Monday, November 12, 2012

මනුස්සකම හා උදවු කිරීම ............


ඔන්න ගොඩ කාලෙකට පස්සේ ගයියා ආයෙත් ලියනවා .....අනේ මන්ද මේ ටිකේ ලියන්න දේවල් තිබුනත් ලියන්න හිතුනේ නෑනේ ..බ්ලොග් එක නවත්තල දාන්නත් හිතුනා ඒ වගේ ජාතික අපරාදයක් කරන්නේ කොහොමද ඉතින් ඔන්න ඉතින් නැකත් බල බල උන්නේ නෑ ආයෙත් ලියන්න ගත්තා මොන මොනවා හරි පිස්සු ටිකක් ....ඒ වුනාට මොනවා ලියන්නද කියන එක තම ප්‍රශ්නේ ලියන්න දේවල් ගොඩයි ඒ වුනාට ඒ ලියන දේවල් මට සෙට් වුනාට සෙට් නොවෙන කොටසකුත් ඉන්නවනේ එක ඉතින් ලෝක සොබාවෙනේ කැමති අය බලපුවාවේ කියල ලියන්නම්කො කමෙන්ට් නම් නැතුවත් කමක් නෑ ...කමෙන්ට් එකක් දැම්මම පොඩි කික් එකක් එනවා තමයි ඒ වුනාට කියෝන එකම මදැයි නේද ...කැමති කට්ටිය කමෙන්ට් එකක් දාලා ගියත් කමක් නෑ ඉතින් මාසෙකට විතර කලින් ලියන්න උන්න එකක් තමයි මේ.ඔන්න ඉතින් මගේ යාලුවෙක් කියපු කතාවක් තම මේක යාලුවෙක් කිවේ අර අර කිලෝ ගානක් බර කැමරාවක් තියන කෙනා ...අර කතරගම කතාවේ උන්නේ අන්න එයා තමා කිවේ....







          මේක වෙලා තියෙන්නේ මිට මාස දෙකකට විතර කලින් ඒ කියන්නේ සැප්තැම්බර්  වගේ තමා කිව විදියට ආරංචි වෙන්නේ .අපේ මේ පොටෝ මෑන් ගේ සංගමේ අය ගිහින් තියනවා හෝර්ටන් තැන්නට පොටෝ ගහන්නයි කියල....... මේ කට්ටිය ඉතින් වැඩේ කොරන් එන අතරේදී මෙයාල දැක්කලු සංචාරකයෝ කට්ටියක් එක තැනක වෙලා ඉන්නවා එක්කෙනෙක් බිම ඉදන් ඉන්නවා දැකල . ...ලං වෙලා බලනකොට තමා දැකල තියෙන්නේ ගෑනු කෙනෙකුගේ කකුලක් කැඩිලා. ඇවිදගන්න බැරි හන්ද මේ අය එයාව උස්සන් එන්න හදනවලු ඒ වැඩෙත් හරි ගිහින් නෑ .මෙයාල අයර්ලන්තෙන් ආව කට්ටියක්ලු  කාටවත් කෝල් එකක් අරන් කියන්නවත් සිග්නල් එහෙම තිබිල නෑ  ලොකුම ප්‍රශ්නේ මෙයාල කතා කරන්නේ කැඩුන ඉන්ගිරිසිලු මක් කොරන්නද ඉතින් අපේ අයත් පුළු පුළුවන් විදියට තේරුම් කරලා දීල මාරුවෙන් මාරුවට උස්සන් ආවලු . අපේ මේ පොටෝ මෑන් ගේ කට්ටිය ඒ අයට උදවු කරලා එයාව අරගෙන එන්න කොහෙම හරි පැයක් විතර උස්සගෙන  ඇවිත් තියනවා මෙයාලගේ කෙනෙක් ඉක්මනට ඉක්මනට එහෙ ඔෆිස් එකට ගිහින් වාහනයක්  අරන් ඇවිල්ල.අන්තිමේදී ඒ අය මෙයාලට නොසහෙන්න ස්තුති කරලා තියනව.
හැම දේම සල්ලි වලට යට වුන අපේ රටේ තාමත් මනුස්සකම තියනවා කියල ඒ ය පෙන්නපු ඒක ගැන ආඩම්බර වෙන්න ඕන.අපි උනත් වෙන රටකට ගියාම උදවුවක් ඉල්ලන්න කවුරුත් නැති වෙනවනේ...
            කාට හරි උදවුවක් ඕන උනාම ඉල්ලීමක් නැතිව උදවු කරන මිනිස්සු ,උදවු ඉල්ලුවත් නොදෙන මිනිස්සුත් ඕන තරම් මේ රටේ ඉන්නවනේ

