මේ
ටිකේම පාටි ගොඩයි පෙරේදා අපේ සනා බෝයි හැට්රික් එකක් දැම්ම නොවැ ඒකට ගිහින් ආව විතරයි, මාත් එක්ක ලී බිස්නස්
කරන සෝමේ අයියගේ කෙලිගේ මගුලට එන්නයි කියලා කෝල් එකක් ආව.දැන් මේ එකට ගොහින් ආව විතරයි
.මංගල්ලේ නම් ජයට තිබුන කෙලීට අවුරුදු 20ක් ඇති
මයේ හිතේ මනමාල මහත්තය නම් අවුරුදු 18ක විතර කෙලි පොඩ්ඩක් ඉන්නවලු .එත් මොකෝ ඌට
කොටි ගණන් සල්ලි තියනවා නොවැ.
ගැලපෙනවා නේ ... |
ගෙදර එනකොට 12.00 පහුවෙලා හයිවේ එක තිබුන හන්දා හොදා ඉතින්
පැය බාගයක්වත් ගියේ නෑ මගේ හිතේ ගාල්ලේ ඉදන් ගෙදෙට්ට එන්ඩ ...අපේ පුතණ්ඩිය නොවැ
වාහනේ එළවන් ආවේ..කිසි ප්‍රශ්නයක් නැතුව 200 ට විතර ආව..කොහෙද ඉතින් අපි යන වාහන නවත්තන්න කවුරුත් නෑ නොවැ ...දන්නේ නැතුවම නින්ද
ගියා විජේ අයියට ටෙන්ඩරේ අරන් දුන්නයි කියල මට තෑගි කොරපු කළුවර කවිච්චිය උඩ. මයෙ
හිතේ පැය බාගයක්වත් නිදාගන්න නැතුව ඇති මහා කාලගෝට්ටියක් පාරේ මමත් ටක් ගාල
බොඩිගාඩ්ට කතා කළා බොඩිගාඩ් කීවට ඌ මේ මගෙත් එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනල පොකට් ගහපු
එකා අට පාස් වෙන්න ඔන්න මෙන්න තියනකොට මාවත් එක්කම ඒකාවත් ඉස්කෝලෙන් දොට්ට දැම්මේ අරව
මේවා
ඉස්කෝලෙට ගෙනත් වික්කයි කියල දන්නේ නැත්ද ඉතින්, ඊට පස්සේ ඉතින් දිගටම පොකට් ජිවිතේ තමයි බජාර්
එකේ මගෙත් එක්ක ඕනෑම දෙකට බැහැපු සිරිදාසය මගේ ලගින්ම තියාගන්න ඕන හන්දා මේ ජොබ්
එක බාර දුන්න.ලගින්ම තියාගන්නත් එපයේ නැත්නම් අනිත් පක්සේ එවුන් කෙල හල හල ඉන්නේ
මුගෙන් මගේ රහස් දැනගන්න ,
“සිරිදසයෝ
සිරිදසයෝ මොකක්ද බෝල අර පාරෙන් ඇහෙන මහා කාලගෝට්ටිය ....”
“මගෝඩිස්
අයියේ මාර නස්පැත්තියක් ලෝකේ විනාස වෙනවලු මිනිස්සු සීසීකඩ දුවනවා මාලදිවයින එහෙම
සුනාමියට යට වෙලාලු ඒ අස්සේ ඉන්දියාවේ ලොකුම කන්ද මොකක්ද අයියා අර හිමාලේද මොකක්ද
එකත් කඩන් වැටෙනවලු....”
“ඉක්මනට
කතා කරපිය ලොක්කට ....”
සිරිදාසය
දඩස් ගාල කරකෙවුව අපේ ලොක්කගේ නොම්බරේ .....
“හලෝ
සෑර් මම මේ මගෝඩිස් කතා කොරන්නේ ..”
“කවුරු
කිව බොල සම්පුර්ණ නම කියහන් බලන්න ..”
“සෑර්
මේ මම සෑර් කපුටුආරච්චිලගේ ගිනිකන මගෝඩිස්
අර වැසිකිලි කටයුතු බාරව ඉන්නේ ..”
“ආ..
මට අමතක උනා ..ඕව කොහේ මතක තියාගන්නද බං කීයක් කියල ඉන්නවද හොරු මණ්ඩලේ...”
