Monday, August 27, 2012

යාත්‍රා 3


විශ්ව ඔහු සිටි  තැනින් නැගිට්ටේය.සිය වාහනය වෙත ගිය ඔහු තම පරීක්ෂණාගාරය වෙත ගමන ආරම්භ කළේය.වහනය ස්වයංක්‍රීය ධාවනයට යෙදවූ ඔහු ජංගම දුරකථනය අතට ගෙන කෙටිපනිවිඩය පිලිබදව කල්පනා කළේය.
                “කවුද මේ වගේ වැඩක් කරන්න ඉන්නේ .....”
ඔහුට යන මගෙහි යම් වෙනසක් පෙනුනි.රථය ගමන් කරමින් තිබුනේ වෙනදා යන මගෙහි නොවිය.ඔහු නැවත මාර්ගය සකස් කිරීමට තැත් කලත් එය සාර්ථක නොවිය.වාහනය ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලය ලග නතර විය.යාත්‍රා හි ප්‍රධාන පරිගණකය පිහිටුවා තිබුනේ මෙම ගොඩනැගිල්ලෙහිය. ආරක්ෂක කවුන්සිලයේ රාත්‍රී සේවයේ යෙදෙන ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වාහනය දැක එය දෙසට ආවෝය.රියදුරු අසුන දෙස බැලු එක නිලධාරියෙක් විශ්වව හදුනාගත්තේය.

