Wednesday, September 12, 2012

යාත්‍රා 6 කොටස \ අවසානය


“මොකක් වුනත් මේ වෙන්න යන්නේ ගොඩක් නරක දෙයක් යාත්‍රා තියන ගොඩනැගිල්ලට කාටවත් ඇතුල් වෙන්නත් බැහැලු ඒ ගොඩනැගිල්ලේ තියන ස්වයං ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙලා.අනේ මන්ද බං මේ වැඩේ කවුද කරන්නේ ඇයි උබේ ගිණුමට මේ සල්ලි දාන්න කියන්නේ..”
සුධීර දිනුරි සමග එකතු වී පරීක්ෂණාගාරයේ පරිගණක ක්‍රියා කරවමින් කිවේය.
“මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්,වෙළද මධ්‍යස්ථානයේ සිරවී සිටින සියලුම දෙනාගේ ජිවිත බේරා ගැනීම තමන් සතු වගකීමක් බැවින් විශ්ව පැවසු ලෙසට ඔහුගේ ගිණුමට මුදල් බැර කිරීමට තීරණයක් ගත් බව   ආරක්ෂක කවුන්සලයේ සභාපති දිසානායක මහතා ප්‍රකාශ කළේය.”
“මොකක්ද ඒ පර වෙන්න යන්නේ මගේ ගිණුමට සල්ලි දැම්මම ඒ  මිනිස්සු බේරෙන්නේ කොහොමද ලෝක ප්‍රශ්නයක්  මේක නම් මේ යක්ෂයව හැදුවට වඩා හොදයි....මේක මගේ වරද මං හන්ද දහස් ගානක් ජිවිත අනතුරේ ....”
“විශ්ව කවුන්සිලෙන් ප්‍රකාශයක් කරලා තියනවා තව පැය කාලක් ඇතුලත ඔයාගේ ගිණුමට සල්ලි දානවා කියල..”
“විශ්ව අපිට යාත්‍රා වලට ඇතුල් වෙලා එකේ පද්ධතිය අවුල් කලොත් මේ ප්‍රශ්නේ විසදගන්න පුළුවන් යාත්‍රා ගේ පද්ධතිය වෙනස් කරපු කෙනාවත් අපිට හොයාගන්න පුළුවන් වෙයි.”

“දිනු එක කියන තරම් ලේසි වැඩක් නෙවේ මං ඕක හැදුවේ ලේසියෙන් කාටවත් ඇතුල් වෙන්න බැරි විදියට,එක වැටකින් රින්ගුවොත් ඒ වගේ තව වැටවල් ගණනාවක් තියනවා.ඔකේ ෆයර් වෝල් එකෙන් ඇතුලට යනවා කියන්නේ වංකගිරියකින් යනවා වගේ වැඩක්,..”
“කවුද කිවේ අපි ඇතුලට යනවා කියලා..,යාත්‍රා අපිව ඇතුලට ගනීවි,මේක රටේ තියන හැම ආරක්ෂක කැමරාවකටම,සම්බන්ධ වෙලා තියෙන්නේ ,අපිට කරන්න තියෙන්නේ එක ආරක්ෂක කැමරාවකට සම්බන්ධ පරිගණකයකට ඇතුල් වෙන්න විතරයි.යාත්‍රා ඒ දත්ත ගන්නකොට අපිටත් ඒ එක්කම ඇතුලට ගියහැකි....”

