Monday, July 30, 2012

මෙහෙමත් හිගන වැඩ....

කවුරු හරි මනුස්සයෙක් අන්ත අසරණ වෙලා කරගන්නම දෙයක් නැතුව ඉන්න හිටින්න තැනක් නැතුව එදා වේල හොයාගන්න විදිහක් නැති වුනාම ඒ මනුස්සයට ජිවත් වෙන්න උදවුවක් දෙන්න කවුරුත් නැති වුනාම (කොහොමත් කරදරේ වැටුනම අද කාලේ හුගක් නෑදැයෝ අපෙන් ඇත් වෙනවනේ ) ඒ මනුස්සයට අන්තිමට පාරටම බහින්න සිද්ද වුනොත් කාට කාට හරි දුක කියල අත පාන්න සිද්ද වෙනවා.කෙටියෙන් කිවොත් හිගන්නෙක් වෙනවා.යාචකයෙක් කියල දැම්මේ නැත්තේ මගේ ශබ්දකෝෂයට එක සභ්‍ය වැඩි වගේ ඒකයි.නැතුව ඒ මිනිස්සුන්ට අපහාසයක් කරන්න නම් නෙවේ.කන්න අදින්න නැති අසරණ මනුස්සයෙක්ට උදවු කරන එක ලොකු පිනක් මග තොටදී මේ වගේ පුද්ගලයෙක් දැක්කොත් තමුන්ට පුළුවන් විදියට ඒ මනුස්සයට කියක් හරි දෙන්න අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා
.දැන් ඔහොම අහිංසක විදියට ජිවත් වෙන මේ මිනිස්සුන්ව නරක විදියට යොදාගන්න අපේ සමාජේ ඉන්න සමහර නරකයෝ පුරුදු වෙලා ඒ කියන්නේ යාචකත්වය ව්‍යාපාරයක් කරගත්තු සමහර මිනිස්සු මේ රටෙත් ඉන්නවා මෙහෙම කියන්න හේතුව තමයි මම අදුනන කෙනෙක් කිව කතාවක්.මට මේ කතාව කීව කෙනාගේ ආයතනයේ පින් අතේ වැඩකට ලංකාවේ ප්‍රසිද්ධ ආගමික ස්ථානයක් ලග ජිවත් වෙන යාචකයෝ පිරිසක් සහබාගි කරගන්න ඕන වෙලා තියනවා වෙන මොකකටවත් නෙවේ මේ මිනිස්සුන්ට හොද දවල් කෑමක් දෙන්න.එක එක්තරා විධියක දන්සලක් නේ.ඉතින් දැන් මේ කට්ටියට එන්න කියන්න මේ ආයතනේ දෙතුන් දෙනෙක් ගිහින් තියනවා.ඒ මිනිස්සු එතනට එන්න බෑම කිවලු.ඕන්න ඉතින් ඔතන හිටපු මට මේ කතාව කීව පුද්ගලයාගේ මිතුරෙක් බොහොම අමාරුවෙන් එක යාචකයෙක්ව ටෝක් කරලා (කැත හිත තියන උන් හිතන දේකට නෙවේ ) එතනින් එන්න බැරි හේතුව අහගෙන.ලොක්කගේ අවසරයක් නැතුව වෙන තැනකට යන්න බෑ කීවලු.අනික ඒ වගේ තැනකට යන එක පාඩුයි කියලත් කීවලු.ඉතින් පින්වත් සිත ඇතිව ආරාධනා කරන්න ගියපු කට්ටිය හිස අතින්ම අර කිව හිගන ලොක්ක ගැන හරිම හොද දේවල් මතක කර කර ආපහු ඇවිල්ල.
මේ වගේ අයත් ඇති නේ



