Tuesday, July 31, 2012

බල්ලොත් නොකන සල්ලි යුද්ධ කරන්න වියදම් කරන හැටි

මෙම පොස්ටුව එලකිරියෙන් ගත් පොස්ටුවක් බවත් මෙම විෂයට ඇති මල පෙරේත කම නිසා බ්ලොගියේ දමන බවත් කරුණාවෙන් සලකන්න

ලෝක ඉතිහාසය තුල මෙතෙක් යුධ සහ ආරක්ෂක වියදම් සදහා ලොව වැඩිම මුදලක් වැයකරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ආණ්ඩුව බවට අපි හැමෝම දන්නවා,, අධි තාක්ෂණික යුධ උපකරණ නිෂ්පාදනය කිරීම සදහා මොවුන් තරම් මුදල් වැය කරන ජාතියක් ලොව තවත් නොමැත..නමුත් මේ වියදම් කරන මුදල කොපමණද,වියදම් කරන්නේ කුමක් සදහාද කියා ගොඩදෙනෙක් දන්නේනැහැ..
2010 වසරේදී පමණක් ඇමෙරිකානු අයවැයෙන් ආරක්ෂක අමාත්‍යංශය සදහා වෙන්කෙරුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 500ක් වනවා (කෝටි 5000)(මෙය මගේ නිගමනයට අනුව බව කරුණාවෙන් සලකන්ඩ ගණනයකිරීම වැරදිනම් නිවැරදි කරන්ඩ) ..මීට අමතරව ඇමෙරිකානු ලෝක වෙළදමද්‍යස්ථානයට එල්ලවු ප්‍රහාරෙන් පසුව දියත්වුන තස්ත්‍රවාදයට එරහි යුද්දයට ඇමෙරිකානු ඩොලර් බිලියන 132ද අමතර යුධ වියදම් සදහා තවත් බිලියන 32ද වෙනකොට තිබෙනවා ............

අද මම ඔයාලට පෙන්වන්න යන්නේ එතෙක් මෙතෙක් ඇමෙරිකානු යුධ ඉතිහාසය තුල ඔවුන්වැඩිම වියදමක්දරා නිෂ්පාදනය කල යුධ උපකරණ දහයයි.මෙයට ගුවන් යානා 7ක්,යුධටැංකි 1ක්,හෙලිකොප්ටර් 1ක් සහ එක් නෞකාවක් ඇතුලත් වෙනවා..................





10 . LOCKHEED MARTIN F-22 RAPTOR

මෙහි නිෂ්පාදකින් පවසන පරිදිLOCKHEED MARTIN F-22 RAPTOR තමයි යුධ සටන් සදහා ලොව මෙතෙක් නිපදවා තිබෙන විශිෂ්ටම ගුවන් යානය.එවකටතිබුගුවන්යානා තබා තිබුණු වාර්තා කිහිපයක් බිද හෙළීමටද මෙම යානය සමත් උණා.ශබ්දයනොනැගෙන පරිදි ධාවනය කිරීමට හැකි මෙම යානය රේඩාර් වලට කිසිසේත්ම හසුවන්නේනෑ.අඩි 75000 පමණ සිට කෘෂ් මිසයිල නිවැරදිම ඉලක්කයට එවීමටමෙන්ම තමන්ට එල්ලවන කෘෂ් මිසයිල ඉතා පහසුවෙන් විනාශ කිරීමටද මෙයට හැකියාවතිබෙනවා............අවාසනාවකටමෙන් ඇමෙරිකන් ගුවන් හමුදා අයවැයෙන් මෙම එකයානයක් නිෂ්පාදනය කිරීම සදහා වෙන්කොට තිබුනේ ඩොලර් මිලියන 150යි.නමුත් යානයනිෂ්පාදයේදී ඔවුන්ට පෙනීගියේ මුළු ව්‍යාපෘතිය සදහාම ඩොලර් බිලියන 65ක් වැයවන බවයි.මෙම අධික වියදම දරාගැනීමට තමන්ටනොහැකිබව පැවසු ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය 2009 දී මෙම ගුවන්යානයේ නිෂ්පාදන සහ පරීක්ෂණ කටයුතු සම්පුර්ණයෙන්ම නවත්වන ලෙස අනකරනලදී.නමුත් ඒ වනවිටත්ඩොලර් බිලියන ගණනක් වතුරේ ගොස් අවසන්..........(ගිය වසරේ මුලදී නැවතත් මෙම යානය නිෂ්පාදනය කිරීමට සැරසෙන බවට පුවතක් පල උවත්ඇමෙරිකානුගුවන් හමුදාව එම පුවත ප්‍රතික්ෂේප කරනලදී).................................





