මේ කතාව අතරතුර විශ්වට ඊ මේල් පණිවුඩයක් ලැබුණි.එහි සටහන් වුනේ ඔහුගේ ගිණුමට මුදල් බැරවූ බවයි.
“දිනු ඔයා වැඩේ පටන්ගන්න දැන්ම අපිට වැඩි වෙලාවක් නෑ මං මේ සල්ලි අපහු ආරක්ෂක කවුන්සිලේ ගිණුමට දාන්න ඕන..”
විශ්ව එම මුදල්  කවුනසිලයේ ගිණුමට බැර කිරීමට තැත් කලත් එම උත්සාහය අසාර්ථක විය.පරීක්ෂණාගාරයේ දුරකථනය නාද වෙමින් තිබුණි.විශ්ව එය අතට ගත්තේ ඇමතුම පටිගත කිරීමේ බොත්තම ඔබමිනි.
“පුතා මං කියන දේ හොදට අහගන්න මං දිසානායක අන්කල්,මං සල්ලි ඔයාගේ ගිණුමට දැම්මේ අනිත් හැමෝම දාන්න කියපු හන්ද අනික මං දන්නවා ඔයා මේ දේ කලේ නෑ කියලා .මං දන්නවා ඔයා දැන් ඇත්තේ තාත්තගේ පරණ පරීක්ෂණාගාරෙ කියල එකයි මං කතා කලේ,ආරක්ෂක කවුන්සිලේ ගිණුම තාවකාලිකව ගනුදෙනු අත් හිටෝලා තියෙන්නේ,ඔයා ඔය සල්ලි ටික මගේ ගිණුමට දාන්න මට එතකොට පුළුවන් හැමෝටම ශාක්ෂි එක්කම පෙන්නන්න ඔයා මේ දේ කලේ නෑ කියලා....”
දිසානායක පැවසු දෙය පිලිබදව විශ්වගේ සිතේ සැකයක් ඇතිවුනි.
“නෑ අන්කල් මට මේ වෙලාවේ කාවවත් විශ්වාස නෑ.. ඒ හන්ද ඒ දේ කරන්න බෑ මං මේ ප්‍රශ්නේ විසදගන්නම්...”
“මේ අහගන්නවා විශ්ව ඔහේ ඔය සල්ලි ටික මගේ ගිණුමට දැම්මේ නැත්නම් අර වෙළද මධ්‍යස්ථානේ ඉන්න මිනිස්සු ටික මැරේවි ඒ මැරෙන්නේ ඔහේගේ වරදින් අන්න ඒක මතක තියා ගන්නවා....”
දිසානායක පැවසු දෙයින් විශ්වගේ සැකය තහවුරු විය.  
            “මිත්‍ර ද්‍රෝහියා...”
            “ඇයි බං මොකද සභාපතිය කියන්නේ ඌ ද මේ වැඩේ කරලා තියෙන්නේ ..?”
විශ්ව ඔවුන්ට පටිගත කල ඇමතුම ප්‍රතිවාදනය කර පෙන්නුවේය.
            “අපිට තව ටික වෙලාවයි තියෙන්නේ තව ටික වෙලාවකින් මෙහෙට නිලධාරියෝ ඒවි ..”
“තව ටිකයි විශ්ව මං යාත්‍රා ට ඇතුල් වුනා දැන් එයාගේ සේරමගොනු ටික මං පිටපත් කරනවා, යාත්‍රා තාවකාලිකව අක්‍රිය කිරීමක් කලොත් අපිට අර මිනිස්සුන්ව බේරගන්න පුළුවන් වෙයි,අපි ඉක්මන් කරන්න ඕන විශ්ව තව විනාඩියකින් යාත්‍රා අපි ඇතුල් වෙලා කියල අදුන ගනී ”
“නෑ මෙහෙ දෙන්න ඕක  වෙන කරන්න දෙයක් නෑ අපිට මේක නැත්තටම නැති කරන්න වෙනවා...”
එසේ කියමින් ඔහුගේ නිර්මාණය සදහටම ක්‍රියා විරහිත කලේ කදුලුපිරි දෑසිනි.
            “තාත්තේ මට සමා වෙන්න,..”
“විශ්ව යමන් බං අන්න අරුන් එනවා .”
ආරක්ෂක නිලධාරීන් සමග  සභාපති ද පැමිණෙමින් තිබුණි .විශ්ව දිනුරි සමග දිවගොස් වාහනයට නැගුණි.
            “ඒ සුධීර නැගපන් බං ..”
“මාත් අවොත් අපි තුන් දෙනාම අහු වෙයි බං උබල පලයන් මං මේ ගැන බලාගන්නම් ,කියනදේ අහල පලයන් මං දන්නවා කරන්න ඕන දේ....”
විශ්ව වාහනය රැගෙන ගියේය.පරීක්ෂණාගාරය ඉදිරියෙන් තිබුනේ පටු මාර්ගයකි සුධීර පරීක්ෂණාගාරයේ තිබුන පරණ ට්‍රක් රථයක් ගෙන මාර්ගය අවහිර වන සේ නැවත්වුවේය .
පැය ගණනාවක ගමනකින් පසු දිනුරි ගේ මිත්තනියගේ නිවසට ලග වීමට ඔවුන් දෙදෙනාට හැකි විය.රට පුරාම ඔවුන් දෙදෙනාව සොයන නිසා රාත්‍රිය එහි ගත කිරීමද අනතුරුදායක ක්‍රියාවක් විය .
“මිනිස්සුන්ව නම් බේරගත්ත ඒත් අපේ යාලුවෙක් අපි නිසා වරදකාරයෙක් වෙලා,අපිත් එහෙමයි ,ඇත්ත වැරදි කාරය අද නිදහසේ ඉන්නවා මේක කොහොම හරි අපි හදන්න ඕන.ඔයා යාත්‍රා ගේ තිබුන දත්ත ටික සේරම ගත්ත නේද ”
            “ගත්ත විශ්ව ඔය යාත්‍රා ට උගන්නපු පලවෙනි තැන ඉදල අද වෙනකම් තිබුන සේරම ගත්ත ..”
            “හරි දිසානායක අපි එහෙනම් බලාගමු.....”
පසුදින උදෑසන පුවත් විකාශනය වෙමින් තිබුණි ,දිසානායක කතා කරමින් සිටියේය.
“විශ්ව කරන්න හදපු ලොකු විනාශයක් ඊයේ අපිට නවත්වගන්න පුළුවන් වුනා ,යාත්‍රා අක්‍රිය කරන්න පුළුවන් වුන අපිට ඒ වගේම අපිට පුළුවන් වුනා විශ්වගේ සගය වැ අල්ලගන්න දැන් එයාගෙන් ප්‍රශ්න කරමින් තිබෙනවා ලගදීම අපිට විශ්වව අල්ලගන්න.....”
එක්වරම පුවත් විකාශය නතර වී වෙනත් රුප පෙළක් ධාවනය විය..දිසානායක යාත්‍රා ලගට වී  සිටියේය.ඔහු යාත්‍රා ට වැරදි තොරතුරු ඇතුල් කරන අයුරු හොදින් සටහන් වී තිබුණි.චන්ද්‍රිකාවේ පාලනය වෙනස් කරන අයුරු හා වෙළද මධ්‍යස්ථානයේ පාලනය අතට ගැනීම පිළිබද තොරතුරුද ඒ අතර විය.විනාඩි කිහිපයක් වීඩියෝ පටය විකාශ වීමෙන් පසු විශ්ව පටිගතකරගත් දිසානායකගේ ඇමතුම ධාවනය විය.ඒ වීඩියෝ පටය හැම නාලිකාවකම වගේ ධාවනය වී තිබුණි.පෙය කිහිපයකට පසු සුධිරව නිදහස් කල බවත් විශ්ව හා දිනුරිවද වරදින් නිදහස් කල බවත් ,මුදල් නැවතත් ආරක්ෂක කවුන්සිලයේ ගිණුමට බැර වූ බවත් විකාශය විය..දිසානායකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුණි..
  “විශ්ව දැන් මොකද කරන්න හිතන් ඉන්නේ.. ආයේ වැඩ බාර ගන්නවද..?”
“අපෝ ආයේ නම් බෑ..මට මේ දේ කරලම එපා වුනා මනුස්සයට එහා යන යන්ත්‍ර හදන්න හැදුව ඔය හොදටම ඇති..ඔය මොකද කරන්න ඉන්නේ ..”
“මටත් අලුත් ජිවිතයක් පටන්ගන්න ඕන විශ්ව..”
 

