Thursday, August 16, 2012

යාත්‍රා -1 කොටස


ඒ 2021 වසරේ මැද භාගයයි.මිනිසාගේ සියලු කටයුතු නව තාක්ෂණයට භාර වී තිබුණි.උදේ අවදි වූ මොහොතේ පටන් තම කටයුතු පහසු කරගැනීම සදහාද,නින්දට යන තෙක්ද, නින්දේදී මනස පාලනය කිරීම සදහාද පරිගණක තාක්ෂණය යොදා ගැනුනි.පසුගිය වසර දහය තුලදී තාක්ෂනය කොතරම් දියුණු වුවේද යත් පරිගණකයේ සියලු කටයුතු රැහැන් රහිත තාක්ෂනය මගින් සිදු වූ අතර පුද්ගලික පරිගණක වලට තිරයක් තිබුනේ නැත.තිබුනේ උපැස් යුවලක් වැනි උපාංගයකි.තම සාක්කුවේ ඇති කුඩා මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක කර උපැස් යුවල පැළදු විට පරිගණක තිරය ඒ ඔස්සේ දර්ශනය විය දත්ත ඒ තුලට ඇතුල් කිරිමට හා වෙනස්කම් කිරීමට අවශ්‍ය වුයේ සිතුවිලි පමණි.වාහනයක් පණගැන්වීමට යතුර වන්නේ අයිතිකරුගේ අගිලි සලකුණ හා ඔහු සතු රේඩියෝ ටැගයකි  වසර ගණනකට පෙර මෙන් ආරක්ෂාව පිළිබද ගැටළුද මතු නොවුනි.ආරක්ෂාව පිළිබද කටයුතුද පරිගණකකරණය වී තිබුණි.කිසිවෙකුටවත් හැදුනුම්පත් නොවීය.ඒ වෙනුවට ඇත්තේ ඔවුන්ගේ සිරුරට සම්බන්ධ කල රේඩියෝ ටැගයකි.එහි එම පුද්ගලයාගේ ලේ වර්ගය,පවුලේ තොරතුරු පවා සදහන් විය.සොරකම් ද සිදු වුයේ ඉතා අඩුවෙනි.මිනි මැරුම් සිදු නොවූ තරම්ය.සාමකාමිව සියලු දෙනා ජිවත් වුනි.මාර්ග සංඥා පවා ක්‍රියාත්මක වුයේ පරිගණක මගින් වන අතර  මාර්ග අනතුරුද සිදු නොවුනි. මිනිස් මොලය හා පරිගණකය අතර සෘජුවම සම්බන්දකම් පැවැත්විය හැකි ආකාරයේ උපකරණයක් නිර්මාණය කිරීමට පුරෝගාමිත්වය ගත්තේ මහාචාර්ය එස්.රණවීර ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමයි.ඔහුගේ පුතා වන මහාචාර්ය විශ්ව රණවීර ට කණ්ඩායමේ දෙවන තැන හිමිවී තිබුණි.  