09 . BOEING C-17 GLOBEMASTER

BOEING C17A GLOBEMASTER III යානය ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රවාහන සේවයෙහි අති විශිෂ්ට සේවාවක් සිදුකලයානයක් බවට පැසසුම් ලබයි.1993දී ප්‍රථමයෙන් නිෂ්පාදනය කලමෙම යානයට, යුද හමුදා සොල්දාදුවන් 120කට අදික ප්‍රමාණයක් සියලුම යුද උපකරණ සහිතව යුදකලාපයකට ගොඩ බැසීමට හැකිය.ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කල යුද්ද වලදීමෙම යානය තමන්හට සිදුකලකල සේවාව වචනයෙන් කියානිමකල නොහැකිබවඇමෙරිකානුයුද හමුදාව පවසයි..යුධ කටුතු වලට අමතරව අනෙක් රටවල් වලට මානුෂිය ආධාර සහවෛද්‍ය ආධාර සැපයිමේදී මෙම යානය බෙහෙවින් උපකාරී වනබව ඔවුන් පවසනවා.....මෙමඑක යානයක් නිෂ්පාදනය කිරීමටඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය ඩොලර් මිලියන 191ක් වැයකොට තිබෙනවා.1993දීප්‍රථම නිෂ්පාදනය සිදු ඌවත් දැනටත් නවීන අගොපාංග සහිතව මෙම යානය නිෂ්පාදනයවෙනවා.දැනට මෙම යානය බාවිතා කරන්නන් අතර එංගලන්තය,කැනඩාව,ඊශ්‍රායලය,නේටෝව ඉදිරියෙන්ම සිටින අතර එක්සත් අරාබි එමීර්රාජ්ජය සහ ඉන්දියාව මෙම යානා ඇනුම් කර ඇතිබවට පැවසෙනවා.............



























