Friday, September 28, 2012

කොන්දාගේ කොන්දේ තරම (කව්ද වැරදි ..?)


වෙලාව සවස 7.00 ට පමණ විය.මාර්ග අංක 143 කඩුවෙල -පිටකොටුව බස්රථයක් කඩුවෙල දෙසට ගමන් ගනිමින් තිබුණි. බස් රථයේ 20 දෙනෙකුට වැඩ වැඩි පිරිසක් නොසිටියහ මද දුරක් යන විට වයස 70 ක හෝ ඊට වැඩි යයි සිතිය හැකි මනුස්සයෙක් එයට ගොඩවිය.යම් දුරක් ගිය පසු ඔහු කොන්දා ලගට ගොස් කතා කළේය
“පුතා මගේ 100 ඉතුරු සල්ලි ,මං ඉස්සරහ බහිනවා.....”
“මොන 100 ද ඔයා මට 100ක් දුන්නේ නැහැනේ ...”
“නෑ නෑ මම දුන්න ...”
“අනේ අන්කල් මේ බොරු කියන්න ඕන නෑ සල්ලි නැත්නම් සල්ලි නෑ කියන්න මෙතන ඉතුරු සල්ලි ඉල්ලන්න එන එපා “
“අයිසේ මං දුන්න 100 ක් රු 12 ටිකට් එක මට මට ඉතුරු දෙනවා....”
කොන්දා සැර අඩු කළේය .මේ මිනිහා සල්ලි දෙන්න ඇති කියා සිතන්නට ඇත .
“මේ මගේ ඉතුරු සල්ලි දෙනවා හලෝ මගේ උඩ සාක්කුවේ රු.100 මයි තිබුනේ ....”

යයි කියමින් ඔහු සාක්කුව අතගැවේය..මගියාට තරු පෙනුනේ තිබුන එකම රු 100 තවමත් සාක්කුවේ ඇති බව වැටහුන විටය.කරන්නට දෙයක් නැත වරද ඔහුගේය ඔහු කොන්දා ගෙන් සමාව ඉල්ලුවේ සල්ලිද දික් කරමිනි.
“මං වෙන කල්පනාවක ඉදලා තියෙන්නේ සොරි ..මේ සල්ලි සක්කුවෙමයි තිබිල තියෙන්නේ.......”
කොන්දා ෆෝම් විය බසයේ සෙනග මැද්දෙම අසභ්‍ය වදනක් කියමින් බනින්නට පටන් ගත්තේ රු 100 ද උදුරා ගනිමිනි
“තමුසෙලා හෙන හොරු ඕයි,සල්ලි නොදී බස් වල යනවා එ මදිවට ඉතුරුත් ඉල්ලනවා .කාලකන්නි තමුසෙව ඇදලා එලියට දාන්න තිබුනේ ..”
කොන්දාට කියාගත හැකි වුයේ වචන කිහිපයක් පමණි බස් රථයේ පසුපස ඉදන් සිටි  කොල්ලෙක් කෑ ගැසුවේය
“අඩෝ අඩෝ උබල බබාලා ද??? උබල අපෙන් ඉතුරු නොදී රුපියල දෙක ගහනකොට හොදයිද ..මනුස්සයෙක්ට වැරදීමක් වෙන්න බැරිද එ මනුස්සය සොරි කිවනේ..කට වහන් ඉදපන්...”
“මල්ලි මේ කටවහන් ඉදපන් මට රස්සාව කරන්න කියා දෙන නැතුව ...”
කොන්දා ආවේස වී පසුපසට දුවන් අවේ කොල්ලට ගහන්නදෝ මන්දාය..
“ඕයි මේ තමුසෙලට දැන් රස්සාව කරන්න උගන්නන්න තම වෙලා තියෙන්නේ මනුස්සයෙක්ට ගරුසරු ඇතුව කතා කරනවා ..”
තවත් මනුස්සයෙක් කොන්දට බැන්නේය ...දැන් කොන්දා තනිවමය බස් එකේ මිනිස්සු කොන්දා වචනයක් කියන විට වචන දහයක් කියයි
“යකෝ උඹේ රස්සාව මිනිස්සුන්ට බනින ඒක නෙවේ සල්ලි එකතු කරන කට වහන් ඉදපන් නැත්නම් තොට මෙතනම දෙනවා මකබෑ වෙලා යන්න ”
එ අවවාදය හයේ හතරේ සුර් පිට සිටි එකෙකුගෙනි ..ඔහු නැගිට්ටේය කොන්දාගේ කොලරයෙන් ඇද්දේය ඩ්‍රයිවරයා බසය නතර කළේය.හතර පස් දෙනෙක් නැගිට කොන්දාව බේරා ගත්තේය
“සල්ලි එකතු කරන් බල්ලා වගේ ඉදපිය .....”
කොන්දා මට්ටු විය සෙනග කෑ ගැසීම නිසා බසය ඇද්දවිය කොන්දා බලු විය බලු කුක්කා මෙන් ඉස්සරහ පාපුවරුවේ එල්ලී සිටියේය.
.කොන්දා අන්කල්ට බැන්න ඒක වැරදිය.අන්කල් සමාව ගත්තේය කොන්දා ඩයල් වීමට ගොස් රෙදි ගලෝ ගත්තේය.සල්ලි නොදී හොරෙන් යන උන්ද සල්ලි නොදී ඉතුරු ඉල්ලගෙන බහින එවුන්ද ඕන තරම් සිටිති ඒවා උන්ගේත් වැරදිය.