“සෑර්ට
ආරංචි වුනාද වෙන්න යන නස්පැත්තිය මෙහෙ
මිනිස්සු හොදටෝම කලබල වෙලා ....”
“මට
ඕව ආරංචි නොවී තියෙයිද මන් මේ එක තමා බලන්නේ මේ පචවාහිනියේ කොල්ලෝ ටික කියන්නේ
...”
“මමත්
ඒක නම් බැලුව සෑර් එත් ඉතින් එකේ කියන්නේ ලෝකේ විනාස වෙනවට වඩා සෑර් කොරපු මෝඩහපන්කම්
ගැන නොවෑ ....”
“නැතුව
බොල මන් උන්ව පඩි දීල තියන් ඉන්නේ ඕව කොරගන්න මිස වෙන අහවල් එහෙකටද .....”
“එකත්
ඇත්ත සෑර් දැන් අපි මේ පුරස්නෙට මක්කෙයි කොරන්නේ ....මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
කියමුද ...”
“උබට
ඕන එකක් කියාගනින් බං මොකක්
හරි ගොන් ජෝක් එකක් කරහන් එතකොට ජනතාව සේප් කොරගත්තකි . මන් මේ කල්පනා කොලේ අර හාරපුවට මොකද කරන්නේ කියල
....මාත් මදැයි පරම්පරා හතක් රජ කොරන්නයි කියල පොදි ගැහුවා ”
“අපේ
අප්පෝ සෑර් මක් කොරන්නද ඉතින් අපි ඕව ටික ආයේ වල දාමු කවද හරි මොකෙක් හරි රජෙක්
ගොඩගන්නේ නැතැයි... සෑර් මන් මේ කල්පනා කොලේ අර(කුඹුරු වැඩ වලට ) ගෙන්නාපු ලැම්බෝගිනි ටිකට මක් කොරන්නද කියල.....”
“උබ
මේ ලම්බෝගිනියක් කතා කොරනවා මන් මේ හඳ හාරලා එකේ වලවල් ටික වැඩි කොරන්න කියලා
බැලුවේ ඒ වැඩෙත් හරි යන නැති පාටයි ....”
“සෑර්
අපිවත් ඔය සුනාමියට අහු උනොත් මැරෙයිද සෑර්.....”
“එහෙම
මැරෙන එකක් නෑ බොල අපි හොද තේජාන්විත උත්තමයෝනේ එකෙනුත් විදේස ආධාරයක්වත් අවොත්
මොකක් හරි කොරන්න බැරියැ.... කොලුවට බිත්තර සෙල්ලම් කොරන්න මාලිගාව
ඇතුලේ තණකොළ පිට්ටනියක්වත් හදාගන්න බැරියෑ....”
“සෑර්
ඉතින් ඔය සුනාමියට සේරම මලාට පස්සේ අපිට ආධාර දෙන්න ඒක රටකවත් ඉතුරු වේයිදෑ... අනේ
මන්ද ඉතින් මේ මගේ පොඩි මොලේ වගේ නෙවෙයිනෙ අපේ සැර්ගේ මොලේ ලොකුයිනේ ...”
“ඉතින්
බොල එහෙම උනොත් මේ ලෝකෙම අයිතිකාරයා මම වෙනවනේ
බොට ඒකවත් තේරෙන් නැතෙයි ලෝකය නැගුම කියල පටන්ගන්නවා ප්‍රොජෙට් එකක් අගහරු
ලෝකෙන් එහෙම හම්බෙයිනේ රත්තරන් .......”
“සෑර්
ඉතින් .......”
මන්
පඩි වදනක් කියන්න හදද්දිම ලයින් ඒක කට් විය ..... පේන හැටියට සුනාමිය මෙහෙටත්
ඇවිල්ල වගෙය නැත්නම් අපේ කෝල් කොම්පැනියෙන් මන් ගන්න කෝල් ලේසියෙන් කට් වෙන් නැත ..ලොක්ක
පඩිය වගේ කියෙවුවට සැත්ත පෝච්චි උනාද මන්දය .....
