Saturday, September 1, 2012

යාත්‍රා 4 කොටස

ඔහුව විශාල උගුලකට හසුවී ඇති බව විශ්වට වැටහී ගියේය.ඔවුන් විනාඩි කිහිපයකට පසු ආරක්ෂක මුලස්ථානයට ලඟා විය.නිලධාරියෙක් විශ්වව ප්‍රශ්න කිරීමේ කුටියට රැගෙන ගියේය.ඔහුව ප්‍රශ්න කිරීම් කිහිපයකට ලක්කළ උපුල් මදකට පිටතට ගියේය.මාර්ග සඥා පද්ධතිය අඩපන කර අනතුරු ඇතිකිරීමගැන උපුල් ඔහුව සැක කරන බවට ප්‍රශ්න කිරීම් වලදී විශ්වට පැහැදිලි වී තිබුණි..
“මේ සේරම කරලා තියෙන්නේ යාත්‍රා කොහොමද මේක කලේ කවුරු හරි යාත්‍රා ට වැරදි උපදෙස් දීල තියනවා.”
උපුල් නැවත පැමිණි විට විශ්ව ඔහුට සියලුම සිදුවීම් අකුරක් නෑර විස්තර කළේය.
“යාත්‍රා කියන්නේ හැම දෙයක්ම තනිවම උගනගන්න යන්ත්‍රයක් උපුල්,අවට පරිසරේ සුදුවෙන සිදුවීම් වලට අනුව ඒකට තනිවම හිතල පියවර ගන්න පුළුවන්,කවුරු හරි යාත්‍රා ට නරක දේවල් ඉගැන්නුවොත් ඒ දේවල් යාත්‍රා කරාවි”
“කවුරු හරි ? කවුරු හරි වෙන්නේ කොහොමද විශ්ව ඒක හැදුවේ ඔයා මිසක් වෙන කවුරුවත් නෙවේනේ කොහොම උනත් ඔබව සිර භාරයට ගන්න සිද්ධ වෙනවා.”
ආරක්ෂක කාර්යාලයේ ඇති සිර කුටියක ඔහුව සිරගත කෙරිණි.පැය 24 කට පෙර ඔහුට රටේ තිබුන තත්වයත් දැන් තිබෙන තත්වයත් ඔහු කල්පනා කළේය.සියල්ලම කණපිට හැරවී ගොස් ඇත.මෙය සිදු කල පුද්ගලයා කවුරුන්ද?යාත්‍රා මේ දේවල් කිරීමට පෙලඹවූ  පුද්ගලයා කවුරුන්දැයි සිතමින් සිටින විට ඔහු නින්දට වැටුණි.
“විශ්ව මහත්මයා නැගිටිනවා, මේ ඔහේගේ මන්දිරේ නෙවේ.ඔහේව හම්බවෙන්න කෙනෙක් ඇවිත්.”
ආරක්ෂක නිලධාරියෙකුගේ ගොරෝසු කටහඩකින් විශ්ව අවදි විය.නිලධාරීන් දෙදෙනෙක් පැමිණ ඔහුව අමුත්තන් හමුවීමේ කාමරයට රැගෙන ගිය අතර දිනුරි අමුත්තන්ගේ කාමරයට වී කඳුළු පිරි දෑසින් ඔහු දෙස බලා සිටියාය.
“විශ්ව මේ මොකද වුනේ..,ඇයි මෙහෙම දෙයක් වුනේ.කවුද මේ දේවල් කලේ විශ්ව,මීඩියා වලින් ඔයාව ත්‍රස්තවාදියෙක් ගානට දාල..”
“අනේ මන්ද දිනුරි හැමෝම හිතන්නේ මාර්ග අනතුරෙන් නැති වුන හැම ජිවිතෙකටම මං වගකියන්න ඕන කියල.මේ හැම දේම කරලා තියෙන්නේ යාත්‍රා මං ඒ ගැන හොයාගත්තේ ඊයේ රෑ මං කවුන්සිලේ ප්‍රධාන පරිගනකෙට ඇතුල් වුනා එත් මාව ලොකු උගුලකට අහු වුනේ ඒකට ඇතුල් වෙලා ”
තම වාහනයට සිදුවූ දෙයත් ජංගම දුරකතනයට සිදුවූ දෙයත් සියල්ලම විශ්ව දිනුරිට කිවේය.
            “ඔයා වරදක් කරලා නෑනේ විශ්ව ඔයාට මේකෙන් ගැලවෙන්න පුළුවන්.”
“මං දැන් යන්නම් විශ්ව ඔයා පරෙස්සමින් ඉන්න.”
දිනුරි සිටියේ වාවන්නට බැරි තරම් දුකිනි.විශ්ව නැවතත් ඔහුට හිමිවී තිබුන කුටියට ගියේය.
                                                            උපුල් විශ්ව සිටි කුටිය වෙත පැමිණියේය පැමිණි විගස ඔහු එහි තිබුන ආරක්ෂක කැමරාව විසන්ධි කළේය.
“විශ්ව මට ඔයාව විශ්වාස කරන්න වෙනවා එදා රෑ ඔයාගේ වාහනේට වෙච්ච දේම අද මටත් වුනා. මාර්ග සඥා දෝෂයත් එක්කම වාහන වලත් ඇති වෙන දෝෂ නිසා තමයි එදා අර අනතුරු වෙලා තියෙන්නේ.එත් මට හිතාගන්න බැරි ඇයි අපේ පරිගණක වලින් විශ්ව ඇතුල් වුනා කියල පෙන්නන්නේ කියල.
“එකට හේතු දෙකක් තියනවා උපුල් ,පලවෙනි එක තමයි යාත්‍රා නවත්තන්න පුළුවන් මට විතරයි ඒ හන්ද මාව මේකෙන් ඈත් කරලා තියන්න යාත්‍රා මාව මේකට අහු කරා ,දෙවෙනි එක තමයි එදා ඇත්තටම මං කවුන්සිලේ ප්‍රධාන පරිගණකෙට ඇතුල් වුනා එත් ඇතුල් වුනේ මේක කලේ කවුද කියල හොයාගන්න ඕන හන්ද ,”