08 . GRUMMAN E-2D ADVANCED HAWKEYE

යුද්දයක් පවතිද්දී තමන්ට ගුවනින් එල්ලවන ප්‍රහාර පිළිබද කලින් දැනුවත් උවහොත් විශාල වාසියක් අත්වනබව ඇමෙරිකන් යුද සැලසුම් ශිල්පින් තේරුම් ගත්තා.දිගින් දිගටම ගෙනගිය පරීක්ෂණ වලින් අනතුරුව 1960දී E-2 HAWKEYE නමින් ගුවනින් එල්ලවන ප්‍රහාර පිළිබද ඔත්තුබැලීමේ යානයක් ඔවුන් නිෂ්පාදනය කලා.නමුත් එය එතරම්ම සාර්ථක උනේ නැහැ.එමනිසා ඔවුන් එය අත්හැර දමනු ලැබුවා.නමුත් 1980දී නැවතත් එම ව්‍යප්පෘතිය ආරම්බ කිරීමට ඇමෙරිකානු හමුදා උපදේශකකින් තීරණයකරා.ඒ අනුව පෙර පැවැති යානයේ සහ එවකට තිබු නවීන තාක්ෂනය මුසුකරමින් E-2D ADVANCED HAWKEYE නමින් සාර්ථක ඔත්තු බැලීමේ යානයක් නිපදවීමට හැකිඋනා.....නමුත් 2007දී ගුවන් යුද උපකරණ තාක්ෂණයේ විප්ලවයක් කරමින් GRUMMAN E-2D ADVANCED HAWKEYE නමින් අතිසාර්ථක යානයක් නිපදවීමට ඔවුන් සමත් උනා. මෙම යානය ගැන යුද පරික්ෂකින් පැවසුවේ තමන් මෙතෙක් නිෂ්පාදනය කල අස්වාබාවිකම ගුවන්යානය මෙය බවයි මෙම යානයට ඇති හැකියාවන් ගැන සත්තකින්ම අන් රටවල් විශ්මයට පත් උනා. මෙම යානයට සවිකළ රේඩාර් පද්ධතිය නවතම නිෂ්පාදනයක් එය කොටස් තුනකට තමන්ට පරික්ෂා කලුතු ප්‍රදේශය නිරීක්ෂණය කරන අතර කිසිම දෙයක් මගනොහැරීමටත් වග බලා ගන්නවා එමෙන්ම සතුරාගේ රේඩාර් පද්ධතිය සහ සන්නිවේදන පද්දතිය සම්පුර්ණයෙන් අවුල්ජාලයක් කළහැකි ඇති ප්‍රබල චන්ද්‍රිකා තාක්ෂණ පද්ධතියකින් සහ සතුරු ප්‍රදේශයක සිට යොමුවන සියලුම ටෙලිෆෝන් සහ රේඩියෝ තරංග ග්‍රහණය කර ගත හැකි අධිසන්නිවේදන උපකරණ රාශියක් මෙය සතුයි . වඩාත් වටිනාම කොටස වන්නේ මෙම යානය ගුවන්ගත වීමෙන් පසුව සම්පුර්ණයෙන්ම දාවනය වීමට බලය ලබාගන්නේ හිරු එළියෙන් වීම...යානය ගුවන්ගතවෙද්දී සහ රාත්‍රී මෙහෙයුමකදී පමණයි ඉන්ධන වැය වන්නේ .
E-2D Advanced Hawkeye යානය මුලින්ම මෙහෙයුම් සදහා යොදා ගැනුනේ 2007 වසරේදීයි.මෙම එක යානයනිෂ්පාදනය කිරීමට ඇමෙරිකාවට ඩොලර් මිලියන 232 වැයවී තිබෙනවා(පරීක්ෂණ කටයුතුනිෂ්පාදන කටුතු සියල්ලටම)..මෙම යානය තවමත් යුද මෙහෙයුම් වල නිරත වෙමින්අනගිබවනිය සේවයක් ඉටුකරන අතර 2010 වසරේදී මෙම යානයේ පාලන සම්පුර්ණයෙන්මඇමෙරිකානු නාවික හමුදාවට බාර දෙන ලදී............

























