මග ඔබ මා ඒවි කියා
පාළුව හන්ද කවි සිතුවිලි පහල වෙලා....

දන්නෙම නැතුව මගේ දෑසත් තෙමුනා
ඔබ ලග සිටි ඒ කාලය මතක් වුනා
සිතමින් ඉන්නේ ඔබ ගැනමයි රෑත් දිවා
සිතකින් නොවේ දුරස් වුනේ ඔබ හැරදා...

කතා නොකර ඉන්න එපා තරහ වෙලා
තරහ ගියත් ඒ ආදරේ හන්ද තමා
කොතරම් රණ්ඩු කෙරුවත් අපි ඉද හිටලා
හමු වුන විට මහා වැස්සත් පායනවා....



හමු වූ විට මගේ දෑතින් ඔබ අල්ලා
හිත වාගේම දෙසවන් මාගේ පිරීලා
ඔබ නැතිදා කියවන්නට ලගට වෙලා
දෙසවන් මගේ ඔබ එනතුරු බිහිරි වෙලා .....



මගේ සිතත් ලෙඩ විය ඔබ ගැන සිතලා
දුකයි තමයි කරන්ට කිසිවක් නැතුවා
ඈතින් සිටියත් කෙතරම් ඔබ හා මා
සිතින් මගේ ඔබ ලගමයි සසර පුරා .....

ලියන්න දේවල් නම් ඔබ ගැන තව බොහොමයි
හිතට එනවා ලියන්න දේ ඕන තරම්
ඒවා ලියුවොත් මම ඉදලා ඉවරයි  :P
හසරැල්ලක් ඔබ නැගුවොත් එය මට ඇතිය ................


ඔන්න  තනිකම දැනුන පෙම්වතෙක්ට කවියක් .............

Comments
8 Comments
Facebook Comments by Blogger Widgets

8 අදහස්:

  1. කවියෙන් හරි කමක් නෑ හිත හැදෙනව නම්... එල එල

    ReplyDelete
  2. මං නං දැං වැඩිය හිතන්නෑ....

    ReplyDelete
    Replies
    1. ඇයි මචා මොකෝ උබටත් අවුලක් ද?????? වැඩිය නොහිත ඉදලත් බෑ නේ බං

      Delete
  3. හරිම සුන්දරයි ඔබෙ සිතිවිලි පොදිය
    සොම්නස පිරී උතුරයි මගෙ සිත් පොඩිය
    කඳුළැලි නැතිය නෙතු මගෙ දැන් සවිමත්ය
    ඔය වත සිනා මට දෙන්නේ සතුටමය

    සමා වුව මැනවි මා පසු වුවාට
    දුක් නොම ගන් කිසිදා ඔයා සිත මතට
    ලියවුනු කවි බැඳුම් ඔබගෙන් මා නමට
    කිසිදා නැතිය කියවා මෙතරම් රහට

    හරිම ලස්සනයි. ඇත්තමයි. ඔයා මුලින්ම ලියාපු කවි වුණත් මේවා ගොඩක් ලස්සනයි. ඇත්තටම මම පුදුම වුණා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මොනවා ලියන්නද කියලා
      ඔයාට රිප්ලයි කරන්න වචනත් නැතුවා...
      :පී

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...