 පාරේ යනකොට ඇක්සිඩන්ට් වුන මනුස්සයෙක්ව ඉස්පිරිතාලෙකට තමන්ගේ වාහනේ දැන් යන්න ඉදිරිපත් වෙන්නේ කීයෙන් කී දෙනාද ගොඩක් අය කරන්නේ තමන්ගේ ජංගම දුරකතනේ අරන් ඒක ෆොටෝ ගහන ඒක නේ...මනුස්සයෙක් පාරක මරණාසන්නව උන්නත් බලන් නැති අය ඉන්නවනේ අනේ මන්ද මුන් කවදාවත් මැරෙන් නෑ කියල හිතන් ඉන්නවද කියල ඉතින් සමහර විට ඒක උදවුවකින් ඒ මනුස්සයාගේ ජීවිතේමබේරෙන්න ඉඩ තියනවා...කාට හරි උදවුවක් කල කියල අපේ ඇගෙන් කැල්ලක් යන්නේ නැනේ මොකෝ බිම වැටුන මනුස්සයෙක්ට අත දුන්න කිඅල අපේ අත ගෙවෙනවද එහෙම ගෙවෙනවා කියල හිතන් ඉන්නවා නම් ඒ අය මිනිස්සු නෙවේ නේ


,අනිත් ඒක කට හරි උදවුවක් කලාම හිතට දැනෙන හැගීම වෙන මොන දෙකින්වත් ලැබෙන්නේ නැහැනේ මමත් මේ බක පණ්ඩිතය වගේ කියෙව්වට සමහර වෙලාවට මටත් හිතෙනවා අනේ මට ඒ මනුස්සයට උදවුවක් දෙන්න තිබුන නේද කියල එත් මන් නම් පුළුවන් හැම වෙලේම උදවු කරන්න බලනවා.එහෙම නැති වෙලාවලුත් නැතුවම නෙවේ එත් එහෙම කලේ නැත්නම් හිතට හරි මදි .
එත් කවුරු හරි කරන උදවු වලින් අයුතු ප්‍රයෝජන ගන්න අයත් ඕන තරම් ඉන්නවා තමන්ගේ අසනීප ගැන එහෙම කියල බස් වලට නැගල කියා කියා හරි එකතු කරන් බීල බීල පාරේ වැටෙන අයත් මන් නම් දැකල තියනවා ....
ඔන්න එහෙනම් අදට ඇති ආයේ දිගටම ලියනවා කියල තමා හිතාගෙන නම් ඉන්නේ බලමුකෝ .....
ආ කියන්න අමතක වුනානේ යේ මන් මේ බ්ලොග් එකේ සොෆ්ට්වෙයා ගැන පොස්ට් දන්නේ නෑ හොදේ මන් එකට වෙනම බ්ලොග් එකක් හැදුව එකටත් යන්නකෝ මෙතනින්
අ මේ ෆොටෝ ටිකයි කතාව ගැනයි කිවේ ලහිරු එයාගේ පොටෝ පේජ් එකටත් ලයික් එකක් දාන්න  
Comments
5 Comments
Facebook Comments by Blogger Widgets

5 අදහස්:

  1. අරලිය මලෙත් කිරි තියනවා වගේම හොඳ මැද්දේ නරකත්,කන්තාරේක ක්ෂේම භූමියක් වගේ නරක මැද්දේ හොඳත් තියනවා සහෝදරයා......අදට ගැලපෙන කතාවක් ලියල තියෙන්නේ.එලම තමා.
    (p.s මේක ඔන් comment 1ක් එහෙම නෙවේ)

    ReplyDelete
  2. නියම කතාව බන් ... ඇත්ත කතාව

    ReplyDelete
  3. ‍කා‍ලෙ‍ක‍ට ‍පස්‍‍සෙ ‍ලි‍යන්‍‍න ‍ගත්‍‍ත‍ට ‍මො‍ක‍ද ‍ගො‍ඩක්‍ ‍ව‍ටි‍න ‍අ‍ද‍ට ‍ගැ‍ල‍පෙ‍න ‍ඇත්‍‍ත ‍ක‍තා‍වක්‍ ‍ලි‍ය‍ල ‍ති‍යෙන්‍‍නෙ. ‍හැ‍මෝ‍ට‍ම ‍හි‍තන්‍‍න ‍දෙ‍යක්‍ ‍ති‍යෙ‍න‍ව. ‍ජ‍ය ‍වේ‍වා.

    ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍දි‍ග‍ට‍ම ‍ලි‍ය‍මු ‍නේ‍ද?????????

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හොද කතාවක් දිගටම ලියමු ජය...!

    ReplyDelete

මං ලියපු දේ ගැන ඔයාලට හිතෙන දේ කියල යන්නකෝ...

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...