පිළිතුර මෙයයි ඇයගේ කවි පන්තියට
බොක්කට වැදුන හන්දයි මා ලියුවේ මෙය
දන්නෝ දනිති කුමක්ද මේ හුටපටය
නොදන්නා අය බලන්න මෙතනින් යන්න ....
කවියක්ද මන්ද ගයියා මේ ලියන්නේ
කවියක් නම් මේ මගේ පලවෙනි කවිය
ඔබ වෙනුවෙන්මයි ලිව්වේ මෙය පිළිගන්න
සමාවෙන්න මම කවියෙක් නොවෙමි හොද ...
නින්දේදී මහා රෑ සිහිනයෙන් පවා
සිහිවෙනවා ඔබ මා මැවූ සොඳුරු සිනා
බලා සිටියේ මග ඔබ මා ඒවි කියා
පාළුව හන්ද කවි සිතුවිලි පහල වෙලා....
දන්නෙම නැතුව මගේ දෑසත් තෙමුනා
ඔබ ලග සිටි ඒ කාලය මතක් වුනා
සිතමින් ඉන්නේ ඔබ ගැනමයි රෑත් දිවා
සිතකින් නොවේ දුරස් වුනේ ඔබ හැරදා...
කතා නොකර ඉන්න එපා තරහ වෙලා
තරහ ගියත් ඒ ආදරේ හන්ද තමා
කොතරම් රණ්ඩු කෙරුවත් අපි ඉද හිටලා
හමු වුන විට මහා වැස්සත් පායනවා....
හමු වූ විට මගේ දෑතින් ඔබ අල්ලා
හිත වාගේම දෙසවන් මාගේ පිරීලා
ඔබ නැතිදා කියවන්නට ලගට වෙලා
දෙසවන් මගේ ඔබ එනතුරු බිහිරි වෙලා .....
මගේ සිතත් ලෙඩ විය ඔබ ගැන සිතලා
දුකයි තමයි කරන්ට කිසිවක් නැතුවා
ඈතින් සිටියත් කෙතරම් ඔබ හා මා
සිතින් මගේ ඔබ ලගමයි සසර පුරා .....
ලියන්න දේවල් නම් ඔබ ගැන තව බොහොමයි
හිතට එනවා ලියන්න දේ ඕන තරම්
ඒවා ලියුවොත් මම ඉදලා ඉවරයි :P
හසරැල්ලක් ඔබ නැගුවොත් එය මට ඇතිය ................
ඔන්න තනිකම දැනුන පෙම්වතෙක්ට කවියක් .............
athi yantham
ReplyDelete:P
Deleteකවියෙන් හරි කමක් නෑ හිත හැදෙනව නම්... එල එල
ReplyDeleteහ්ම්ම්ම් ..........
Deleteමං නං දැං වැඩිය හිතන්නෑ....
ReplyDeleteඇයි මචා මොකෝ උබටත් අවුලක් ද?????? වැඩිය නොහිත ඉදලත් බෑ නේ බං
Deleteහරිම සුන්දරයි ඔබෙ සිතිවිලි පොදිය
ReplyDeleteසොම්නස පිරී උතුරයි මගෙ සිත් පොඩිය
කඳුළැලි නැතිය නෙතු මගෙ දැන් සවිමත්ය
ඔය වත සිනා මට දෙන්නේ සතුටමය
සමා වුව මැනවි මා පසු වුවාට
දුක් නොම ගන් කිසිදා ඔයා සිත මතට
ලියවුනු කවි බැඳුම් ඔබගෙන් මා නමට
කිසිදා නැතිය කියවා මෙතරම් රහට
හරිම ලස්සනයි. ඇත්තමයි. ඔයා මුලින්ම ලියාපු කවි වුණත් මේවා ගොඩක් ලස්සනයි. ඇත්තටම මම පුදුම වුණා.
අනේ මන්ද මොනවා ලියන්නද කියලා
Deleteඔයාට රිප්ලයි කරන්න වචනත් නැතුවා...
:පී