07 . EXPEDITIONARY FIGHTING VEHICLE

ගොඩබිම් සටනේදී වඩාත් වැඩි වාසියක් අත්කර ගැනීමටනම් ඉතාමත්ම ඉහල මට්ටමේ යුද ටැංකි බාවිතය අත්‍ය්ය අවශ්‍ය කාරණයක්...රුසියාව,ජර්මනිය සහ චීනය අතිනවීන යුද ටැංකි නිෂ්පාදනයෙන් කවදත් ඉදිරියෙන්ම සිටිනවා.නමුත් ඇමෙරිකාව සැලසුම්කල මෙම යුද ටැංකිය මෙතෙක් ලොව නිෂ්පාදනය කෙරුණු සියලුම යුද ටැංකි අබිබවා ඉදිරියෙන්ම සිටිනබව ඔඋන් පවසනවා.නමුත් තවමත් මෙම යන්ත්‍රයට ඇති හැකියාවන් පිලිබදව ඔවුන් ලොවට හෙළිකරලා නැහැ.තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මාරයා නිල වශයෙන් හදුන්වා දෙන්නේ වසර 2015දි බවයි පැවසෙන්නේ....වැදගත් කාරණයක් වන්නේ මෙම යුධ ටැංකියට ගොඩබිමේ මෙන්ම ජලයේද එකසේ ක්‍රියාකාරී වීමට ඇති හැකියාවයි.එක්වරක් අත්හදා බැලීමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය සමග ඇතිවුන සටනේදී පාබල රෙජිමේන්තුවක් රහිතව එකවර මෙම යුද ටැංකි 50 පමණ සටන්බිමට යවා මෙහි සාර්ථකත්වය උරගා බැලීමට ඔවුන් පෙලබුනා,එහිදී පාබල සහ ගුවන් සහයක් නොමැතිව අතිවිශාල ප්‍රදේශයක් සුනු විසුනු කොට දැමීමට මෙම යන්ත්‍රයට හැකි උන බවයි ඇමෙරිකානු යුද වාර්තා සදහන් කරන්නේ.................................
මේ යුද උපකරණය ජනරාල් ඩයිනමික් නමැත්තෙකුගේ සැලසුමක්.මෙම එක
යුද ටැංකියක් නිෂ්පාදනය කිරීමට ඩොලර් මිලියන 22 අධික ගණනක් වැයවනබවට ගණන් බලා තිබෙනවා..2015 දි අවසන්කිරීමට නියමිතව ඇති මෙම ව්‍යාපෘතියට වෙනකොට ඇති සම්පුර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක්..නමුත් ඇමෙරිකාව මුහුණ දි ඇති විශාල ආර්ථික අර්බුදය හමුවේ මෙවන් අති විශාල මුදල් සම්බාරයක් මෙවැනි දෙයකට යෙදවීම ගැන බැරක් ඔබාමා පාර්ශවය ඉතා දැඩිලෙස විවේචන එල්ල කොට තිබෙනවා.එමනිසා මෙම යුද ටැංකියේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතරකොට තිබෙනවා...................................... ..



























06 . BOEING EA-18G GROWLER

නුතන ලෝකයසම්පුර්ණයෙන්ම වාගේ ඉලෙක්ට්‍රොනික වී අවසානයි..මෙමඉලෙක්ට්‍රොනිකවිප්ලවය හමුවේ යුද්දයත්ඉලෙක්ට්‍රොනිකනොවුනහොත් එය දරාගත නොහැකි පාඩුවක් වනවාට කිසිම සැකයක් නැහැ..මෙය අවබෝදකරගත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය 2007 වසරේදී නවතම යානයක් නිෂ්පාදනය කිරීමට තීරණයකලා..මුළුමනින්ම චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම යානයේ ප්‍රදාන කාර්යබාරය වන්නේ සතුරාගේ ඉලෙක්ට්‍රොනික පනිවුඩ ජාලය මුළු මනින්ම අවුල් කර දැමීමයි..ඊට මතරව පරිගණක මගින් බාවිතාවන යුද උපකරණ බාවිතයට ගත නොහැකි අයුරින් විනාශ කර දැමීමටද මෙම යානය සතු උපකරණ වලින් පුළුවන්.සතුරා සතුව පවතින මිසයිල පද්දතියේ පාලනය තමන් අතට ගෙන එයින් ඔවුන්ටම නැවත ප්‍රහාර එල්ල කරන්ඩ තරම් හැකියාවන් මෙම යානය සතුයි..තවත් වැදගත් අංගයක් වන්නේ මෙම යානය සතුව ඇති මිසයිල පද්ධතියයි තමාට එරෙහිවන ඕනෑම ආරක සතුරෙක්ව මොහොතකින් දුහුවිලි ගොඩක් කිරීමට තරම් මෙම යානය සතුව ඇති අවි ප්‍රබලයි......2009 වර්ෂය වන විට සම්පුර්ණයෙන්ම සාර්ථකව මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකිවුන අතර ඒ වන විට මෙම ව්‍යාපෘතියට ඩොලර් බිලියන ගණනක් වැයව තිබුණා..නිෂ්පාදනයෙන් අනතුරුව මෙම යානයේ සම්පුර්ණ පාලන අයිතිය ඇමෙරිකානු නාවුක හමුදාව සතු කෙරුණා.දිගින් අඩි 60 සහ පළලින් අඩි 44 හතරක් වන මෙම එක් ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමට ඩොලර් මිලියන 67 වැයවී තිබෙනවා..






