තම කාර්යාලයේ කවුළුව අසලට ආ විශ්ව ඉන් පිටත බැලුවේය.වෙලාව සවස 5.00 ට පමණ විය.නගරයේ වීදි ජනයන්ගෙන් පිරි තිබුණි තම රාජකාරි අවසන් වී නිවෙස් බලා යන ජනයා ඒ අතර විය.විශ්ව ද  වෙනදාට මේ වෙලාවට නිවාස බලා යන මුත් හෙට ඔහුගේ ජිවිතයේ විශේෂ දිනයක් වූ බැවින් අද දවසේ විශාල වැඩ රාජකාරි තොගයක් ඔහු හට පැවරී තිබුණි.මිට වසර ගණනාවකට පෙර තම පියා විසින් නිර්මාණය කල තාක්ෂනය වැඩි දියුණු කර ආරක්ෂක කවුන්සිලයට ලබාදීමේ වගකීම විශ්වට පැවරුනේය.රටේ තිබුන සියලු යටිතල පහසුකම් හා අනෙකුත් කටයුතු පාලනය වුයේ මෙම කවුන්සිලය පරිගණක මගිනි.වසර ගණනක මහන්සියේ ප්‍රතිපලයක් ලෙස. මිනිසාට සමානව සිතීමට හැකි පරිගණකයක් නිර්මාණය කිරීමට ඔහුට හැකි විය.ඒ සදහා පරීක්ෂණයක් ලෙස යොදා ගත්තේ මියෙකුගේ මොලයෙන් ලබා ගත් ස්නායු ෛසලයි.ඔහු සිටියේ අප්‍රමාණ සතුටකිනි.එහෙත් තමුන් නිර්මාණය කල යන්ත්‍රය තමුන්ට එරෙහිව පිඹුරුපත් සකස්කරමින් සිටින බව ඔහු නොසිතුවේය.
“අපි මේ පරිගණකය හදුන්වන්නේ යාත්‍රා කියල.ඇත්තටම මේක පරිගණක ලෝකේ ඉදිරි පිම්මක්.මේ පරිගනකයේ තියෙන්නේ කෘතීම බුද්ධියක්.මේක පරිගණක තාක්ෂනයෙයි ජීව විද්යාවෙයි සංයෝජනයක්.යාත්‍රා ට පුළුවන් යම් යම් දේවල් තනියම ඉගනගන්න.යම් තත්වයන් අනුව හැඩ ගැහෙන්න පුළුවන් එකට අවශ්‍ය  ක්‍රමලේඛයන් එයම සකස් කරගන්නවා.හරියට මිනිස් මොලයක් වගේ.....”
තමන් දවල් වරුවේ මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය රුපවාහිනියේ කල ප්‍රකාශය රුපවාහිනියේ ප්‍රචාරය වෙමින් තිබුණි.කවුලුව අසලට වී  ඉර බසින හැටි බලමින් ඔහු කල්පනා කළේය.
“තාත්තා උන්න නම අද කොයි තරම් සන්තෝෂ වෙයිද?,එයාටත් ඕන වුනේ මේ වගේ යන්ත්‍රයක්................”
විශ්වගේ පියා මිට මාස 6 කට පමණ පෙර හදිසි හෘදයාබාධයක් නිසා ඔහුව හැර ගියේය.විශ්ව ඒ පිලිබදව සිටියේ දැඩි කණස්සල්ලෙනි.
පියා ගැන සිතමින් කල්පනා කර කර සිටින විට කටහඬකින් ඔහුගේ කල්පනා ලෝකය බිද වැටුණි.
“ඔයා තාම වැඩද?..”
ඒ දිනුරිගේ කටහඬයි.ඇය ආයතනයේ ප්‍රධාන පරිගණක ඉන්ජිනේරුවරියයි.කුඩා කල සිටම මිතුරියක වූ ඇයවද වසර කීපයකට පෙර ව්‍යාපෘතියට එක කර ගැනීමට විශ්වට හැකි විය.
            “ඔවු දිනු තව පොඩි වැඩයි තියෙන්නේ..තව විනාඩි දහයක් වගේ යයි....”
“රණවීර අන්කල් හිටිය නම් අද ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි .මට මතකයි ඉස්සර
 එයා කියනවා ,මගේ පුතා කවද හරි මම කරපු වැඩේ දිගටම කරන යයි කියල විශ්වාසයි කියල.”
“එයා ගැන තමයි දිනූ මං මේ හිත හිත උන්නේ.. මේ වැඩසටහනේ පොඩි වැරදි වගයක් තිබුන දිනූ.මං දැන් ඒවා හරිගස්සුව.හෙට අපිට ගොඩක් වැදගත් දවසක් වෙයි.

