Monday, August 27, 2012

යාත්‍රා 3


විශ්ව ඔහු සිටි  තැනින් නැගිට්ටේය.සිය වාහනය වෙත ගිය ඔහු තම පරීක්ෂණාගාරය වෙත ගමන ආරම්භ කළේය.වහනය ස්වයංක්‍රීය ධාවනයට යෙදවූ ඔහු ජංගම දුරකථනය අතට ගෙන කෙටිපනිවිඩය පිලිබදව කල්පනා කළේය.
                “කවුද මේ වගේ වැඩක් කරන්න ඉන්නේ .....”
ඔහුට යන මගෙහි යම් වෙනසක් පෙනුනි.රථය ගමන් කරමින් තිබුනේ වෙනදා යන මගෙහි නොවිය.ඔහු නැවත මාර්ගය සකස් කිරීමට තැත් කලත් එය සාර්ථක නොවිය.වාහනය ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලය ලග නතර විය.යාත්‍රා හි ප්‍රධාන පරිගණකය පිහිටුවා තිබුනේ මෙම ගොඩනැගිල්ලෙහිය. ආරක්ෂක කවුන්සිලයේ රාත්‍රී සේවයේ යෙදෙන ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වාහනය දැක එය දෙසට ආවෝය.රියදුරු අසුන දෙස බැලු එක නිලධාරියෙක් විශ්වව හදුනාගත්තේය.

මේ කවුරු කියලද හිතන්නේ........






Description: Click here to join nidokidos


මේ කවුද කියලා දන්නවද ...... 

.
.
.
,
,
,
,
,
,

Monday, August 20, 2012

යාත්‍රා 2 කොටස


         විශ්වට අමුත්තක් දැනුනි.අංකයක් නොමැතිව කෙටි පණිවිඩයක් එවීම ඒ තරම් දෙයක් නොවුවත් ඔහු එයින් කලබල වී තිබුණි.
            “විශ්ව ඇයි මේ ,ඔයාට මුකුත් ප්‍රශ්නයක්ද?”
විශ්ව එක වරම වෙනස්වනු දුටු දිනුරි ඔහුගෙන් විමසුවාය.
            “අනේ මන්ද දිනු, මේක ටිකක් බලන්න.”
විශ්ව ඔහුට ආ කෙටිපනිවිඩය දිනුරිට පෙන්නුවේය .
            “අයියෝ,මේක කාගේ හරි විහිළුවක් වෙන්න ඇති, ඒ ගැන වැඩිය හිතන්න එපා..”
  උත්සවය නිමා විය.පැමිණ සිටි සියලු දෙනාම පිට වෙමින් සිටියහ.ඒ අතර ශාලාවේ සවිකර තිබුණු ආරක්ෂක කැමරාවක් දෙස විශ්වගේ ඇස ගියේය.එය ඔහු වෙතට යොමුවී තිබුණි.ඔහු එය ඒ තරම් ගණන නොගත් නමුත්  තවත් කැමරාවක් ඔහු දෙස බලා සිටින බව දුටු විට ඔහු සවිකරතිබු සියලු කැමරා දෙස බැලුවේය.
            “දිනූ මේකේ තියන හැම කැමරාවම අපි දිහා බලන් ඉන්නේ,මේක අද හරි අමුතුයි.”
“කෝ විශ්ව මට නම එහෙම දෙයක් පේන්න නෑනේ”
ඔහු නැවතත් බලන විට සියලු කැමරාවන් එක එක අතට හැරවි තිබුණි.

ඕනෑම සයිට් එකක් offline browse කරමු


ඔන්න අද පලවෙනි වතාවට දුම් කවුළුවෙන් ගොඩක් අයට වැදගත් වෙන මෘදුකාංගයක් දෙන්න තමයි හදන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ හැම තිස්සෙම නෙට් යන්න බැරි අයට..අපි හිතමුකෝ මොනවා හරි lesson ටිකක් තියන සයිට් එකක් තියනවා කියල...එහෙම තියන සයිට් එකකට නෙට් නැති කට හරි නිතරම ගිහින් බලන්න බෑනේ.. මේක ඒකට හොද විසදුමක්,මේකේ නම WinHTTrack Website Copier මේකෙන් පුළුවන් අපිට අවශ්‍ය අඩවියක් එහෙම පිටින්ම අපේ දෘඩ තැටියේ සේවේ කරගන්න,කරගෙන පස්සේ වෙලාවක offline browse කළහැකි. කරන්න තියෙන්නේ අදාළ අඩවියේ ලින්කුව ඇතුල් කරන ඒක විතරයි.මේක Internet Download Manager වල තියන Site Grabber එකටවඩා හොදයි මං හිතන විදියට.

