Friday, August 10, 2012

ඇහැද?? කණ(න) ද??

අපේ ඇහැයි කණයි තියන තැන් මාරු වුනොත් අපි මොන වගේ ඉදීවිද .අනේ මන්ද නේද?පිටසක්වලයෙක් වගේ ඉදී. බොහොම පරික්ෂා කාරීව වැඩ කරන අපේ රටේ සිද්ද වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ. තව මේ වගේ සිද්ධි ලංකාව පුර ඕන තරම් වෙනවා ඇති .මේක ගම්පහට ලග පලාතක වෙච්චි දෙයක් හරියටම කියනවා නම් වෙදික්කරය ඉන්න කැලෑව පැත්තේ ඊටත් ටිකක් එහායින් තමයි වෙලා තියෙනේ.ඒ පැත්තේ තියනවලු ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් තිබුනලු.තවමත් තියනවලු.
අපි ඉතින් දුප්පත් හන්ද පොඩි පොඩි අසනීප වලට ඉස්පිරිතාලෙට දුවලා බේතක් ගන්න උදවියනේ .ඔන්න දැන් මේ පැත්තේ මනුස්සයෙක් උන්නලු අපි එයාට කියමුකෝ සිරිපාල කියලා .ඒ නම හරි නැත්නම් දාගන්නකෝ කැමති නමක් හොදේ.දැන් ඔන්න මේ මනුස්සයට එකමට් එක දවසක හැදුනලු ඇහේ අමාරුවක්.ඇහැ රතු වෙලා දැන් ගියාලු ලගම තියන ඉස්පිරිතාලෙට ඒ කිවේ මම අර මුලින් කියපු ඉස්පිරිතාලෙට. දොස්තර මහත්තය ඉතින් මේ මනුස්සයව පරික්ෂා කලාලු.ඊට පස්සේ ඉතින් වෙනද විදියටම බේත් තුණ්ඩුවත් ලිවුවලු.


මේ මනුස්සය ඒකත් අරන් ගියාලු අර බේත් දෙන තැනට එතන වෙනද බේත් දෙන කෙනා උන්නේ නැති හන්ද ඒ ඉස්පිරිතලේම වේද කරන වෙන කෙනෙක් ඇවිත් බේත දුන්නලු ඒක ඇහැට දාන මෙව්වා එකක්ලු (eye drop කියන්නේ ).


සිරිපාල ඉතින් ගෙදර ගිහින් බේත දැම්මලු ඇහැට දැම්මට පස්සේ පට්ටෙට රිදුනලු ඇහැ ගොරක මදේ  වගේ ඉදිමිලාලු.


හරියට පේන්නෙත් නැහැලු .වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුන වගේ දෙයක්නේ ඉතින් .මේ මනුස්සය මේ ඉදිමුන ඇහැත් වහගෙන ගියාලු ආයෙත් ඉස්පිරිතාලෙට.දොස්තර මහත්තයට පෙන්නුවලු බේත.ද්බෙතයි ඇහැයි දැක්ක විතරයි ඩොකා ඔලුවේ අත ගහ ගත්තලු.දොස්තර ලියපු බේත නෙවෙයි දීල තියෙන්නේ.මේ මිනිහට දීල තියෙන්නේ කණට දාන බේතක්ලු.දොස්තර කියල තව එක පාරක්‌ හරි ඒ බේත ඇහැට දැම්ම නම් ඒ ඇහෙන් වැඩක් නැති වෙනවා කියල.
කරුමෙකට හරි තව පාරක් හරි දැම්ම නම් මොකද වෙන්නේ.??එහෙම අනතුරක් වුනාට පස්සේ වැරදි හොයල වැඩකුත් නෑනේ. eye drop වෙනුවට ear drop?????. 



ඔහොම බේතක් පොඩි ළමයෙක්ට වගේ මාරු වෙලා ගියා නම් එහෙම මොකද වෙන්නේ.කවුද මේවට වග කියන්නේ.??.අනිත් එක බේතක් දෙනකොට ඒ දෙන කෙනා ප්‍රවේසම් වෙන්න ඕන තමුන්ගේ වරදින් වෙන අහිංසක මනුස්සයෙක්ට හානියක් වෙන්න පුළුවන් කියල දැනං ඉන්න ඕන. විතරක් නෙවේ ගන්න කෙනත් ගොඩක් ඒ ගැන බලන්න ඕන.සමහර විට එක අකුරක්‌ වැරදුනොත් ඒ හන්ද තවත් කෙනෙක්ගේ ජීවිතේම වැරදෙන්න පුළුවන්.අපි උනත් කවුරු හරි බේතක් දුන්න පලියට බොන එක නැත්නම් දාන එක හරිද??  
මේක  ඔප දුපයක්‌ කියල දැම්මට ටිකක් හිතල බලන්න මේ වගේ දේවල් ඕන තරම් වෙනවා ඇති වැරද්දක් කරන්නේහිතල නොවෙන්න පුළුවන් එත් ඒ වැරැද්දේ ප්‍රතිපලේ..........
Comments
8 Comments
Facebook Comments by Blogger Widgets

8 අදහස්:

  1. Anonymous10/8/12 17:13

    සිරාවට ඇත්ත කතාව මේවගේ දේවල් ඕනෑතරම් වෙන්න පුළුවන් ....

    ReplyDelete
  2. ඇත්ත තමයි ඒකනම්.මේ වගේ දේවල් ඕනෑ තරම් වෙනන් පුලුවන් නෙමෙයි ඕන තරම් වෙනවා..

    ReplyDelete
  3. මොකක්ද මේ කැලෑවක කතාව?

    ReplyDelete
    Replies
    1. උබේ කැලෑවට ටිකක් එහායින් තියන කැලෑවකින් තමයි ඕක ආරංචි වුනේ

      Delete
  4. සුළු අතපසු වීමකිං සොරි තමා ඉතිං..

    ReplyDelete
  5. මොනා හරි වුනාට පස්සේ කාටවත් දඬුවම් කලාට වැරැද්ද වුන මනුස්සයට වැඩක් නෑ.

    ReplyDelete
  6. Anonymous11/8/12 07:20

    අනේ අම්මේ...අර පින්තුරේ දිහා බලල ඔක්කොටම වඩා අමුතුයි අප්පා..කොහොම උනත් හොඳ පණිවිඩයක්!

    ReplyDelete
  7. Anonymous11/8/12 07:21

    අනේ අම්මේ...අර පින්තුරේ දිහා බලල ඔක්කොටම වඩා අමුතුයි අප්පා..කොහොම උනත් හොඳ පණිවිඩයක්!

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...