Wednesday, September 5, 2012

නැනෝ තාක්ෂනේ ගැන චුට්ටක් දැනගමු....(updated)


ඔන්න අද කියන්න හදන්නේ නැනෝ තාක්ෂනේ ගැන හොදේ.නැනෝ තාක්ෂනේ කියන්නේ මොකක්ද කියල බලමුකෝ මුලින්ම..නැනෝ තාක්ෂනේ කියන්නේ තාක්ෂනයක්නේ.ඒක ඔය පල්ලෙහා තියන ක්ෂේත්‍ර හැම එකටම වගේ සම්බන්දයි 
  • ·         භෞතික විද්‍යාව
  • ·         රසායන විද්‍යාව
  • ·         ද්‍රව්‍ය විද්‍යාව
  • ·         ජීව විද්‍යාව
  • ·         ඉංජිනේරු විද්‍යාව
නැනෝ තාක්ෂනෙට සිංහලින් කියන්නේ නිනිති තාක්ෂනේ කියලනේ.මේකෙන් මුලිකව අදහස් වෙන්නේ මයික්රෝමිටරෙකට (1µm = 10 -6 ) වඩා කුඩා පරිමනේ අංශු හැසිරවීමයි ඒ පරිණාමයෙන්ම දේවල් හදන එක ගැන තමයි.
            මේ නැනෝ තාක්ෂනේ පටන් අරන් තියෙන්නේ  19 වන සියවසේ අවසන් කාලේ.නැනෝ මීටරයක් කියන්නේ මොකක්ද කියල දන්නවනේ එ කියන්නේ මිටරෙකින් බිලියනයෙන් පංගුවක් (1nm=10-9m) පට්ට චුටිනේ.මෙන්න  නැනෝ මිටරෙන් මනින එව්වට උදාහරණ
  • ·         කාබන් කාබන් පරමාණු අතර බන්ධනයක C=C  පරමාණු  දෙකක් අතර දුර (12-15 nm )
  • ·         DNA අණුවක ද්විත්ව හෙලික්සයේ විෂ්කම්භය (මේක නම් මොකක්ද කියල මං දන්නෙත් නෑ 2nm ලු )
  • ·         කුඩාම ජීවියා එ කියන්නේ මයිකොප්ලස්මා  බැක්ටීරියාවේ දිග (200nm )
  • ·         හැමෝම දන්නා කෙස් ගහේ විෂ්කම්භය (87000nm)

සෞඛ්‍ය, බලශක්තිය ,සුවද විලවුන් නිෂ්පාදන ,අහර නිෂ්පාදන කියන ඒවයේ විවිධ විදියට මේ තාක්ෂනේ යොදා ගන්න පුලුවන්ලුනේ.ඕන ඒවාට උදාහරණ තමා මේ.
  • `සෞඛ්‍ය හා සනීපාරක්ෂාව
1995  දී මැලේරියාව හඬ හානි වුන රතු රුධිරානු ගැන අධ්‍යනය කරලු ඒකට නැනෝ තාක්ෂනේ තමා යොදාගෙන තියෙන්නේ.මිනිස් සිරුර ඇතුලේ ඖෂධ භාවිත කරනකොට නැනෝ තාක්ෂනේ යොදාගන්න ඒක ලාභදායි ක්‍රමයක්ලු.ඒ හඬ විශ්වාසයි ලෙස ලෙඩ රෝග සුව කරන්න නැනෝ තාක්ෂනේ යොදාගන්න පුළුවන් වෙයි ලගදීම.
අපේ හරක් කොරන වැඩ හන්දා(කකුල් දෙකේ එවුන් ) ජලය අපිරිසිදු වෙනවනේ අන්න ඒ වගේ අපිරිසිදු වුන ජලය පිරිසිදු කරන්න වැඩි දියුණු කරපු ජාල පෙරන හදන්නත් මේ නැනෝ තක්ස්හනෙන් පුළුවන්ලු.


  • අහාර නිෂ්පාදනය
නැනෝ අංශු යොදාගෙන පොහොර වල කාර්යක්ෂමතවෙත් වැඩි කරගන්න පුළුවන්ලු.ඒ වගේම එක එක පරිසරත්ත්ව වලට ඔරොත්තු දෙන විදියේ වගාවන් කරන්නත් හැකියාවක් තියනවා.

  • බලශක්තිය  


 
අපට ස්වභාවිකව හම්බවෙන ශක්ති ප්‍රභව එ කියන්නේ ඉර එලිය හයිඩ්‍රජන් වගේ ඒවා යොදාගෙන ලාභදායි විදියට බලශක්ති උත්පාදනය කරන්න පරීක්ෂණ කොරනවලු.
හැම හොද දේම නරක චුට්ටකුත් තියනවලුනේ මේකෙත් එහෙම එව්වා තියනවා
නැනෝ අංශු අපි හුස්ම ගනිද්දී ඒ වාතය එක්ක හෝ අපේ සම හරහා අපේ අගට ඇතුල් වෙන්න පුළුවන්ලු.එහෙම ඇවිත් අපේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල්වෙලා  අපිව එක එක අසාත්මිකතා වලට ගොදුරු වෙන්නත් පුළුවන්ලු එ ඇතිවෙන්න පුළුවන් දේවල් ගැන තම පරීක්ෂණ කොරනවලුනේ

ජංජාලයෙන් තමා ගත්තේ ඔන්න
නැනෝ ගැන වැඩිදුර දැනගන්න මෙන්න මෙතනින් බාගන්නකො සිංහලින්ම තියනවා

Comments
6 Comments
Facebook Comments by Blogger Widgets

6 අදහස්:

  1. නැනෝ දන්නවනං නොකල හැකි දෙයක් නෑ..

    ReplyDelete
  2. නියමයි තව ලියන්න...

    ReplyDelete
  3. Anonymous6/9/12 18:13

    මෙවන් ලිපි ඇත්තටම නොදන්න දෙයක් කියල දෙනවා..
    ස්තූතියි සහෝ!
    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කවුරු හැරී නොදන්නා දෙයක් දැනගත්ත නම් ඇත්තටම සතුටුයි

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...