05 . MCDONNELL DOUGLAS F/A-18 HORNET

F/A -18 හොනට් යානය රට වෙනුවෙන් තවත් විශාල සේවයක් කල යානයක් බවට ඇමෙරිකානු හමුදාවන් පවසනවා.මෙම යානයේ මුලික සැලසුම සකසා තිබෙන්නේ මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගමෙනුයි ඉන් පසුව යානය නිෂ්පාදනය කිරීමට ලෝකප්‍රසිද්ද බෝයින් සමාගමට බාරදී තිබෙනවා..1983 වර්ෂයේදී මුලින්ම ලොවට හදුන්වදෙනුලැබූ මෙම යානය සතුව සුවිශේෂී දක්ෂතා කිහිපයක්ම අන්තර්ගතව තිබුනා.කෙසේ නමුත් මෙම යානය හරියටම බාවිතයට යොදා ගැනුනේ ඉරාකයට එරෙහිව කල ප්‍රථම යුද්ධයවන කාන්තාර කුනාටුවෙදියි..එහිදී තම දක්ෂතා ඉහලින්ම විහිදා දැක්වු හොනට් යානය තමන් අමෙරිකා ගුවන් හා නාවික හමුදා බලඇණියට නැතිවම බැරි සාමාජිකයෙකු බවට ඔප්පු කොට පෙන්වා දුන්නා....................
මෙම යානයට යාහැකි උපරිම වේගය වන්නේ පැයට සැතපුම් 1190,,,ඒ වගේම විනාඩියක් තුලදී අඩි 50000 ඉහලට නැගීමටත් මෙම යානයට හැකියාව තිබෙනවා ... අමෙරිකාවට අමතරව ලොව මෙමයානා බාවිතයට ගැනෙන්නේ තවත් රටවල් තුනක් පමණයි..ඔස්ට්‍රේලියාව,කැනඩාව සහ ස්විස්ටර්ලන්තය එම රටවල් වේ..1996 දී තිරගතවු Independence Day චිත්‍රපටයේ පිටසක්වල ජිවින්ට විරුද්දව ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනුනේත් මෙම හොනට් යානයයි.2006 දී වාර්තාවක් ඉදිරිපත් කරමින් අමෙරිකා නාවික හමුදාව ප්‍රකාශකලේ එක හොනට් යානයක් නිපදවීම සදහා ඔවුන්ට අමෙරිකානු ඩොලර් මිලියන 67
වැයවුනු බවයි.................

































04 . LOCKHEED MARTIN F-35 LIGHTNING II

මෙම ලැයිස්තුවේ හතරවෙනි තැනට පත්වන යානය මෑත ඉතිහාසයේදී ඇමෙරිකාව නිෂ්පාදනයකළ බිහිසුනුම යානය බවට කිසිම සැකයක් නොමැත.....
F-35 Lightning II යානයඇමෙරිකාව සහ එක්සත් රාජදානිය(එංගලන්තයේ) එකට එකතුවී සිදුකල නිෂ්පාදනයකප්‍රතිපලයකි..ගුවනේ සහ ගොඩබිම සිදුවන සටන් තම ප්‍රධාන ඉලක්කය බවට පත්කිරීමටනිපදවුමෙම යානය සැබැවින්ම බිහිසුණු මාරයෙකුය..
දිගින් අඩි 35ක් සහ පළලින් අඩි 51ක් වන මෙම මාරයාට රැගනයාහැකි උපරිම බර රාත්තල් 18000ක් වඩාත්ම වැදගත්වන්නේ මෙම අතිවිශාල බරත් දරාගෙන පැයට සැතපුම් 1200 උපරිම වේගයෙන් ධාවනයකිරීමට මෙම යානයට ඇති හැකියාවයි......
දැන් අපි බලමුF-35 Lightning II යානය සතුව ඇති බිහිසුණු අවිආයුධ පිලිබදව..ප්‍රදාන වශයෙන්විශාල බැරල් හතරක Gatling cannon තුවක්කුවකින් සහ මිසයිල වර්ග 8කින් මිසයිල 16 සහ තවත් බෝම්බ රැසකින් මෙය සමන්විතයි.වඩාත්ම බයානක කාරණය වන්නේ මෙම යානය සතුව B61 නමැති අති ප්‍රබල න්‍යෂ්ටික බෝම්බයක්ද තිබීමයි..මෙම එක යානයක් නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 122 වැයවෙනවා...එමෙන්ම මෙවැනි ගුවන් යානා 2000 ඔවුන් නිපාදනය කරා එවිට මෙම ව්‍යාපෘතියට ගිය සම්පුර්ණ මුදලඇමෙරිකානු ඩොලර් බිලියන 323ක් වනවා ,,එය ගුවන් යානා සදහා එතෙක් මෙතෙක් රටවල් දෙකක් අතරලොව සිදුවු විශාලතම හමුදා ව්‍යාපෘතිය හා වියදම ලෙස ඉතිහාස ගතවෙනවා............




































































