Tuesday, September 25, 2012

තිස්ස වැවෙන් හිස්තැනක් නාපු කස්ටිය ....


ගෙදෙට්ටම වෙලා ඉදල එපා වෙනවා අප්පා  ...ඔන්න ඉතිං ගිය සතියේ කතරගම යන්න චාන්ස් එකක් හම්බුනා..අපරාදේ කියන්න බෑ 12ක් විතර යන්න පුළුවන් වහනෙක 17ක් විතර හොද සැප පහසුව ඇතුව තමයි ගියේ පැය ගානක ගමනකින් පස්සේ තිස්සමහාරාමෙට කිට්ටු කළා තිස්ස වැව ලගින්නේ යන්නේ ඉතිං දැන් කට්ටියට මහන්සිත් එක්ක
            “මල්ලි ෂෝක් වතුර ටිකනේ නාලම යන්.....”


 කියල  අර කුඩා පරිමානේ ලොරිය අයිනකට කරලා නැවැත්තුවා වාහන පෝලිමට නවත්තල කට්ටිය නානවා මටත් ඉතිං නන්නමයි හිතුනේ...වැඩේ කියන්නේ අපේ අම්ම මව ට්‍රිප් එක එව්වේ නාන ඒකට වාරණ නියෝගයක් දාල ....
            “ගියාට කමක් නෑ මැණික් ගඟෙන් නාන්නේ එහෙම නෑ....”

ඔන්න ඔහොම කියල තම අපේ අම්ම මව යැව්වේ ඒකට ඉතිං මොකෝ අම්ම මට නාන්න එපා කිවේ මැණික් ගඟෙන් නේ තිස්ස වැවෙන් නාන්න එපා කිවේ නැනේ....
මාත් එක්ක ගියා මගේ යාලුවෙක් මිනිහා ඇවිල්ල ප්රෝපෙසනල් පොටෝ කාරයෙක් ඉතිං අපි වගේ දකින දකින ගස් ගල් පොටෝ වලට ගන්නේ නෑ පැය ගානක් කට්ට කාල හරි එක පොටෝ එකක් ගහගත්තා නම් මිනිහට හොදටම ඇති..මිනිහ අවෙත් කිලෝ ගානක් බර තඩි කැම් එකක් අරගෙන ආයේ ඉතිං මූට වඩා වටිනවා මන් හිතන්නේ කැම් එක ..තිස්ස වැව ලගින් බැස්ස ඉතිං ඔන්න කට්ටිය නාන්න බලාගෙන
            “මචන් අන්න පෝට්රේට් එකක් ...මුනේ ඩිටේයිලුත් තියනවා එකක් ගත්ත නම් හරි ”
 මු මොන කුනුහබ්බයක් කියනවද මන්ද කියල මාත් ඉතිං බැලුව මෙන්න මේ මනුස්සය තමා ඉතිං උන්නේ


