Tuesday, January 22, 2013

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ.......

පොල් කඩනවා ...තැබිලි බානවා ..ගස් වල අතු කපනවා ...ගෑ..............................

මේ වචන ටික දකිද්දී මන් කියන්න හදන්නේ ඒක ගැන කියල හිතන්න ඇති ...නෑ නෑ ඒක ගැන නෙවේ පොල් කඩන ඒක මතක් වුනාම මට උඩ තියන පේලි ටික නිකන්ම ලියවුනා ...හී හී.. පොල් කඩන්නට , පෙදරේරු වැඩ කරන්නට ,ගස් නගින්නට පුළුවන් ඉංජිනේරුවන් ,දොස්තර වරුන්,නීතිඥයන් නැත ඒවා කරන්නට මිනිසුන් ඇත..එත් ඒ මිනිසුන් ගැන කතා කරන්නට කවුරුත් නැත .. මීටර් බර ගණනක් උස පොල් ගසේ මුදුනට තාත්ත නගින්නේ පුතාගේ පන්ති ගාස්තු ගෙවීමටය.පෙදරේරුවන් අහස උසට ඇති පලංචි වල එල්ලී අනුන්ගේ මාලිගා තනන්නේ තමන්ගේ සිහින මාලිගාව තැනීමටය.රෑ මදින්නන් අතුරේ යන්නේ දෙවේලක් කෑ ජිවත් වන තම දරු පවුලේ බඩ කට පිරවිමටය.ධිවරයින් මහා මුහුද සමග ඔට්ටු වීමට යන්නේ ජිවත් වීමටය ....




මැණික් සෙවීමට පතලට බසින්නේ පතල් කරුවා මිස මැණික් මුදලාලි නොවේය.මොවුන් සියලු දෙනා මරු කටට යන්නේ ජිවත් වීමටය. “මරුවා සමග වාසේ....” කියා පච්ච කොටන්නේ චන්ඩි කමට නොවේය.. ඒ රැකියාවේ හැටිය. වැලි ගොඩදාන්න පර්මිට් ගන්නේ ලොක්කන්ය නමුත් ඒවා ගොඩ දාන්නේ ජිවත් වීමට කීයක් හෝ සොයාගැනීමට දගලන ඔබ අප මෙන් මනුස්සයෙකි .... මන් දන්නා අදුනන මනුස්සයෙක් සිටී...උපතින්ම සැප සම්පත් නොතිබුනේය පාසල් ගියේය ...නවය වසරේදී කොලු කමට ගසකට නැග්ගේය. අත්තත් කඩාගෙන ගසෙන් වැටි කොන්ද කැඩුණි..වසරක් දෙකක් ප්‍රතිකාර කළේය නවය වසර වන තෙක් ඔහු පන්තියේ පලවෙනියාය.සුව විය නැවත පාසල් නොගියේය .පියා අසනීප විය කොල්ල M.B.B.S ගියේය


 ඒ දොස්තර උපාධිය සදහා නොවේය මේසන් බාස්ට බදාම සප්ලයි කිරීමටය.දැන් ඔහු පෙදරේරු රැකියාව කරයි.ඔහු දිගටම ඉගනගත්තා නම් ඉහල පුටුවක නවතින්නට තිබුණි..

නැත්නම් එම අනතුර සිදු වුයේ ඔහුගේම හොදට වෙන්නටද පුළුවන ..ඒ අද රටේ ලොකු පුටු වල ඉන්නේ මිනිසුන් නොවන නිසාය .ඔහුට ඉගන ගන්නට බැරි වුයේ ඔහුගේ වරදින් නොවේය. අද රටේ ගොඩක් දෙනාට වෙන්නේ ඕකමය .ඉගනගන්නට බැරි වෙන්නේ තමුන්ගේ වරදින් නොවේය සමාජයේ වරදිනි.හරි මග පෙන්නන්නට කෙනෙක් නැති වීමේ වරදිනි,උගන්නන්නට කෙනෙක් නැති වීමේ වරදිනිඅපේ ගමේ පාසලේ මිට වසර දහයකට පමණ පෙර 5 වසරේ ශිෂ්‍යත්වයෙන් පාස් වුනේ එක සිසුවෙක් පමණි..දෙමවුපියන් ඔහුව වෙන පාසලකට දැම්මේ නැත ඔහු ගෙදර සිටියේය..අද්‍යාපනය ගැන දෙමවුපියන්ට දැනුමක් තිබුනේ නම් එය සිදු නොවන්නට තිබුණි ..අපේ රටේ ඉන්න කොල්ලන්ට මත්ද්‍රව්‍ය පුරුදු කරන නරුමයින් මොහොතකටවත් රට ගැන සිතුවා නම් ඔවුන් විනාස වෙන්නේ නැත .පුනරුත්තාපන කදවුරු වල නවතින්නට සිදුවන්නේ නැත.උපාධිදාරීන් ,පියන් වැඩ කරද්දී අට පාස් එකා සභාපති කම් කරති එකත් ප්‍රශ්නයක්ය.අනේ මන්දය ආශ්චර්යයේ හැටි වෙන්නැතිය