03 . NORTHROP GRUMMAN B-2 SPIRIT

Northrop Grumman B-2 Spirit යානයට හමුදා සෙබළුන් හදුන්වන්නේ වානේ බෝම්බකරුවා යන නමිනුයි. මෙම යානය විශේෂයෙන්ම නිෂ්පාදනය කරනු ලැබුවේ සතුරු රටවල න්‍යෂ්ටික අවි සහ ගුවන් යානා නාශක වලින් සපිරි අධි ආරක්ෂක කලාප වලට පහරදීම සදහායි.එය 100% සාර්ථක කරගැනීම සදහා මෙම යානය සතුව ඇති අති ප්‍රබල න්‍යෂ්ටික අවි මගහරින රේඩාර් පද්දතිය බෙහෙවින්ම ඉවහල් උනු බවට ඇමරිකානු ගුවන් හමුදාව පවසනවා.
ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රථමයෙන්ම මෙම
B -2 යානා 132 නිෂ්පාදනයකිරීමට සැලසුම් කොට තිබුනත් මෙහි නිෂ්පාදන වියදම නොසිතුලෙස ඉහල යාම නිසායානා 21 පමණක් නිපදවා ව්‍යාපෘතිය අවසන් කරන ලදී..එම යානා 23ත් ඇමෙරිකානුඩොලර් බිලියන 1 වියදම්කොට නිපදවීමට ඔව්න් සිතාගෙන සිටියත් එයට බිලියන 2ක් මවියදම් උවා..මෙම යානය බාවිතයෙන් සිදුවු බරපතලම ගැටලුව ඌයේ අධික ලෙස ඉන්ධන වැයවීමයි..එම නිසා ගුවනේ දීම මෙම යානාවල තෙල් ටැංකි පිරවීමට ගුවන් හමුදාවට සිදුවුවා..
මෙම යානය නිල වශයෙන් ප්‍රථමයෙන්ම බාවිතයට ගැනුනේ
1999දී ඇති උණු කොසොවෝ යුධ සමයේ බවයි ඔවුන් පවසන්නේ,,,නමුත් ඒ වනවිටත් නොයෙක් රටවල ඔත්තු බැලීම සදහා සිය වරකට වඩා මෙම යානය බාවිතා කල බවට ශාක්ෂි ලැබී තිබෙනවා ..මීට අමතරව ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව සිදුකල යුධ වලදී අති සාර්ථකව මෙම යානය යොදාගෙන තිබෙනවා...
2010දී මෙම යානය සම්පුර්ණයෙන්ම විශ්‍රාම යැවුනු බවටඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කල නමුත් 2011 වසරේදීලයිබීරියාවේ ඇතිවු කැරැල්ල මැඩ පැවැත්වීම සදහා මෙම යානා නැවත බාවිතා කලබවට BBC ජනමද්‍යවේදීන් පවසා සිටිනවා................
































