විශ්ව ඔහු සිටි
තැනින් නැගිට්ටේය.සිය වාහනය වෙත ගිය ඔහු තම පරීක්ෂණාගාරය වෙත ගමන ආරම්භ
කළේය.වහනය ස්වයංක්‍රීය ධාවනයට යෙදවූ ඔහු ජංගම දුරකථනය අතට ගෙන කෙටිපනිවිඩය පිලිබදව
කල්පනා කළේය.
“කවුද මේ වගේ වැඩක් කරන්න ඉන්නේ .....”
ඔහුට යන මගෙහි යම් වෙනසක් පෙනුනි.රථය ගමන් කරමින්
තිබුනේ වෙනදා යන මගෙහි නොවිය.ඔහු නැවත මාර්ගය සකස් කිරීමට තැත් කලත් එය සාර්ථක
නොවිය.වාහනය ගොස් ජාතික ආරක්ෂක කවුන්සිලය ලග නතර විය.යාත්‍රා හි ප්‍රධාන පරිගණකය
පිහිටුවා තිබුනේ මෙම ගොඩනැගිල්ලෙහිය. ආරක්ෂක කවුන්සිලයේ රාත්‍රී සේවයේ යෙදෙන
ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් වාහනය දැක එය දෙසට ආවෝය.රියදුරු අසුන දෙස බැලු එක
නිලධාරියෙක් විශ්වව හදුනාගත්තේය.