දිනුරිත් සමග මෝටර් රථයට නැගුන විශ්ව එහි තිරය මත යා යුතු ගමන් මාර්ගය සටහන් කළේය.දිනපතා ඇයව තම වාහනයෙන් ගෙදර ඇරලිම ඔහුගේ පුරුද්දක් විය.පැය කිහිපයක ගමනකින් පසු විශ්ව තම නිවසට ලගා විය.වෙනදාට වඩා මහන්සි වූ නිසා ඔහුට තෙහෙට්ටුවක් දැනුනි.පියාගේ මරණයෙන් පසු විශ්ව නිවසේ තනි විය තනිකම මකා ගැනීමට උදවු වුයේ රාක්ක කිහිපයක් පුරවා තිබූ පොත්පත්ය.පැය කිහිපයක් පොත් රාක්කයේ තිබුණු පොතපත සමග තනිවිමෙන් පසු තම රාත්‍රී ආහාරය ගත් විශ්ව නින්දට ගියේය.
            ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන ශාලාව මාධ්‍යවේදීන් ප්‍රභූවරුන් හා ජනයාගෙන් පිරි තිබුණි.විශ්ව එහි ලගා වන විට ආරාධිත අමුත්තන් සියලු දෙනාම එහි ලගාවී තිබුණි.
“මේ වෙනුවෙන් අවුරුදු ගානක් මහන්සි වෙලා වැඩකරපු  විශ්ව රණවීර මහාචාර්ය තුමාට මේකේ සම්පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕන ..,ඔහුගේ පියා වගේම ඔහුත් අපේ තාක්ෂනය දියුණු කරන්න අප්‍රමාණව මහන්සි වෙලා තියනවා.....”
ආරක්ෂක කවුන්සිලයේ සභාපති තුමාගේ කතාවෙන් පසුව.සභාපති තුමන් විසින් යාත්‍රා ක්‍රියාත්මක කරවීමේ අවස්ථාව එලබුනි.සියල්ලන්ගේ අත්පොලොසන් නාද හා සතුටු සිනා මැද විශ්වගේ අද්විතීය නිර්මාණය පණ ලැබුවේය.
විශ්ව දිනුරි සමග කතා කරමින් සිටියේය.කුඩා කල සිටම තම මිතුරියක වූ ඇය සමග කතා කරන විට ඔහුට වෙලාව ගතවෙනවා නොතේරුනි.විශ්ව දිනුරි ගැන සිතන්නට පටන්ගත්තේ කවදා සිටද යැයි ඔහුට මතකයක් තිබුනේ නැත.ඇය ගැන තම සිතේ ඇති අදහස ප්‍රකාශ කිරීමට බිය වුවේය.ඔහුට යහළුකමත් ආදරයත් දෙකම නැති වේයැයි බියක් ඇතිවී තිබුණි.
“දිනුරි මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියනවා”
“කියන්න විශ්ව ..”
විශ්වගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආ බව දක්වමින් නාද විය..
“සොරි දිනූ මට විනාඩියක් දෙන්නකෝ ...”
ජංගම දුරකථනයේ සදහන් වී තිබූ දෙයින් විශ්ව අන්දමන්ද විය.
“සුදානම් වී සිටින්න”
පණිවිඩය එවූ අංකයක් සදහන් නොවිය.                                                                                       

-ඉතුරුටික  පස්සේ බලමුකෝ-








  
Comments
14 Comments
Facebook Comments by Blogger Widgets

14 අදහස්:

  1. ඉකමනට ඉතුරු ටිකත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. අඩෝ මං අමිලය චොකෝ...උඹට කැලේදී සුදු අක්කෙක්වත් හම්බුනාද උබේ භාෂාව ඔය තරම් ශිෂ්ඨ වෙන්න

      Delete
  2. ඉතුරු ටික ඇවසියි ඉක්මනිං......

    ReplyDelete
    Replies
    1. ලියපු ගමන් දානවා

      Delete
  3. වෙනසක්..!
    ඉතිරියත් කියවන්න බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. ලගදීම (තව දින දෙක තුනකින් :)
      )

      Delete
  4. ගොඩක්ම ලස්සනයි. ඇත්තටම වෙනස්. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්නම්කො....

      Delete
  5. Anonymous18/8/12 00:17

    අංකයක් නැහැ??

    ReplyDelete
    Replies
    1. නැහැ නේන්නම් ඉතුරු ටික දැම්මම බලන්නකෝ

      Delete
  6. ලස්සනයි....

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...