02 . BELL BOEING V-22 OSPREY

2007 වසරේදී ලොව එතෙක් මෙතක් නිෂ්පාදනය ඌ වේගවත්ම හෙලිකොප්ටර් යානය නිපදවීමට ඇමෙරිකානුවන් සමත් උනා...එය BELL BOEING V-22 OSPREY නමින් හැදින්වෙනවා....
හෙලිකොප්ටර් ගැන තිබු සම්ප්‍රදායික සම්මතයන් බිද දැමුණු යානයක් බවට මෙය හැදින්වෙනවා.මෙහි වේගය කොරම්ද කියනවානම් ටර්බෝප්රුෆ් ගුවන් යානයක එන්ජිමට සමාන බලයක් ඇති එන්ජිමකුයි මෙයට සවිකෙරුනේ..යුධ අවි සහ යුධ සෙබළුන් ෂනිකයකින් යුධබිම වෙත රැගෙන ඒම සහ තුවාල සිදුවු සෙබළුන් ඉක්මනින්ම යුධබිමෙන් ඉවතට ගෙනයාම මෙම යානයෙන් සිදු කෙරුණා..
මෙම හෙලිකොප්ටරය ප්‍රථමයෙන්ම බාවිතයට ගැනුනේ
2007දී ඉරාකයට එරෙහිව සිදුකෙරුණු යුධයේදීයි..2011 වසරේදී සිදුවු ඇෆ්ගනිස්ථානයට එරෙහි යුධයේදී මැරීන් සෙබළුන් සදහාම මෙය වෙන් කෙරුණා..........
මෙම යානය සැලසුම් කිරීමේදී සහ නිෂ්පාදනය කිරීමේදී විශාල වශයෙන් අනතුරු සිදු
වුවා,,කෙතරම් අනතුරු සිදුවුවත් අවසානයේදී සියල්ල සාර්ථක වේයැයි බලාපොරොත්තු උවත් අවාසනාවකට වාගේ එය එසේ සිදු උනේ නැහැ..එන්න එන්නම සිදුවු අනතුරු වැඩි උනා මේ නිසා සෙබළුන්ගේ ජිවිත පිළිබදවද ගැටුලු මතුවුවා ..අවසානයේදී අනතුරු රහිතව සාර්ථක හෙලිකොප්ටරයක් නිෂ්පාදනය කරනතුරු මෙය බාවිතයට නොගැනීමට තීරණය කෙරුණා..
මේ යානය සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 27 වැයවී තිබෙනවා,,ඒවගේම එක හෙලිකොප්ටර් යානයක් නිපදවීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 67 වැයවී තිබෙනවා..ඇමරිකානු යුධ නිෂ්පාදන ඉතිහාසයතුල දෙවනුව වැඩිම පිරිවැයක් යොදා කල නිෂ්පාදනය ලෙස මෙය ඉතිහාස ගතවනවා...................

























01 . USS GEORGE H.W BUSH (CVN-77)

මෙතෙක් ඇමරිකානු ඉතිහාසය තුල වැඩිම වියදමක් දරා නිපදවනලද යුධ උපකරණය බවට USS George H.W. Bush (CVN-77) නෞකාව පත්වනවා....නොත්රොප් ගෘමන් සමාගම මගින් 2001 වසරේදී වර්ජිනියා වරායේනෞකා පර්යන්තයේදී නිෂ්පාදනය ඇරබු මෙම ව්‍යාපෘතිය2005 වසරේදී සාර්ථකව අවසන් කරමින් ඇමෙරිකානු නාවික හමුදාවට බාරකෙරුනේතාක්ෂණයෙන් පිරිපුන් එවකට ලොව විශාලම යුධ නෞකාව සහඇමෙරිකානු ඩොලර් බිලියන 6.2 වැයකොට තැනූ ලොව එකම නෞකාව බවට පත්වෙමිනි..මෙමනෞකාව නම්කරන ලද්දේ දෙවන ලෝක යුද්දයේ ඇමෙරිකානු හමුදා වීරයෙකු සහ හිටපු ඇමරිකානු ජනාදිපතිවරයෙකුවු ජෝර්ජ් H W බුෂ්(1989-1993) මහතාගේ නමිනි............
දැන් අපි මේ නෞකාව ගැන විස්තර ටිකක් විමසා බලමු...........