අහිංසක මනුස්සයෙක්ට එදා වේල හොයාගන්න තිබුන දෙයක් අද ව්‍යාපාරයක් වෙලා පොඩියට නෙවේ මේක සමහර පළාත් වල මහා පරිමාණයට වෙන්න පටන් අරගෙන. ඒ අයව ඒ තත්වෙට පත් වෙලා තියෙන්නේ අපේ සමාජයේ වරදින්.කොච්චි බස වල යනකොට මේ දේ ඇත්තට කරන වගේම බොරුවට කරන අයත් ඕන තරම් දැකගන්න පුළුවන්.මේ ගොල්ලන්ට හම්බෙන්නේ අපි දෙන සල්ලි නෙවේ.මෙයාල දවසේ පඩියකට වැඩ කරන අය.මේ අතර තවත් සමහරු ඉන්නවා කියක් වත් හම්බ නොවුනොත් බැන බැන යන අය.සමහර ගෑනු අය ඉන්නවා එක එක දවසට එක එක ජාතියේ දුක් ගැනවිල්ල කිය කියා පුංචි දරුවෙකුත් අරගෙන එන අය ඒ ළමයාගේ අම්ම එයාලමද කියන්න නම් මම දන් නෑ අනේ මන්ද ඒ ගෑනු අය ඒ ලමයව අඩනකොට නලවන්න තියා හරියකට වඩා ගන්නවත් දන්නවද කියල මට හිතෙනවා ඒ අයව දකිනකොට.

ගොඩක් වෙලාවට මේ යාචක මහත් හොරුන්ගේ දවසට ආදායම අපේ රටේ රජයේ රැකියාවක් කරන කෙනෙකුගේ දවසේ අදායමට වඩා වැඩි වෙන්නත් පුළුවන්.හැබැයි මේ දේවල් නොකර අහිංසක විදියට ජිවත් වෙන ගොඩක් යාචකයෝ අපේ රටේ ඉන්නවා ඒ අතරින් ගොඩක් දෙනෙක් මනුස්සකම පිරුන අය. අනේ මන්ද ඉතින් මේවා මට හිතෙන දේවල්.මම වැරදි නම් කියන්නකෝ. ප.ලි -මට මේක කොටනකොට(ඒ කිවේ ලියනකොට)අපුරු යාළුවෙක්ව මතක් වුනා ගම්පහ ස්ටේෂන් එකේ 201 බස් ස්ටෑන්ඩ් එකේ කරක් ගහල තියන කොල්ලන්ට නම් මෙයා අමුත්තෙක් නෙවේ.ඒ තරං උස නම් නෑ.චුට්ටක් විතර ෂෝර්ට් එකක් තියනවා කියල දැක්ක ගමන පේනවා.බස් ස්ටෑන්ඩ් එක හරි ස්ටේෂන් එක හරි තමයි මෙයාගේ නවාතැන.කොහේ ගියත් යන්නේ කළු පාට tulip කවරයක් අතේ තියාගෙන.මුනේ පවුඩර් නාලා.(අර පොඩි කාලේ අපේ අම්මල අපිව ගමනක් එක්කන් යන්න කලින් නවන්නේ ඒ වගේ )බස් ස්ටෑන්ඩ් එකේ හරි ස්ටේෂන් එකේ හරි ඉන්න කපල් එකක් දැක්කොත් නිකන් දුටු තැන ඉල්ලනු වගේ යනවා මිනිහ එතනට.අනේ අයියේ මම කාල නෑ කියක් හරි දෙන්නකෝ කියනවා.කෙල්ල ඉස්සරහ චාර්ටර් වෙන්න බෑ කියල හිතන කොල්ලෝ නම් දෙනවා.එහෙම දීල ශේප් කරලා යවනවා.මොන මගුලක්ද මුට සල්ලි දෙන්නේ කියල හිතන එවුන් නම් ගණන ගන් නෑ.එතකොට අයෙ ඉල්ලනවා.එතකොට හැබැයි දුන් නැත්නම් මම පස්සෙන් එනවා කියනවා.අනේ අක්කේ කියන්නකෝ කියක් හරි දෙන්න කියන්න කියලා.එහෙමත් කියනවා පුපුර පුපුර ඉන්න කොල්ලට ඉන්දිකය කතා කරන විදියට ටිකක් හිනත් යනවා.අන්තිමට කොල්ලට තද වෙලා බැන්නත් මුත් ටිකක් සද්ද දාල පස්සෙන් ඇවිත් අනේ සුදු අයියේ දෙන්නකෝ කියල පස්ස්සෙන්ම එනවා.කියක් හරි දුන්නයි කියමුකෝ අයෙ ඉතින් ඉබලම තමයි යන්නේ.කොල්ලෝ සෙට් පිටින් ඉන්න වෙලාවටත් මෑන් ඇවිත් අයියේ අයියේ කියල බටර් පාර ගානවා.මේ ලගදි යාලුවෝ කට්ටියක් එක්කස්ටේෂන් එකට වෙලා ඉද්දි එකෙක්ව ඇවිත් බදාගත්තා.කියක්වත් ඉල්ලුවේ නම් නෑ.හොද ජෝගියක් අල්ලලා ගියා.මේ අහිංසකයාගේ අහින්දහින්සක විහිලු තේරෙන්නේ නැති සමහරු මෙයාට ගහනවා බනිනවා.ඒ දන්නේ නැති කමට වෙන්න ඇති හැබැයි මෙය ගැන දන්නා අය නම් හොදට කතා බහ කරලා යනවා ගොඩක් අය දකිනකොට මාරු වෙලා යනවා. ප.ලි එක හෙන දිග වුනාද මන්ද කමක් නෑ නේ......
Comments
16 Comments
Facebook Comments by Blogger Widgets