“ඔයා ඒ ගමන මාත් එක්කම යන්න එනවද දිනු.....”
දිනුරිගේ මුහුණේ මද සිනහවක් මතු වුනි.....විශ්ව ඇයගේ අතින් අල්ලා ගත්තේ යලි අත් නොහරින්නටය..

   ඉවරායි....

පරණ එව්වා මෙතනින් බලන්න




Comments
14 Comments
Facebook Comments by Blogger Widgets

14 අදහස්:

  1. කතාව මැක්සා ........

    ReplyDelete
  2. ම්ම් කතාව නම් හරිම ලස්සනයි. කියල වැඩක් නෑ අනේ. පංකාදු පහයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වේවා මධූ

      Delete
  3. පට්ටම පට්ට මචං...
    ඒත් අර මගේ තියන මැටි වැඩේ වගේම උබත් අන්තිම ටිකේ කලබල වෙලා තියෙන පාටක් පේනවා..
    කතාවනං සිරා...

    ReplyDelete
    Replies
    1. අන්තිම ටික ලියද්දි අවුලක් වගේ හිතුන තමා බං

      Delete
  4. Anonymous12/9/12 20:09

    බයත් හිතෙනවා. අනාගතේදි එහෙම වෙන්නත් බැරි කමක් නෑ. මට මතක් වුනේ එස් එම් බන්දුසීල මහත්තයා පරිවර්තනය කරපු “හිතන පතන යන්ත්‍ර“ නවකතාව. ජය...!

    ReplyDelete
    Replies
    1. අනාගතේ මෙහම දවසක් ඒවි

      Delete
  5. පට්ටම කතාව මචෝ....තව තවත් අලුත් අලුත් අදහස් දාල තව කතා ලියපන්...ගූඩ් ලක්.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මීයෝ එල එල උබත් කාලෙකින්

      Delete
  6. Anonymous13/9/12 23:23

    නියමයි! මේක යම්තාක් දුරට වෙනස් කතාවක්නේ,දිගටම අපූරු දේවල් ලියන්න ලැබේවා! ඔබට ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ ජය වේවා ...

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...