“සර් මොකද මේ වෙලාවේ,සර්ට මොකක් හරි කරදරයක්ද ?”
“නෑ නෑ එහෙම මොකුත් නෑ.. වාහනේ නැවිගේටර් එකේ පොඩි ප්‍රශ්නයක්...”
“සර්ට උදවුවක් ඕනද, රෑ වැඩ  කරන කාර්මිකයෝ 5දෙනෙක් ඉන්නවා ඇතුලේ මං එක්කෙනෙක් අඩගහන් එන්නම් සර්ට ඕනනම්.”
“නෑ,අවශ්‍ය නෑ බොහොම ස්තුතියි..මං හදිසි වැඩකට යන ගමන් උන්නේ, ආයේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ.මං ගිහින් එන්නම් සුභ රාත්‍රියක්...!”
“හරි සර් ,සුභ රාත්‍රියක්..”
වාහනයේ ස්වයංක්‍රිය ධාවනය අක්‍රිය කල ඔහු නැවතත් තම පරීක්ෂණාගාරය වෙත ගමන් ආරම්භ කළේය. තම පරික්ෂනාගරයට පැමිණි විශ්ව වාහනයේ ඇතිවූ තත්වයත් තමන්ට පැමිණි කෙටි පණිවුඩ අතරත් යම් සම්බන්ධයක් ඇත්දැයි කල්පනා කෙරුවේය.ඔහු තම පුද්ගලික පරිගණකය පනගන්වා උපැස් යුවල පැලදියේය.දුරකථන ක්‍රියාත්මක වුයේ චන්ද්‍රිකා තාක්ෂණයෙනි.එම නිසා ඔහුගේ දුරකථනය හා සම්බන්ධ වී තිබුන චන්ද්‍රිකාවේ පරිගණකයට ඇතුල් වීමට ඔහු තීරණය කළේය.මද වෙලාවකින් පසු එම පරිගණකයේ තොරතුරු ගබඩාවට ඇතුල් වීමට ඔහුට හැකි විය.ඔහුට පැමිණි සියලු පණිවිඩ හා ඇමතුම් පිළිබද තොරතුරු එහි සටහන් වී තිබුණි.පණිවිඩය එවූ ස්ථානය පිළිබදවද දැනගැනීමේ හැකියාව ඒ මගින් සලසා දී තිබුණි.තමන් සමග සෙල්ලම් කරන උන්මන්තකයා කවුදැයි සොයා ගැනීම සදහා ඔහු එම ගොනුවට ඇතුල් වූ විට ගොනුව මකා දමා ඇති බව තිරයේ දිස් විය ඔහු ලබා ගත් කිසිදු ඇමතුමක් හෝ පණිවිඩයක් පිලිබදව එම ගිණුමේ නොතිබුණි.සියල්ල මක දමා ඇත.කවුරුන් හෝ තමුන්ට පෙර තම ගිණුමට ඇතුල් වී ඇති බව ඔහුට වැටහුණි.
“කවුරු උනත් දක්ෂයෙක් වෙන්න ඕන,කොහොම හරි මේ මනුස්සයව අල්ලගන්න ඕන..”
මෙසේ සිතමින් සිටින විට ඔහුගේ රථයට සිදුවූ දෙය හා පණිවිඩය අතර සම්බන්ධයක් තිබේ නම්,ඔහුට රථයේ පරිගණකයට ඇතුල් වී එය සොයාගත හැකි වේවි යයි ඔහුගේ කල්පනාවට ආවේය.දෙවරක් නොසිතාම ඔහු මෝටර් රථයේ පරිගණකයට ඇතුල් වුනි.මිට පැය කිහිපයකට පෙර වාහනයේ පරිගණකයට යමෙක් ඇතුල් වී ඇති බවත් එමගින් වාහනයේ ස්වයංක්‍රිය ධාවනයට අදාළ දත්ත විකෘති කර ඇති බවත් පෙනී ගියේය.ඔහු ඒ හරහා ඔහුගේ වාහනයේ දත්ත විකෘති කල පරිගනකයේ අයි.පී ගොනුව සොයාගත්තේය.
            “හරි ,දැන් බලමු මාත් එක්ක සෙල්ලම් දාපු එකා කවුද කියල..”
විශ්වගේ මුහුණේ මද සිනහවක් සටහන් විය.එහෙත් ඇතුල් වූ පරිගණකය තිබෙන ස්ථානය තිරයේ දිස්වූ විට ඔහුගේ මුහුණ අදුරු විය.
“ජාතික ආරක්ෂක කවුන්සිලය ,ශ්‍රී ලංකාව” යනුවෙන් පරිගණකය අයත් ලිපිනය සටහන් වී තිබුණි.ඇතුල් වීම සිදු කර තිබුනේ ආරක්ෂක කවුන්සිලයේ තිබුන සර්වර් යන්ත්‍රයක් හරහාය.සිදු වී තිබුන දේ විශ්වාස කල නොහැකි වු නිසා විශ්ව නැවතත් අයි.පි ගොනුව හා ලිපිනය සෙවීමේ ක්‍රියාව ක්‍රියාත්මක කලද ලැබුන ප්‍රතිපලය වෙනස් නොවිය.යාත්‍රා පණගැන්වීමට පෙර රාත්‍රී කාලයේ කවුන්සිලයේ පරිගණක අංශයේ සේවකයෝ වැඩ කලද,යාත්‍රා පණගැන්වූ පසු එසේ වැඩ කිරීමට අවශ්‍ය නොවුයේ යාත්‍රා මගින් සියලු කටයුතු පාලනය කල හෙයිනි.
“මේ මොකක්ද මේ මෙහෙම වෙන්නේ කොහොමද ....?”
නීති විරෝධී කටයුත්තක් වුවද ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන පරිගණකයට ඇතුල්වී සිදුවී ඇත්තේ කුමක්දැයි නිශ්චිතවම දැනගැනීමට ඔහුට අවශ්‍ය විය.ඔහු ඔහු එයට ඇතුල් වුයේය .තමන් විසින්ම නිර්මාණය කල ආරක්ෂක පද්ධතිය තුලින් රිංගා ඔහු ප්‍රධාන සර්වරයට ඇතුල් විය.
“මොකක් මේක වෙන්න බෑ, ‘යාත්‍රා’ මේ දේ කරලා තියෙන්නේ යාත්‍රා,එත් ඇයි..”
සියලු දේවල් නිවා දැමු විශ්ව සිදුවූ දේ ගැන කල්පනා කළේය.මාර්ග තදබදයේ සිට හැම දේටම හේතුව යාත්‍රා යයි කීමට ප්‍රමාණවත් තරම් සාධක ප්‍රධාන සර්වරයේ සටහන් වී තිබුණි.වෙලාව පාන්දර 2.00 ට පමණ විය.විශ්ව ට සිදුවූ දේවල් සිතාගත නොහැකිව එහා මෙහා ඇවිදිමින් සිටියේය.පරීක්ෂණාගාරයේ දොරටුව වෙත කවුරුන්හෝ පැමිණ ඇති බව දක්වන සීනුව නාද විය.පරීක්ෂණාගාරයේ දොරටුව අසල ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීන් කිහිප දෙනෙක් සිටියහ.
            කුමක් හෝ දෙයක් සිදුවී ඇති  බව ඔහු දැන සිටියේය ඒ කුමක් විය හැකිදැයි සිතමින්ඔහු දොරටුව ඇරියේය.එහි සිටියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී උපුල් මහතා සහ තවත් 3 දෙනෙකි.
            “මගේ පරික්ෂනාගාරයට පිළිගන්නවා..,මහත්වරුනි මගෙන් මොනවද ඔබට කෙරෙන්න ඕනා.?”
“මහාචාර්ය රණවීර ඔබව අත්අඩංගුවට ගන්නවා  අනවසරයෙන් පරිගණක වලට ඇතුල්වීම හා ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රශ්න ඇතිකිරීම සම්බන්ධව ”
       
---------------මතු සම්බන්ධයි -------------


පලවෙනි කොටස
දෙවෙනි කොටස 
Comments
8 Comments
Facebook Comments by Blogger Widgets

8 අදහස්:

  1. කතාව නම් ගොඩක් ලස්සනයි. මේකට දුක හිතෙන නැති අවසානයක් තිබුනොත් හොඳයි. ඉක්මනටම ඊළඟ කොටසත් දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතී....ලගදීම දාන්නම්කො

      Delete
  2. ගොඩක් ලස්සනයි .....

    ReplyDelete
  3. පට්ට පට පට....
    එල ඈ.....

    ReplyDelete
  4. මදැයි කොලා ඉතින් ...

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...