16 අදහස්:

  1. හිගන්නෝ නොවුනත් අපිත් ඒ වගේම තමයි ඉතින්....

    ReplyDelete
    Replies
    1. අපිටත් වඩා හොදට සතුටෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන මිනිස්සු බං

      Delete
  2. මධ්‍යමපාන්තික අපිත් දැංනං හිගා නොකා හිගා කනවා..

    ReplyDelete
    Replies
    1. හිගා කන්න සිද්ද කරලා

      Delete
    2. හිගා කන්න සිද්ද කරලා බං

      Delete
  3. මේක බොහොම සාමාන්‍ය දෙයක් ... ඇත්තටම සිගමන් ඉල්ලන කෙනෙකුටවත් දෙයක් දෙන්න හිතෙන්නේ නෑ මේ අය හින්දා

    ReplyDelete
    Replies
    1. ඒ හන්ද අමාරුවේ වැටෙන්නේ අසරණ මිනිස්සු

      Delete
  4. මම දැක්කා සිඳු අක්කිගේ බ්ලොග් එකේ ඔය වගේම දෙයක් !


    මේ තියෙන්නේ
    මතු කළ යුතු ප්‍රශ්නයක්
    ජය!!

    ReplyDelete
    Replies
    1. මේක හැමෝම දන්නවා වුනත් කවුරුවත් මේවට විරුද්ධ වෙන් නෑනේ

      Delete
  5. Anonymous31/7/12 11:36

    පිස්සු වැඩ මේවා.ඔහොම හම්බකරන ඒවා මොකටද අප්ප..:/

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඔය සල්ලි යාදෙනවද කියල නම් ඔව් කරන දේවල් දන්නේ දෙයියෝතමයි

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හැබැයි ඇත්තම කිවුවොත් එකට හිටපු ගොඩක් උන් ලග නැති මනුස්සකමක්, ලෙන්ගතු කමක් ඒ පොඩි කොල්ලා ( නම ඉන්දික මට මතක් විදියට ) ගාව තියනවා. දැකකොත් පුරුදු මූනක් දැකලා මූ කවදාවත් ගුඩ් මොනින් කියලා යන්න අමතක කරන්නේ නෑ.. සල්ලි කීයක් හරි ඉල්ලුවත් සල්ලි නෑ බන් කිවුවම කමක් නෑ ගිහිල්ල එන්නම් කියන එකම එකා මූ වෙන්න ඇති.... කොච්චර දුප්පත් උනත් ඒ අහිංසකයා මනුස්සකම අතින් අපි හැමෝටම වඩා පෝසත් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බං ඒ වුනාට සමහරු ගහන්න යනවත් මම දැකල තියනවා

      Delete
  8. ඒ ළමයා ඇඟේ ලේ පිරිසිදු කරනවා. අපි දෙන්න එක්කත් කොච්චර කතා කරලා තියෙනවද? නේද අනේ?

    සමහර වෙලාවට හින්ගන්නන්ගෙන් බැනුම් අහන්නත් සිද්ද වෙනවනේ රුපියලක් එහෙම දුන්නොත් අම්ම අප්පත් මතක කරන කට්ටිය ඉන්නවා.මාලිගාවක හිටියත් වැඩක තියනවයැ, ඔහොම සල්ලි හොයල.

    සමා වෙන්ට ඕනේ, මං මේ දවස වල සිග්නොල් අර්බුදයක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.....
      සිග්නල් අවුල් නම් ක්ලොගාට් ගන්නකො කොයි තරම් සිම්පල් වැඩක්ද....

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...