මන් ඉතිං ඒ බර වදන් වල සභ්‍ය තේරුම් පස්සේ වෙලාවක අහගත්තා...
දැන් ඉතිං ඒ මනුස්පයගේ පොටෝ එකක් ගන්නත් එපායේ මු ඉතිං අර තඩි කැම් එක සෙට් කොරන් එනකොට අර මනුස්පය බයිසිකල් කට්ටේ නැගල ගොහින් ඉවරයි ඒ මනුස්සයත් ඉතිං රස්සාව කරන්න එපායේ........අරු ඉතිං මාවත් ඇදගෙන අර මෑන් ගේ පස්සෙන්ම ගියා ඉක්මනට පොටෝ එක අරන් ඇවිත් නාන්න බැරියෑ කියල තමා ගියේ  බිස්නස් කරන වෙලාවට කරදර කරන්නත් බෑනේ...ඉතිං ඒ යකා බස් එකක් ලග නැවතිලා බඩු විකුනනකොට අපිත් ඈත ඉදන් බලන් ඉන්නවා යේ යනවා පස්සෙන් ඔහොම ඔහොම පැය බාගෙක විතර කට්ටක් අනුභව කරලා කොහොම හරි මිනිහා ඇත ඉදන් එන පොටෝ ටිකක් අරූ ගහ ගත්තා.මිනිහත් හොද හිනාවක් දාන් ඇවිත්
            “හරිද මල්ලි වැඩේ කරගත්තද ..........”
            “අපිට ෆොටෝ ටිකක් ගත්තකිද ...”
මුත් දැන් ඉතිං එක එක ඇක්ෂන් දදා ඉන්නවා අරූ ඉතිං දඩ බඩ ගල ෆොටෝ ගහනවා ....
“මල්ලි කවදාවත් මන් කැමරාවක් අරන් එන අයට බෑ කියන් නෑ මල්ලි..මගේ ෆොටෝ යුරෝපෙත් තියනවා මල්ලි ඉන්ටනෙට් එකෙත් තියනවා මල්ලි මන් දන්නෙත් නෑ තියනවද කියල යාලුවෝ තම කියන්නේ මා ලග ඇල්බම් හිටන් තියනවා මට ගෙදරට ෆොටෝ තපාලෙනුත් එනවා මල්ලි ....මන් ටෙලිනාට්‍ය චරිත 9 ක රඟපාලා තියනවා....”      
 ඔහොම ඉතිං  මේ යකා කියවන්න ගත්ත ...මට සිහිය තිබුනේ අර වැවට පැනලා නා ගන්න ...ඒ වැඩේට පැය බාගයක් විතර කාල අපි ගියා වාහනේ තිබුන තැනට..එතකොටම නාන තැන හිටපු කෙනෙක් අයියෝ අයියෝ ගාගෙන දුවන් එනවා නානා උන්න අය නිකන් බය වෙලා වගේ බලන් ඉන්නවා තවත් අය අම්ම අප්පා මතක් කර කර බනිනවා....
වෙලා තියන වැඩේ පස්සේ තමා තේරුනේ..වැවේ නානා උන්න කවුරු හරි එකෙක් නාන ගමන්ම බලු වැඩක්  කරලා අනේ මන්ද මු කොහොම කලාද කියල....උඩුකුරු තෙරපුම හන්ද අදාළ ද්‍රව්‍ය පාවෙන්න පටන් අරන් ඒක පාවෙනවා දැකපු අය තමා කෑ ගහල තියෙන්නේ.ඉතිං කට්ටිය අර වැඩේ කරපු එකාගේ පශ්චාත් භාගෙට පින් දිදී තමයි ගියේ මොන උනත් ඉතිං බලු වැඩක්නේ.හැබැයි ඉතිං අර නාපු කට්ටියට ගෙදර එනකන්ම වචනයක්වත් කතා කරන්න නම් හම්බුනේ නෑ.......හැම කතාවම ඉවර උනේ තිස්ස වැවෙන්..
            හ්ම්ම් එන ගමන් ගියා සිතුල්පව්ව පැත්තේ ගිය අය මේක දැකල තියනවද බලන්නකෝ

 රිලවු ඉන්නවනේ ඒ හන්ද වෙන්නැති ..එහෙදි ෂෝක් යාලුවෙකුත් හම්බුනා මේ ඉන්නේ ...

 වැඩේ කියන්නේ මිනිස්සු මේ සතාට පාඩුවේ ඉන්න දෙන් නෑ දස වද දෙනවා පව්...




අපේ පොටෝ කාරයාගේ පේජ් එකට ලයික් එකකුත් දාන්න පව්නේ කිලෝ ගානක් බෙල්ලේ එල්ලන් ගියානේ...

           

Comments
17 Comments
Facebook Comments by Blogger Widgets

17 අදහස්:

  1. උබ එහෙම නෙමෙයි නේද වගකියන්න ඔනේ?

    ReplyDelete
    Replies
    1. මං ඕවට වග කියන් නෑ ඔන්න....

      Delete
  2. ඔය කිවුවට ගයියද දන්නෑ අරක බෑවේ..

    ReplyDelete
    Replies
    1. උබල මං ගැන හිතන් ඉන්න හැටි තමා ඔය

      Delete
  3. තිසා වැව තියෙන්නේ බොගවන් තලාවෙද?

    ReplyDelete
    Replies
    1. තිසා වැව නෙවේ මි ගොඩයෝ තිස්ස වැව

      Delete
  4. මාර සැප පහසුවට යන්න ඇති නේද? කවුරු වුනත් කරලා තියෙන්නේ නම අපා ගත වෙන වැඩක්.
    නියමෙට ලියල තියනවා ජය වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල ඕන තරම් ඉඩ තිබුනා ...සමහරු සැපට නිදාගෙනත් ගියා

      Delete
    2. ආයෙත් අහල ඕන තරම් ඉඩ තිබුනා ...සමහරු සැපට නිදාගෙනත් ගියා

      Delete
    3. සැපට නිදාගත්තෙ වහලේ උඩ වෙන්නැති නේ.......ද?

      Delete
    4. අයියෝ නෑ හොද ඩබල් ඇදක නිදාගත්තේ

      Delete
  5. සත්තුන්ට ඉන්න දෙන්නේ නැති එක අපේ අයෙගේ විනෝදාන්සේ නේ බන්

    ReplyDelete
    Replies
    1. සත්තු අපි දිහා බලල හිතන්න ඇති බං මේ මොන සත්තුද කියල .....

      Delete
  6. Anonymous26/9/12 04:44

    :)
    ඔන්න අපි පේජ් එක පැත්තටත් ගියා හ්ම්ම්..
    ජය!

    ReplyDelete
  7. අහ අහ අහා.......... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට කැස්ස වගේ උබද ඒ කියන්නේ වැඩේ දුන්නේ

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...