ලොක්කාට
කතා කොර මහා වෙලාවක් ගියේ නැත පොලව නිකන් හෙල්ලෙනවා වගේ දැනුනි සිරිදාසයා සරම කරේ තියාගෙන දුවන් ආවේ කෑගසමිනි
කියමිනි
මම දැඩි බිඩි ගා පහලට බැස්සෙමි ....”
අහෝ
දුකකි කකුල පැටලී වැටුනෙමි මල මගුලයි නැගිටගන්නට බැරිය සිරිදාසයා දුවලත් ඉවරය....
ගේ කඩා වැටෙන්න ඔන්න මෙන්නය මෙවන් බොඩි ගාඩ්ලා මොකටද කියා සිතුනේය .... මන් ඇස් වහ
ගත්තේ වහලය කඩා වැටෙන සද්දය අසුන නිසාය. එකෙනෙහිම දඩෝන් ගා මගේ ඔලුව හැප්පුනි... මම බුදු අම්මෝ කියා කෑ ගැසුවෙමි.
මල
මගුලකි මට පෙරේතය පොලේ ගැහුවා වගේ නින්දක් ගොස් ඇත. මන් ඇස අරින විට සිටියේ ඇද යටය.
ලෝකේ විනාස වී නැත.ජනේලෙන් ඔලුව දා බැලුවෙමි ලැම්බෝගිනි ටිකද දිලිසි දිලිසි
මිදුලේය .ලොක්කගේත් මගෙත් බලාපොරොත්තු ඉස්ට කර ගත හැක... ලොක්කට කියල හඳෙන් ඉඩන්
කෑල්ලකුත් ඉල්ලාගත හැක හදට එන සුද්දන්ට බත් පැකට් විකුණා හොද ආදායමක්ද ගත හැක .....
මගෝඩිස් තුමාගේ කතාවකින් නැවත හමුවෙමු .........................................................................................................................................................................
ඔන්න කියවනවා නම් කතා.
ReplyDeleteශ්‍රී ලාංකේය මගෝඩිස් තුමාලා වෙත කෙරෙන වීවෘත ආරාධනයයි. එන්න දුම් කවුළුවට.
නියමයි හොඳේ. ජය වේවා.....
ළඟදීම මගෝඩිසාගේ තවත් කතාවක් කියවන්න ලැබේවා.......
මෙන්න මම එක වෙලෝ......
Deleteඅපේ අප්පෝ ඔවුන් මේකට අවොත් මාව අන්තරස්දහන් වෙයි
Deleteතැන්කු හොදේ එක වුනාට
Deleteඅනේ ඉතින් එහෙම අතුරුදහන් කොරනවා කියල කී දෙනෙක් නම් අතුරුදහන් කොරන්ටද මං අහන්නේ??????????
Deleteඒ කතාව නම් ඇත්ත නේ
Deleteකියන්න ඕන දේ හරියටම කියලා තියනවා. වදින්න ඕන තැනට හරියටම වදින්න.
ReplyDeleteකියන්න තියෙන්නේ... හොදටම හොදයි.
සුබ පතනවා... තවත් මේවගේ ඒවා ලියන්න. ඇරිච්ච නැති ඇස් අරවන්න.
තැන්කු හොදේ ඕව අරවන්න ගොහින් මොනවා වෙයිද මන්දා තව මේ වගේ කතා ඉස්සරහට බලමුකෝ
Deleteඑහෙනම් ගයාන් කොලුවත් සුදු පාට ලම්බෝගිනි එකක යන්න වගේ හදන්නේ! :P
ReplyDeleteබලමුකෝ එහෙම වෙයිද කියල
Deleteඋඹ ඕන තරම් මේ වගේ ඇත්ත කතාකරල කතා ලියහන්.අපෙන් ෆුල් සපෝර්ට් එක.එත් මේ නාඩිය සහෝදරයා කියනවා වගේ සුදු ලම්බෝගිනි අවොත්නම් මන් උඹව අදුනන්නේ නේ ඔන්(එහෙම කීවට එනවා හරිද)
ReplyDeleteඑල එල උබ ගැන මන් දන්නවනේ
Deleteනියමෙටම ලියලා තියෙන්නේ.
ReplyDeleteතැන්කු ...
Deleteela ela macho
ReplyDeleteසිරා පොස්ට් එක බං...
ReplyDeleteහික්..හීනයක්ද මේ..
ReplyDelete