“හ්ම්ම් මට දැන් තේරෙනවා,විශ්වව උගුලකට අහු වෙලා තියෙන්නේ..ඒත් යාත්‍රා කවුද වෙනස් කලේ කියන එක ප්‍රශ්නයක් .යාත්‍රා ලොකු විනාශයක් කරන්න කලින් අපි නවත්වන්න ඕන ,එක කරන්න පුළුවන් විශ්වට විතරයි මං ඒකට උදවු කරන්නම් හැබැයි නීතිමය විදියට නෙවේ විශ්ව නීතියෙන් වැරදි කාරයෙක් විශ්ව මෙතනින් පැනල යන්න .”
උපුල් කි දෙයින් විශ්ව අන්දමන්ද වී ගියත් වෙන කිරීමට දෙයක් නැති බව වැටහී ගියේය.
“හරි මං එකගයි, ඒත් කොහොමද ?.”
මගේ තුවක්කුව ගන්න”
මද වෙලාවකට පසු විශ්වගේ රැදවුම් කුටියෙන් විශ්ව පැමිණියේ උපුල්ගේ ගෙලට තුවක්කුව දික් කරගෙනය .
“මට යන්න දුන් නැත්නම් ඔහෙලගෙ ලොක්කට වෙන්නේ හොද දෙයක්නම් නෙවේ..”
එසේ කියමින් විශ්ව උපුලුත් සමග පිටතට පැමිණ උපුල්ගේ රථයට ගොඩවුනි.උපුල් රහස් අංකය ඇතුල් කල පසු වාහනය ගමන් ඇරඹුවේය.
“ඔහොමම යමු විශ්ව තව ටික දුරක් ගිහින් දකුණට හැරෙන්න එතන කැලෑ පාරක් තියනවා එතන කැමරා මුකුත් හයි කරලා නෑ එතනින් ඔයා බැහැල යන්න.විශ්වගේ ෆෝන් එක අරන් යන්න..ඒක කැබියේ දල ඇති විශ්වට යන්න වාහනෙකුත් එතන තියනවා මං දිනුරිට කිව එතැනට එන්න කියල ”
පාලු පාරකට හැරී මද දුරක් ඔවුහු ගමන් කළහ.දිනුරිගේ වාහනය තිබෙනවා දුටු විශ්ව එතනින් නතර කර උපුල්ගේ රථයෙන් බැස්සේය.
            “බොහොම ස්තුතියි උපුල්..,”
“ඒක ප්‍රශ්නයක් නෑ අපි මේ යාත්‍රා පිටිපස්සේ කවුද ඉන්නේ කියල හොයාගන්න ඕන..,එහෙමනම් මං දැන් යන්නම් දැන් කට්ටිය අපේ පස්සෙන් ඇවිල්ලත් ඇති ..”
උපුල් රථය පන ගන්වාගෙන ප්‍රධාන මාර්ගය දෙසට ගමන් අරබුවේය ඔහුට යාගත හැකි වුයේ ටික දුරකි.එක වරම වේගය වැඩිවූ  උපුල්ගේ වාහනය මහා ශබ්දයක් නගමින් ගොස් ගසක හැපුනේය.
විශ්ව දිනුරිත් සමග එතනට දිව ගියේය.උපුල්ගේ  හිසෙන් අධිකව ලේ ගලමින් තිබුණි.
“විශ්ව මෙතනින් යන්න දැන් මෙතනට නිලධාරියෝ ටික එයි,ඔයා පැනගන්න වාහනේ ස්වයංක්‍රිය ධාවනෙට දාන්න  එපා මෙතනින් පැනගන්න..”
උපුල් කතා කලේ අමාරුවෙනි සයිරන් හඬ ඇසෙමින් තිබුනේ ළඟමය විශ්ව දිනුරිවත් ඇදගෙන ගොස් වාහනයට නැගුනේය.
“මං හදල තියෙන්නේ යක්ෂයෙක්ව දිනු....”  


  
 මතු සම්බන්ධයි ....

කලින් කොටස් ටික මෙතනින්    
    
Comments
6 Comments
Facebook Comments by Blogger Widgets

6 අදහස්:

  1. කුතුහලය අවුස්සන සුළුයි. කතාව නියමයි. ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති නේ.....ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එකත් ලියලම බලමු

      Delete
  2. ලියපන් ලියපන්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා කාලෙකින් මේ පැත්තේ ඇවිල්ල

      Delete
  3. Anonymous2/9/12 21:22

    නිදහසේ කියෙව්වා ඔන්න සහෝ..
    නියමයි..ඔහොම ලියාගෙන යමු.
    තව කොටස් කොච්චර තියනවද හ්ම්ම්??
    ඉක්මනට ලියන්න මට අමතක වෙන ලෙඩේ තියනෝ :)

    ReplyDelete
    Replies
    1. හරි හරි හලෝ මොකෝ හදිසි ඉක්මනටම දෙන්නම්

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...