Thursday, August 16, 2012

යාත්‍රා -1 කොටස


ඒ 2021 වසරේ මැද භාගයයි.මිනිසාගේ සියලු කටයුතු නව තාක්ෂණයට භාර වී තිබුණි.උදේ අවදි වූ මොහොතේ පටන් තම කටයුතු පහසු කරගැනීම සදහාද,නින්දට යන තෙක්ද, නින්දේදී මනස පාලනය කිරීම සදහාද පරිගණක තාක්ෂණය යොදා ගැනුනි.පසුගිය වසර දහය තුලදී තාක්ෂනය කොතරම් දියුණු වුවේද යත් පරිගණකයේ සියලු කටයුතු රැහැන් රහිත තාක්ෂනය මගින් සිදු වූ අතර පුද්ගලික පරිගණක වලට තිරයක් තිබුනේ නැත.තිබුනේ උපැස් යුවලක් වැනි උපාංගයකි.තම සාක්කුවේ ඇති කුඩා මධ්‍ය සැකසුම් ඒකකය ක්‍රියාත්මක කර උපැස් යුවල පැළදු විට පරිගණක තිරය ඒ ඔස්සේ දර්ශනය විය දත්ත ඒ තුලට ඇතුල් කිරිමට හා වෙනස්කම් කිරීමට අවශ්‍ය වුයේ සිතුවිලි පමණි.වාහනයක් පණගැන්වීමට යතුර වන්නේ අයිතිකරුගේ අගිලි සලකුණ හා ඔහු සතු රේඩියෝ ටැගයකි  වසර ගණනකට පෙර මෙන් ආරක්ෂාව පිළිබද ගැටළුද මතු නොවුනි.ආරක්ෂාව පිළිබද කටයුතුද පරිගණකකරණය වී තිබුණි.කිසිවෙකුටවත් හැදුනුම්පත් නොවීය.ඒ වෙනුවට ඇත්තේ ඔවුන්ගේ සිරුරට සම්බන්ධ කල රේඩියෝ ටැගයකි.එහි එම පුද්ගලයාගේ ලේ වර්ගය,පවුලේ තොරතුරු පවා සදහන් විය.සොරකම් ද සිදු වුයේ ඉතා අඩුවෙනි.මිනි මැරුම් සිදු නොවූ තරම්ය.සාමකාමිව සියලු දෙනා ජිවත් වුනි.මාර්ග සංඥා පවා ක්‍රියාත්මක වුයේ පරිගණක මගින් වන අතර  මාර්ග අනතුරුද සිදු නොවුනි. මිනිස් මොලය හා පරිගණකය අතර සෘජුවම සම්බන්දකම් පැවැත්විය හැකි ආකාරයේ උපකරණයක් නිර්මාණය කිරීමට පුරෝගාමිත්වය ගත්තේ මහාචාර්ය එස්.රණවීර ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමයි.ඔහුගේ පුතා වන මහාචාර්ය විශ්ව රණවීර ට කණ්ඩායමේ දෙවන තැන හිමිවී තිබුණි.  

Saturday, August 11, 2012

තණ්හා ආශා....


මේක බැලුවම ගොඩක් අයට හිතෙයි ගයියට පිස්සු කියලා.කොහොමත් ටිකක් පිස්සුනේ.ඉතින් කවද හරි හිතිලා තියනවද මේ ලෝකේ ඉන්නේ මම විතරයි නම් කියල.දැන් සමහරුන්ට හිතෙයි පට්ටයිනේ මට ඕන දෙයක් කරගෙන ඕන විදියකට උන්නහැකි කවුරුත් උදලු දාන්න එන් නැනේ කියල.ටිකක් හිතන්න මොකක් හරි සිදුවීමකින් ඒක පුද්ගලයෙක් විතරක් මේ ලෝකේ ඉතුරු වෙනවා කියල. මුළු ලෝකෙටම ඉන්න එකම මනුස්සය ඒ පුද්ගලයා වුනොත්.?ලෝකේ තියන හැම භෞතික දෙකටම අයිතිය ඒ මනුස්සයට ලැබෙනවා.එහෙම වෙලා වැඩක් තියනවද?. ඒ මනුස්සය ආස කරපු හැම භෞතික දෙයක්ම ලබාගන්න පුළුවන් වුනත් වැඩක් තියනවද.ඒ මනුස්සය තනි වුනාම ලෝකේ තියන ඕනෑම සම්පතක් පාවිච්චි කරන්න පුළුවන් එයාට විතරයිනේ.වැඩක් නැනේද එහෙම.කාට පේන්නද කරන්නේ.

Friday, August 10, 2012

ඇහැද?? කණ(න) ද??

අපේ ඇහැයි කණයි තියන තැන් මාරු වුනොත් අපි මොන වගේ ඉදීවිද .අනේ මන්ද නේද?පිටසක්වලයෙක් වගේ ඉදී. බොහොම පරික්ෂා කාරීව වැඩ කරන අපේ රටේ සිද්ද වෙච්ච දෙයක් තමයි මේ කියන්න යන්නේ. තව මේ වගේ සිද්ධි ලංකාව පුර ඕන තරම් වෙනවා ඇති .මේක ගම්පහට ලග පලාතක වෙච්චි දෙයක් හරියටම කියනවා නම් වෙදික්කරය ඉන්න කැලෑව පැත්තේ ඊටත් ටිකක් එහායින් තමයි වෙලා තියෙනේ.ඒ පැත්තේ තියනවලු ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් තිබුනලු.තවමත් තියනවලු.

Friday, August 3, 2012

ගමේ ළමයිගේ විභාගේ...

සිහින පුරවරේ වෙච්චි කතාවක් තමයි මේ කියන්න යන්නේ  මේකේ වෙච්ච කතා දෙකක් වෙඩික්කරුයි සැමා අයියයි දාල තිබුන.මේකත් ඒ ගමේ වෙච්චි සිද්දියක්ම තමයි.ඕන දැන් ග්‍රාමසේවකගේ ගමේ වැඩ බලන්න එක එක අංශයට එක එක්කෙනා ගානේ යාලුවන්ට බාර දීලලු තිබුනේ.සමහර යාලුවෝ හොද සල්ලිකාර මුදලාලිලලු.යාලුවෝ කට්ටිය ඔක්කොම බර තොගයක් ඉන්නවලු .කොටින්ම කිවොත් ගමේ වැසිකිළි ගැන බලන්නත් එකෙක්ට බාර දීලලු තිබුනේ පාරවල් ගැන බලන්නත් කෙනෙක් උන්නලු කොයි තරම් කට්ටිය උන්නත් හරියට ඒවා ගැන බැලුවේ නෑලු.

Wednesday, August 1, 2012

ShareThis

Related Posts Plugin for WordPress, Blogger...