  • #..දිගින් අඩි 1092(මීටර් 333) වන මෙය ඇමෙරිකානු එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසට සමානවනවා.
  • #..ජලයට යටවී ඇති ප්‍රමාණය අඩි 134(මීටර් 41) උසින් යුතු අතර ගුවන් පථයේ පළල අඩි 252(මීටර් 77) වනවා.
  • #..උපරිම බර ටොන් 97000.
  • #..යාහැකි උපරිම වේගය නොට් 30(පැයට සැතපුම් 34.5)
  • #..ඉන්ධන සැපයෙන්නේ නයෂ්ටික බලයෙනි වැදගත්ම කරුණ වන්නේ එක්වරක් නයෂ්ටික බලයෙන් ඉන්ධන ලබාගත් පසු එය එකදිගට වසර 20ක් ධාවනය කිරීමට ඇති හැකියාවයි..
  • #..මෙය නාවික සෙබළුන් 6000ක ගේ නිවස වනවා (නාවික කාර්මික ශිල්පීන් 3200 කින් පමණද ගුවන් සහ නාවික සෙබළුන් 2800 කින් පමණද මෙම නැව සමන්විතයි)..
  • #..ගුවන් ප්‍රහාරක යානා 80ක් සහ හෙලිකොප්ටර් 20 මෙම යානය සතුයි..
  • #..පැයට සැතපුම් 150ක පමණ වේගයෙන් ඇදී එන ගුවන් යානයක් අගල් 3 - 4 මහත වයර් මගින් අඩි 400 ඇතුලතදී නවතාගැනීමට මෙයට පිළිවන්..
  • #..දින 90කට සරිලන ආහාර මෙහි ගබඩා කර ඇති අතර දිනකට කෑමවේල් 18150 පමණ නිකුත් කෙරෙනවා..
  • #..එකවර ජලය ගැලුම් 400,000 මුහුදින් ලබාගෙන ෆිල්ටර් කර එදිනෙදා ප්‍රයෝජනයට ගැනෙනවා..
  • #..මෙම නෞකාව වයරින් කිරීමට සැතපුම් 1600ක වයර් වැයවී තිබෙනවා..
  • #..ආසන්න වශයෙන් විදුලි බුබුළු 30000 නෞකාව තුල දැල්වෙනවා..
  • #..නෞකාවතුල දුරකථන 1400 සවිකොට තිබෙනවා..

මෙම හැකියාවන් අතින් බැලු කල මෙයට සමකල හැකි අන් යානයක් ලොව පවතීද,තවත් අවරුදු පනහක් මෙම නෞකාව බාවිතයට ගැනීමට ඇමෙරිකානු නාවික හමුදාව බලාපොරොත්තු වෙනවා..............































මෙහි ඔරිජිනල් පොස්ටුව දැමු සොහොයුරා මේ සදහා ගොඩක් මහන්සි වී ඇත මෙම පොස්ට් එකේ අයිතිය ඔහු සතුය.
ඔරිජිනල් පොස්ටුවට මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1466303
Comments
4 Comments
Facebook Comments by Blogger Widgets

4 අදහස්:

  1. Anonymous31/7/12 18:55

    අපූරු ලිපියක්! ඔබ දෙදෙනාටම ස්තූතියි.
    මම මේ කල්පනා කරන්නෙ කොහොම මොලයක් ඕන වෙයිද මේ වැඩවලට.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මුන්ට මේ සල්ලි වලට කරන්න දේවල් නැතුව වෙන්න ඇති

      Delete
  2. සෑහෙන වැදගත් ලිපියක් ,ඉස්තුතියි මෙහි පලකලාට ..

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...