 මේ මිනිසුන්ට ඉහත කි රැකියා කරන්නට වී ඇත්තේ ඔවුන්ගේ වරදින් නොවේය සමාජයේ වරදිනි ඔවුන් මනුෂ්‍යයෝය නැත්නම් ගෙවල් හදන්නට කවුරුත් නැති වෙන්නේය ..පොල් කඩන්නට ගොස් ලොකු ලොක්කන් ඇත පැය කඩාගනු ඇත නමුත් එසේ කල හැකි අයද සිටිය හැකිය ...මේ මිනිසුන්ගේ රැකියා වලට ගරුත්වයක් යක් දිය යුතුය මාළු විකුණන මිනිසාට කියන්නේ මාළු කාරයාය. ... පොල් ගස් නගින මනුස්සයාගේ පටන් සියලුම දෙනා අපේ රටේ සංවර්ධනයට උපකාරී වෙති..ගොඩක් කොල්ලන් ගොවිතැන් කරන්නට අකමැතිය ඒ මඩ ගැවෙන නිසාද අමුඩය ගැසීමට වෙන නිසාද කියා නොදනිමි ..එහෙත් අමුඩය ඕනා නැත ශෝටක් ගැසූ විටත් වෙන්නේ අමුඩය ගැසූ විට වෙන දෙයමය .ගොවියන් නැත්නම් අපිට කන්න වෙන්නේ හුලන්ය පිටරටවල් වල ගොවියාට ඇත්තේ ඉතා ඉහල තැනකි. එහෙත් අපේ රටේ තැන දෙන්නේ කටින්ය ගොවිතැන රජකමට සමාන කරන්නේ වචනයෙන් පමණි.. කාටත් එහෙමය...

 කාලෙකින් ලියන්නට ගතිමි ...මට උන සෑදී ඇත .



...............උන විකාරෙන් කියෝනව කියල හිතාගනිල්ලකෝ තේරෙන් නැත්නම් .............
Comments
12 Comments
Facebook Comments by Blogger Widgets

12 අදහස්:

  1. ubata hema dama una hedunanan hoda wage....

    ReplyDelete
    Replies
    1. අනේ නොදකින් ........ :පී

      Delete
  2. තේරෙන දේවල් ලියන්නේ උණ හැදුනමද මංදා...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා බං අනිත්වා තේරෙන් නැත්ද ? අයියෝ

      Delete
  3. මමත් මේ කාරයා ගැන පොස්ට් එකක් දැම්ම ඇවිත් බලන්න.

    ReplyDelete
  4. Anonymous23/1/13 13:38

    රැකියාව මොකක් උනත් එයට ගරු කරන්න අපිට පුලුවන් වෙන්න ඕනේ. ඒක සාධාරණ රැකියාවක් වීම පමණයි වැදගත්. නමුත් හුඟක් වෙලාවට බලන්නේ පිටත පෙනුම දිහා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සහෝ

      Delete
  5. සුදීක අයියගෙ බ්ලොගෙ දාල තිබුනු ලිංකුව හරහා ආවෙ.. ආයෙත් එන්නම්කො, ඉක්මන් සුවය පතමි

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා ..... සාදරයෙන් පිලිගනිමි

      Delete
  6. අද හැම දේටම පන්ති බෙදිලා. ටයි කෝට් දාගෙන ඉන්න සමහර ලොක්කන්ට(සොක්කො) පොල් ගහකට නැගල එදා වේල හොයාගන්න මනුස්සයෙක්ට තරම්වත් හිතක් පපුවක් නෑ. මොලයක් නෑ.මේ පෝස්ට් එක හරි වටිනවා. වැඩේ කියන්නෙ අවශ්‍ය අය මේව බලනවද කියන ප්‍රශ්නේ තමයි.

    පණ්ඩිත කමට නාල හොඳ වැඩේ.දැන් ඉතිං තිත්ත බෙහෙත් බොනවකෝ මූන කජු ලෙල්ලක් වගේ හදාගෙන.

    ReplyDelete
    Replies
    1. මන් සමහරු වගේ බේත් බොන්න බය නෑනේ හලෝ ......

      Delete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...