ගයියා බස් එකේ යන විට සල්ලි දෙන්නේ කොන්දා ඉල්ලුවොත් පමණි බලෙන් දෙන්න යන් නැත ගොඩක් උන් එහෙමය.හොද කොන්දලාද සිටිති මේක ලිව්වේ බලු කොන්දලාටය .කොන්දලා ගැන වැඩි විචාර අවශ්‍ය නැත බස් වල යනවා නම් යන අය එ ගැන දනිති.කොන්දාගේ ලැජ්ජාව ගැන නම් මම නොදනිමි පහුවදා හොද කොන්දෙක් උනා නම් හොදය නැත්නම් ඉතින් බැනපු උන්ගේ මහන්සිය අපරදේය.  මේක ඇත්ත කතාවකි .
Comments
19 Comments
Facebook Comments by Blogger Widgets

19 අදහස්:

  1. dan metana ube charithe mokadda ban...mona unath patta siddiya...

    ReplyDelete
    Replies
    1. අහිංසක නරබන්නෙක්

      Delete
  2. ඇත්තට මේ ඔයා අන්කල්ගේ පැත්තට කතා කරපු කෙනෙක්ද? නැත්තම් කොන්දව බේරගත්ත කෙනෙක්ද? කොන්දලා මේ කතාව කියවනවා නම් වඩා හොඳය. ජය වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ මං නරබන්නෙක් අනේ මං ඕකට කට දාන්න ගියේ නෑ....!!!!

      Delete
    2. ඔයා කීවට කොහොම පිලිගන්නද අනේ සාක්ෂි නෑනේ..... ෂුවර් එකටම ඔයත් ඕකට හොට දාන්න ඇති.

      Delete
    3. අයියෝ මට වෙන වැඩ නෑනේ හලෝ ඉතිං

      Delete
  3. බලු කොන්දෝ හෙලා දකිමු...

    ReplyDelete
    Replies
    1. අනිවා අපි උග්ගොසනේ කරමු
      ......

      Delete
  4. මමත් කීප විටක්ම කොන්දො එක්ක ගේම ඉල්ලලා තියෙනවා හැබැයි උන් මග ඇරලා යනවා ...

    ReplyDelete
    Replies
    1. මග අරින නැතුව ඇගේ එල්ලෙන අයත් ඇත

      Delete
  5. සල්ලි නොදී බස් එකෙන් බහින එකනම් චාටර් වැඩේ
    ඉහ ඉදිමිච්ච කොන්දලත් අනන්තවත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බලෙන් දෙන්න යන්න ඕන නැනේ....

      Delete
  6. ඉල්ලන් කනවා කියන්නෙත් ඔකට නේද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අපිත් ගොඩක් වෙලාවට කරන්නේ ඒකනේ

      Delete
  7. කොන්දලා කකුල් සපත්තු පාගාගන යනවා තරම් මට මල පනින වෙන වැඩක් නැත. සමහර එකාලා නාන්නේ නැත්ද මන්දා.. හඩු පෙරිච්ච යුනිෆෝම් එකක් එල්ලාගෙන උදේට වැඩට අඳින සුදු කමිස හඩු කරමින් බසය මැදින් කකුල් දණහිසේ සිට සපත්තුව දක්වා පාගාගෙන යද්දී මට පනින්නේ දහසක් පෙති ඇති මල් පොකුරුය..

    ReplyDelete
    Replies
    1. මටත් ඔවැනි දේ වී ඇත

      Delete
  8. Anonymous30/9/12 21:55

    1) කාටවත් චෝදනා කරන්න කලින් හොඳට හොයල බලන්න ඕන..
    2) අඩුවෙන් පැටලුනා නම් ප්‍රශ්න ඉවරයි..

    හිතන්න දෙයක් තියන ලිපියක්.
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. 1) එකඟ වෙමි එත් එහෙම කරන අය අඩුය
      2) කොහෙ ගියත් පැටලෙන අය ඉන්නවනේ
      ස්තුති.......

      Delete
  9. කොන්දෙක් ගැන ලියන්නට මටද ලොකු කතාවක් ඇත... හොඳක් නම් නොවේය... ලියන්නට ඇත්තේ නරකක්ය... පස්සේ ලියන්නම්ය... එහෙනම් අපි යනවාය...

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...