Sunday, September 2, 2012

ඔන්න තමුසෙගෙ අතේ ජරාව ගැවිල...


පොඩි කාලේ අම්මල අපිට හොද සිරිත් පුරුදු කරයි.ඒ අතරින් මොනා හරි ජරාවක් අතේ ගෑවුනම සොදගනිමද හොද පුරුද්දකි.සොදගත්තේ නැතිනම් හෙනම අවුලය එවිට ගුටි කෑ යුතුය ,ගුටි කෑ  යුතුය යනු අත සෝදා නොගැනීම වරදකි.එනම් අත සෝදා ගැනීම හොද පුරුද්දකි.දැන් කාලයේ හැටියට නම් අත සොදාගන්නේ වැරදි වහගන්නටය එසේත් නැත්නම් වරද තව එකෙකුට පටවන්නටය.එසේ අත සෝදා නොගෙන වරද පිළිගන්න එකා මහා වරද කරුවෙකි මෝඩයෙකි පිස්සෙකි යයි අත සොදාගන්නන් විසින් හදුන්වයි.තමුන් මිනීමැරුමක් කර පික් පොකට් කාරයෙක්ට ඇගිල්ල දික් කර ‘අන්න අපරාධකාරයෙක්’ යයි කීම සාධාරණද ??අපේ සිහින ලන්තයේ නම් සාධාරණද මන්දය.
‘ඔන්න තමුසෙගෙ අතේ ජරාව ගැවිල’ කියා කවුරුන් හෝ කොන්ද පන තියන එකෙක් හඩ නගා කිවොත් ඒ කිව එකාට වන්නේ බොරු වරදකට කර ගැසීමටය නැත්නම් ආයේ නොඑන්නට වලට යාමටය.අනුන්ගේ අත් වල තිබෙන ජරාව අරන් දැමීමට පෙර තමන් අත සෝදාගත යුතු යයි ගොඩක් එවුන්න්ට අමතක වී ඇත්තේය.



ඕනෑම නීති විරෝධී වැඩක් නිත්‍යානුකුල කිරීමට ඉහල පුටු වල ඉන්න ඇත්තෝ හොද දක්ෂයෝය.එහෙම වැරදි වැඩ හරි කර කරන එවුන්ගේ රෙද්දේ ගැවෙන මඩ සොදන්නට නාලිකාද ඇත.අනිත් සියල්ලෝම වරද කියද්දී නෑ යකෝ මං හරි කියා කියන්නට තරම් උන්ගේ කටවල් හයියය.හරි දෙයක් කියන විට නම් පන නැත වැරැද්ද හරි කර පෙන්වීමට දක්ෂයෝය.ඡන්ද කාලෙට ලයිට් නැති පළාත් වල ලයිට් කණු ලොරි පිටින් ගෙනත් බෑවට කමක් නැත ඒත් ඒවා හයි කර ඒ මිනිස්සුන්ට ලයිට් දිය යුතුය.ඡන්දෙ ඉවර වෙනකොටම ඒ ලිට් කණු සේරම අයෙත් අරන් යයි නම් ලයිට් කණු පෙන්වා ගත්ත ඡන්ද වලට හෙනම ගහනවාය.කොතන ගියත් ආඩි හත් දෙනාගේ කැද හැලියක් වැනිය හැමෝම බලන්නේ අනිකා කරන තුරුය.අන්තිමට බොන්න වෙන්නේ නිකන් උණු වතුරය එතකොට කාටවත් වරදක් කියා හි ඇගිල්ල දික් කර වැඩක් නැත ඒ සියල්ලෝම වැරදිකරුවෝ නිසාය .
දෙක තුන වසරේදී ටීච දුන්න ගෙදර වැඩක් කරන යන්න බැරි වුනොත් අපේ කටේ තියන උත්තරේ අමතක වුනා ටීච කියාය අමතක වුනා කී විට ගොඩක් අය තලති සමහරු පවු කියා හෙට එනකොට කරන එන්න පුතේ කියති.අද කාලේ නම් අමතක වුන කී විට ලොකු ලොකු වැරදි වලින් වුවද අත සෝදා ගත හැක.එකත් දැන් ඉට්ටයිල් ඒක වෙලාය.
මොකක් හරි මාධ්‍යයකින් ලංකාවේ සිද්ධ වෙන චෝර චාටර් වැඩක් ගැන රටට හෙළි කල විට ඒ වැඩේට සම්බන්ධ ලොකු පුටු එකිනෙකාගේ ඔලුවට තොප්පි මාරු කර ගනිති.ප්‍රශ්නේ විසදන්න හදන්නේ නැත.තමන්ට වෙන අපවාදයෙන් ගැලවෙන්න ෆුල්ල් ට්‍රයි කරති.ඒකත් නිකන් පොඩි එවුන් සෙල්ලමට කොළ ගුලියකින් ගසා මම නෙවේ මෙයා තමා ගැහුවේ කියා අනිකාට අත දික් කර ගන්නවා වගෙය .අන්තිමට වරද කල එකෙක්ද නැත.සිදුවූ වරද හදනවා වෙනුවට කරන්නේ වරද වැඩි කර අවුල් කර හෝ තමන් ගේ වරද වසා ගැනීමය.කොයි තරම් අත සේදුවත් අතේ ගා ගත්ත ගොම වල ගඳ නම් යන්නේ නැත.ඒ ගඳ ගහන අත ඉම්බින එවුන් ඕන තරම් සිටිති.
අත සෝදා ගැනීම මෙය ලියන මගෙත් කියවන ඔබෙත් සිරිතක් විය හැකිය එය නවත්වා ගත හැක එය නවත්වා ගත යුතුය. වසර තිහක යුද්ධයෙන් නිදහස ලැබූ පසු දියුණුව කර යාමට කෙලින් පාරක් ලැබී ඇත ගොඩක් එවුන්ගේ වැඩ නිසා ඒ කෙලින් පාරේ වංගු සැදී ඇත .පරණ හොරුන් සමග අලුත් රටක් ආශ්චර්යමත් රටක් ගොඩනැගීම සිහිනයක් පමණි මිසන් ඉම්පොසිබල් ය එව්වා පුළුවන් ෆිල්ම් වල විතරය.
අනේ මන්දය ගයියා ට හිතුන දේ ගයියා ලිව්වේය  
     
Comments
15 Comments
Facebook Comments by Blogger Widgets

15 අදහස්:

  1. ඔයා හරියටම හරි. මාත් පිලිගන්නවා. ඒත් දැන් කාලේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නෑනේ.

    ReplyDelete
  2. ඕන වැඩකදි අපේ අය කරන්නේ බෝලේ පාස්කරන එක

    ReplyDelete
    Replies
    1. පාස් කරනවා ඒ මදිවට බලෙනුත් දෙනවා

      Delete
  3. ඔන් සුදු වෑන් 1ක් ඇවිත් උබව උස්සන් ගියොත් ඉක්මනට කෝල් 1ක් දාපන්......

    ReplyDelete
    Replies
    1. ඇයි උබ මව බේරගන්නවද???

      Delete
  4. Anonymous3/9/12 06:46

    නියමයි!

    ReplyDelete
  5. අවතාර් ට එක ඟ වෙමි

    ReplyDelete
  6. ජරාව තමයි හැමතැන තියෙන්නේ ........
    ගාගෙන තමයි හැමෝම දැන් සිතින්නේ ..........
    පිරිසිදු කරන්නයි හැමෝම දගලන්නේ ........
    කව්රුත් නොදැන හැමතැන එය ගෑවෙන්නේ.....

    ReplyDelete
  7. එක ඇත්ත

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...